(ප්‍රසාද් මුතුකුඩ)
‘ඉන්ධන ලබා ගැනීමට රජය ලබාදුන් සහනාධාර කූපන්පත රැගෙන ගියත් එය ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ගන්නා ලෙසට සමහර ඉන්ධන හිමියන් පවසනවා’ ධීවරයා මෙම තත්වයට පත්කිරීම පිළිබඳව රජය වගකිව යුතු යැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා (14) මීගමුව පිටිපනදී පැවසීය.
“ රජය ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ධීවරයින් හම්බන්තොට දී විරෝධය පළකීරීම රාජ්‍ය ඇමැතිවරයෙක් එය පාහර වැඩක් හැටියට පසුගිය දා දක්වා තිබුණා. අපි අහනවා රජය ඉන්ධන මිල වැඩි කිරීම මොන වැඩක්ද කියලා අද සමස්ත ජනතාව ඇතුළු ධීවරයාටද මේ පීඩාවට ලක්වෙලා ධීවරයා හුළං බොන තත්ත්වයට පත්වෙලා.
සුළු පන්න බෝට්ටුවකට දිනකට ඉන්ධන ලීටර් 25 - 30 පමණ වැය වෙනවා. භූමිතෙල් 130% මිල ඉහළ ගිහින් මේ අනුව දිනකට රුපියල් 1500 පමණ අමතර පිරිවැයක් දැරීමට ධීවරයාට අද සිදුවෙලා ඩිසල් , පෙට්රරල් මිළ ඉහළ ගිහින් මේ රටේ කැබිනට් මණ්ඩලය වැඩිකරන කොට සූත්‍රය තියෙන්නේ විද්‍යාත්මක තත්වය තියෙන්නේ තෙල් මිල වැඩි කිරීම ද කියා අපි ආණ්ඩුවෙන් අහනවා යැයි රත්න ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් මීගමුව ලෙල්ලම ධීවර තොටුපළ තුළ දී කළු කොඩි ඔසවා අත්සන් ව්‍යාපාරක් ද පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර තෙල් මිල අඩුවුණා කියල මාලු මිල අඩුවුණේ නැහැනේ ? ඔහොම සහනාධාර දෙන්න අවශ්‍ය නැහැ , හැමදාම ධීවරයන්ට ගොවියන්ට සහනාධාර දීම තුලින් පාරිභෝගිකයාටත් ධිවරයට හෝ ගොවියාට දීර්ඝකාලීනව ඇති වෙන සෙතක් නැහැ, රජය කල යුත්තේ කාර්ගිල්ස් වැනි පුද්ගලික සමාගම් , සතොස සමග එකතුවෙලා ගොවියන්ගේ සහ ධීවරයන්ගේ එකවර ලැබෙන විශාල අස්වැන්න ගබඩා කිරීමට ශීතාගාර ගබඩා වැනි පහසුකම් ඇතිකර රටපුර ඒවා බෙදාහැරීමට ජාලයක් ඇති කිරීමත් , කෘෂි කාර්ම නිලධාරීන් හරහා ඉදිරි කන්න වල භෝග වගකිරිමේදී විව්ධත්වයක් ඇතිවන පරිදි කටයුතු කිරීමත්ය. රටේ මහා ආණ්ඩුවේ ධිවර ඇමති කෙනකු සහ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් සිටිති , හැම පලත්සභාවකම දෙන්නක් සිටිති , කෘෂිකර්ම අමතිලද තත්වයද එහෙමය , ඔවුන් යටතේ රජයෙන් පඩි ගන්න නිලධාරින්ද රොත්තක් සිටිති මොවුන් නඩත්තුවට මසකට රුපියල් කෝටි ගනන්නක් වියදම් කරනවා , නමුත් නිෂ්පදහ ගබඩා කරන්න ගබඩා පහසුකම් පහුගිය කාලය තුල ඇතිකර නැහැ.
සහනාධාර දෙන්න හැමදාම බැහැ. ඕනේ නම් මාළු මිල වැඩි කරන්න. දැන් මාළුමිල හොඳටම අඩුයි.
කවදාවත් මේ ගොල්ලන්ට ලැබුණු සහනයකින් පාරිභෝගිකයින්ට වාසිය දුන්නේ නැහැ.
ධීවරයන්ට විතරක් සහනාධාර දෙන එක අසාධාරණයි, ගොවියෝ කුඹුරු වැඩට භාවිත කරන ට්‍රැක්ටර් දුවන්නෙත් ඉන්ධන වලින්, අපිත් රස්සාවට යන යතුරුපැදිය දුවන්නෙත් පෙට්‍රල් වලින්, දැන් බස් ගාස්තුත් වැඩි කරනවලු එහෙම නම් රැකියාවට යන අපි හැමෝටම සහනාධාර දෙන්න