(මනෝප්රිය ගුණසේකර )
මීට වසර 26 ට පෙර මාලිගාවත්ත ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඔහු ගෙල පැළැදි රන් මාලය කොල් කා පලා යාමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මරණීය දණ්ඩනයට අමතරව වසර 10 කදී වසර 40 ක සිර දඬුවම් නියම කර ඒ වසර 10 කාලයක් තුළ ගෙවී යන පරිදි ක්රියාත්මක කිරීමටද නියෝග කළ විනිසුරුවරයා රුපියල් 40000 ක දඩයකටද ඔහු යටත් කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ මීගමුව කොච්චිකඩේ පදිංචි මලිත් ද සිල්වා නැමැත්තකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමැරුමකට මෙතරම් ඉක්මණින් තීන්දුවක් දීම ගැන අපි ආඩම්බර වියයුතුයි. ලෝකයේ සියලු රටවල් අපේ රටේ නීතිය ක්රියාත්මක වීමේ ක්රමය ගැන ආදර්ශයක් ගත යුතුයි. ඒ වගේම මරුණු පුද්ගලයාටම නැවත ඉපදී, නීතීඥයෙකු වී තමන්ගේම නඩුවට පෙනී සිට සාධාරණයක් කරගැනීමට සාධාරණ කාලයක් ගරු අධිකරණය විසින් ලබාදී තිබෙනවා.
ඔය තියෙන්නේ නඩුවක් ඇදෙන කාලය ගැන හොඳ නිදර්ශනයක්... දේශපාලන දූෂිතයින්ට දඬුවම් දෙන්න වෙන්නෙත් ඔහොම්ම තමා. ආණ්ඩු නම් කීයක්ද ඉතින්?
ලංකාවේ අධිකරණ පද්ධතිය කොතරම් අකාර්යක්ෂම හා අසංවිධානාත්මකද කියා පැහැදිලි වන කාරණයක් මේක... මෙහි වාසිය ඇත්තේ නීතීඥවරුන්ට පමණයි. නඩුවක් වසර විස්සක් තිස්සේ ඇදගෙන යාමෙන් නිවසක් සාදා වාහනයක් මිලදීගෙන දරු මල්ලන්ට උගන්වා අවසන් කරනතුරු නඩුව පැවතීම නිසා පරම්පරාවක්ම ගොඩ...