(ඩයනා උදයංගනී)
ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති 26 හැවිරිදි ක්‍රිඩකයෙකි. හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයකු වන බෙට් තෝමස් රීඩ් නැමැත්තාද මෙසේ රෝගී වී මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
සුහද රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක් සහ පුහුණුකරුවෙක් ඉකුත් 10 වැනි දා මෙරටට පැමිණ ඇත.
එම තරඟාවලිය කොළඹ ප්‍රදේශයේ ක්‍රිඩාංගණයක (සී.ආර් ඇන්ඩ් එෆ් සී) පෙරේදා (12) පවත්වා ඇති අතර ඉන් අනතුරුව එම ක්‍රිඩකයින් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වී ඇති බව පොලිසිය කියයි.
භෝජන සංග්‍රහයෙන් පසුව එම රග්බි ක්‍රිඩකයින් ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ ඇති අතර පසුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව සඳහන්ය.
සමාජ ශාලාවේ සිට එම ක්‍රීඩකයින් ඊයේ(13) අලුයම 04.00ට පමණ තමන් නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණ ඇති අතර ඔවුන් අතරින් ක්‍රිඩකයින් දෙදෙනෙකුට පෙරවරු 10.00ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඉන් එක් අයෙකු මියගොස් තිබේ. මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
මේ අය කිසියම් මත්ද්‍රව්‍යක් භාවිතා කලා විය හැකියි.
ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මෙයට මැදිහත් වීමට කලින් අදාල බලධාරීන් වහා ක්‍රියාත්මකවීම නුවණට හුරුය. එහෙම නූනොත් කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න වෙයි...
දැන් මේකත් රාජපක්ෂ පවුලටම පටවයි.
මෙයින් දැක්වෙන්නේ අද රාත්‍රී සමාජ ශාලාවලට යාම මරණයකින් කෙලවර විය හැකි බවයි. පිටරට අය කෙසේ වෙතත්, ලංකාවේ තරුණ තරුණියන් මේ සමාජ ශාලාවලට යාමට ප්‍රථම මේ දේවල් සිහි තබා ගතහොත් හොඳයි.
අනිවා... ගොඩගන්න වෙනවා තාජුඩීන් වගේ..
දැන් මේක වුනේ කොහොමද කියා වහාම සොයා ගන්න. ලංකාවේ මිනිස්සුන්ගේ මළමිනී වගේ අවුරුදු ගණන් මෘත ශරීරාගාරයේ තියා ගන්න ගියොත් ඒකත් තව නඩුවක් වේවි.
ම්ලේච්ඡයින්ගේ රටේ අපිට නම් මේවා අමුතු දේවල් නොවෙයි. හොඳ ගේමක් දීලා තිබෙනවා. ක්‍රීඩකයින්ට ක්‍රීඩා නොකරම ආපසු බ්‍රිතාන්‍යයට දුවන්නම... ලේ ටිකත් උරා බොන්න කලින් ඔතනින් මාරු වෙයල්ලා.
ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවල මොනවගේ භයානක දේවල් භාවිතා වෙනවද කියලා, දැන්වත් පොලිසියෙන් හොයල බලන්න වෙනවා.
ප්‍රමිතියෙන් අඩු මත්ද්‍රව්‍ය තමයි ලංකාවේ භාවිතා වෙන්නේ. එහි ප්‍රතිපල ක්ෂනිඛ මරණය.
පෞද්ගලික රෝහලක මරණය සිදු උනාම මල සිරුර ජාතික රෝහලේ මෝචරියට ගියේ කොහොමද? පෞද්ගලික රෝහලේ දොස්තරවරු සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය, ප්‍රතිකාර පමාව සහ නියමිත ප්‍රතිකාර නොකිරීම නිසා මෙය සිදුවී ඇතිබවයි පෙනෙන්නේ.