රංජන් කස්තුරි
නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දිගින් දිගටම මූල්‍ය අක්‍රමිකතා සිදුවන බවට ‘ලක් විජය සුරැකීමේ එකමුතුව‘ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකට පැමිණිල්ලක් කර තිබේ.
ලක් විජය සුරැකීමේ එකමුතුව එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ බලධාරීන්ටද දන්වා ඇති අතර එම බලධාරීන් ලක්විජය සුරැකීමේ සංවිධානය සමඟ හෙට (14) සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
ඒ අනුව නොරොච්චෝල විදුලි බලාගාරයේ බලස්ථාන කළමනාකාර පී ඉන්ද්‍රසිරි මහතා සහ එම සංවිධානයේ සමාජිකයන් අතර හෙට පස්වරුවේ එම විශේෂ සාකච්ඡාව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසේ සිට පාදාන්තය දක්වා දුෂණයේ පිරුණු ආයතනයක එක් බලාගාරයක පමණක් අක්‍රමිකතා සෙවීම විහිළුවකි. මේ රට කිසිදා ගොඩ යන්නේ නැත.
මේ රටේ කොහෙද වංචාව, දුෂණය , අල්ලස අක්රමිකතාවන් රජ නොකරන්නේ අද? ඒ අතින් අපේ රට හරිම දියුණු වෙලා.
නොරෙච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ සිටම වංචා තමයි වුනේ... මැෂින් පවා පරණ ඒවා ගෙන්නුවේ. අපේ සීයට 10යි ලොක්කා කිව්වලු, එතකොට මේ අය මීයෝ වගේ හිටියේ...