නවදිල්ලිහිදීය (එන්.ඩී.ටීවී)
ප්‍රබල සුළි කුණාටුවක් උතුරු ඉන්දියාවට දෙසට කඩා වදිනු ඇතැයි අනතුරු අඟවා දින කිහිපයකට පසු අද, ඉරිදා (13) එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදුණේය. දූවිලි කුණාටුවෙන් පසු ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 70ත් අතර අගයක් ගත් බව ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනය කළේය.
දූවිලි කුණාටුව සහ ධාරාණිපාත වර්ෂාව නිසා ගුවන් යානා 40ක් පමණ හරවා යෑමට සිදු වූ බව ‘ඒ.එන්.අයි’ පුවත් සේවය වාර්තා කර තිබූ අතර නවදිල්ලියේ ‘ඉන්දිරා ගාන්ධි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු පැය කිහිපයකට නවතා දැමීමට ද සිදුව තිබිණි. දිල්ලියේ දුම්රිය ගමන් ද නවතා දමා තිබූ අතර මේ වනවිට දුම්රිය ගමන් යථා පරිදි සිදුවන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
ප්‍රබල සුළි කුණාටුවක් හමා යනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය පසුගිය සතියේදී ප්‍රාන්ත 13කට අනතුරු ඇඟවීය. නවදිල්ලි නුවර, චන්දිගාර් සහ හර්යානාහි පාසල් වසා දැමීමටත් අමතර පොලිස් කණ්ඩායම් සහ හදිසි සේවා සීරුවෙන් තැබීමටත් ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සව්දි කාන්තාරයෙදී මට මේ අත්දැකීම කීප වතාවක් ලැබුනා. කුණාටුවට අසුවූ පළමු වතාවේ කුනාටුවත් සමග වේගයෙන් පැමිණි කුඩා ගල් කැබලි වැදී මගේ ලෑන්ඩ්ක්රූසරයේ පිටුපස වීදුරුව කැඩී ගොස් වාහනයේ පිටුපස කොටස වතුරෙන් පිරීගියා. ඒවා අපූරු අත්දැකීම්. මෙය සිදු වුණේ 1992 ජී.පී.එස් මැනුමක් කරන අවස්තාවක.