අජන්ත කුමාර අගලකඩ
අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ මේ මස මුලදී අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අයත් ආයතන හා විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරුණු අතර ඊට අනුව අමාත්‍යවරුන් රැසකගේ විෂය පථයන් වෙනස් වී ඇත.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට නව ගැසට් නිවේදනය මගින් වැඩි වගකීම් පවරා තිබේ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ තිබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය, අපේ ගම, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යටතට පත් කර ඇත.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතේ පැවැති ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංවර්ධන උපාය මර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා යටතේ තිබූ මහපොළ භාරකාර අරමුදල ද විජයදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතට පත් කර තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවැති හිඟුරාන සීනි සමාගම, සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගම, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා යටතේ පැවැති කන්තලේ සීනි සමාගම සහ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා යටතේ පැවැති උක් පර්යේෂණ ආයතනය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පවරා ඇත.
අමාත්‍යංශ කීපයකට බෙදී ගොස් තිබූ සීනි සමාගම් සියල්ල එකම අමාත්‍යංශයක් යටතට පත් කර තිබීමද විශේෂත්වයකි.
ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබූ වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා යටතට පත් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා යටතට පත් කර තිබේ.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු තවදුරටත් එම අමාත්‍යංශය යටතේම පැවැතීමද විශේෂත්වයකි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ නව ඇමැතිවරු 19 දෙනෙක් පසුගිය මැයි මස පළමු වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි හැමෝටම හැන්ද ගානේ බෙදලා දීල තිබුනා කියලා දැන්නේ අපි දැනගත්තේ.
හරිම ව්ද්‍යායාත්මක විදියට ආයාතන ටික අමාත්‍යංශ අතර බෙදලා දීලා තියෙනවා ඒක නිසා මුකුත්ම කියන්න බෑහැ.
අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ??? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන අය තම තමන්ගේ සුඛවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදමිමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.
අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතිද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන කට්ටිය තම තමන්ගේ සුකවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදැමීමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.
අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ??? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන "හැතිකරය" තම තමන්ගේ සුකවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදමිමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.
අම්මපා...මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන "හැතිකරය" තම තමන්ගේ සුඛවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ඨකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදැමීමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.
ඉංග්‍රීසි පිටපත සහෝදර ඩේලි මිරර් එකටනම් ලැබිල. සිංහල පිටපත ලංකාදීපයට තවම හම්බුවෙලා නැද්ද?
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාට , බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේම වසර පහලව , විස්ස , විසි පහ ,සේවය කල ගුරුවරුන් හෝ මාරු කිරීමට නොහැකි වූ ඔබ ගැන තවත් කුමන කතාද ?අධ්‍යාපන ඇමති තුමනි ලැජ්ජයි .
කොටු මාරු කලාට දාන් ලෑල්ලේ ඉන්නේ පරණ ඉත්තොම නේද. හරියට පරණ කතාවේ වුණ්නු රුකඩටිකම දාල වෙනකතාවක් නටවල පෙන්නුවා වාගේ.
මහනුවර සංවර්ධන අමත්‍යංශයෙන් මහනුවර නගරයේ කොතනද මේ වෙනකන් සංවර්නධය කළේ
තමන්ගේ සහ පවුලේ සුඛවියරණයටත් ජනතාවට වඩා ඉහලින් වැජඹෙන්නටත් හැර ජනතාව වෙනුවෙන් සේවය කරන එකම දේශපාලනඥයෙක්වත් ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නැහැ. මේ රට මගේ රට කියල අවංකවම කියන නායකයෙන් අපට ලැබෙනකම් අපේ අනාගතය අඳුරුයි.
හරියට හරි. දැන් රට සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා දෝරෙ ගලයි. තේරෙන්නෙ නැද්ද නරියට හිවල කිව්වත් හිවලට නරිය කිව්වත් දෙකම එකයි කියල.
ඉතාම හොඳ තීරණයක්...............පංචවිධ ප්‍රතිපත්තිය ඔස්සේ.....අතමිට සරු කරගන්න රජයේ වැඩපිලිවෙල අගය කරමු......