(රංජිත් රාජපක්ෂ)
වැඩි වු ඉන්ධන මිලත් සමඟම භුමිතෙල් මිල ඉහළ යෑම නිසා භූමිතෙල් පාවිච්චි කරන වතුකරයේ ජනතාට ගැටලු රැසක් මතු වී ඇතැයි මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන හා හින්දු සංස්කෘතික අමාත්‍යය මරදපාණ්ඩි රාමේෂ්වරන් මහතා පැවසීය.
මධ්‍යම පළාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන මත අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හින්දු කෝවිල් ගණනාවකටම දේව ප්‍රතිමා ඇතුළු හින්දු කොවිල් උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමින් මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ වතුකරයේ වැඩි පිරිසකගේ නිවාස වලට විදුලි බලය තිබුණත් බහුතර වතු කම්කරු පිරිසක් දෛනිකව තම අවශ්‍යතාවය පරිදි භුමිතෙල් පරිහරණය කරන බවයි.
එම ජනතාව වෙනුවෙන් වැඩි වු භුමිතෙල් මිලට සමගාමීව ඔවුන්ට රජය මගින් භූමිතෙල් සහනාධාරයක් ලබා දිය යුතු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉල්ලීම අනිවාර්යෙන්ම දිය යුතුය මන්ද සුළු වැටුපක් ලබාගෙන රටේ ආර්ථිකයට විශාල සේවයක් කරලන මේ අහිංසක ජනතාවට නව තෙල් මිලට මුහුණ දීමට නොහැක නමුත් ඒ ලබාදෙන තෙල් පිට පාරෙන් විකිණීමද පාලනය කල යුතුය. දිනකට හෝ දෙකකට අවශ තෙල් ප්‍රමාණය අවශයතාව සදහා පමණක් යම් පාලනයක් තුල මෙය ලබා දිය යුතුය
මෙහෙම කියන කියන විදියට හැමෝටම දෙන්න ගියොත්, ඉතින් වැඩි නොකර හිටියනම් ඉවරයි
කාටවත් සහන දෙන්න ඕනේ නෑ. රජය මේ දීලා තියෙන සහන හොඳටම ඇති... භූමිතෙල් බැරි නම් පොල්තෙල් ගන්න.