විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත භාරදී තිබේ.
පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් වසර තුනක් තිස්සේ එම ධූරය දැරූ බැවින් දැන් ඇතැයි සිතුණු බැවින් ඉල්ලා අසවූ බවත් ලංකාදීප කළ විමසීමකදී රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කොට එහි ස්ථාවරත්වයක් සකසා ජාතික රූපවාහිනිය ජනතාව අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බැවින් සතුටින් ආයතනයට සමුදෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතර මතයනම් රුපවාහිනියේ සභාපතිවරයා පමණක් නොව අයිටීඑන්. නාලිකාවේ සභාපතිවාරයද ඉල්ලා අස්විය යුතුය. නමට පමණක් මධ්‍ය ලේකම් තනතුරු දරන ක්‍රියාවෙන් එය ඔප්පු කළ නොහැකි දක්ෂයන්ට සහ අලුත් අදහස් වලට තැනක් කොහෙත්ම නොදෙන, කැපිල්ල සහ ඉරිසියාව නිසා සහ වෙනත් කව්රුන් හෝ එමතැනට පැමිණ ලේකම් කමින් විසිවෙය යන බිය නිසා බොරුවෙන් නායකයන් පවා රවටන කැමරාව ඉදිරියේ පමණක් පෙනීසිටීමට පමණක් සිටින, අලි ඔලුව පමණක් ඇති එය ඇතුලේ යමක් නොමැති, අලුතින් දෙයක් රටවෙනුවෙන් කිරීමට නොහැකි මොවුන් මාධ්‍යයෙන් පමණක් නොව දේසපාලන පක්සවලටද කරන්නේ හනිය මිස වාසියක් නොවන බව දැන්වත් වටහා ගත යුතුව ඇත. මොවුන් මෙතෙක් කල් අබ ඇටයක් තරම්වත් දෙයක් පක්ෂය වෙනුවෙන් සහ නායකයා අරක්ෂා කරගැනීම වෙනුවෙන් කර තිබේද
වෙනත් පාඩු ලබන තැනක සභාපති ධුරයට පත් කලොත් හොඳයි නේද ....
ඔව් ඔව් ලාභනම් ලබනවා ඇති? මොකද ටෙලි නාට්‍යයෙන් පවා ලාභ ලබන එකේ (දැන්වීම් කීයක් දානවද ඒ අතර මැදදී) ඒ මදිවට පුවත් ප්රචාරයේදී පවා දමන දැන්වීම්... එපාවෙලා තියෙන්නේ මට නම්... කිසිම පිළිවෙලක් නැති කසිකබල් ටෙලි නාට්‍ය කිසිම පැහැදිලි රුප රාමු නැති තත්වයෙන් බාල (ඩිජිටල් නැති) චැනල් තමයි ලංකාවේ තියෙන්නේ...
ජාතික රූපවාහිනිය ලාභලබනවාට වැඩිය ගුණාත්මක භාවයෙන් උසස් වැඩසටහන් පාඨකයා බලාපොරොත්තු වේ. නමුත් වර්තමානයේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් වල ගුණාත්මකභාවය පෞද්ගලික නාලිකා වලට වඩා පහත වැටී ඇත. (වෙළද දැන්වීම්වල පවා)
මෙයාව අස් කරන්න තමයි හිටියේ... රනිල් නිසා ටිකක් පරක්කු වුනා...