මනෝප්‍රිය ගුණසේකර
බදුල්ල දෙමළ කාන්තා විද්‍යාලයේ විදුහල්පති බවානි රාගොන් මහත්මිය දණගැස්වීමේ සිද්ධියට අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති පවසමින් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
2017 ජනවාරි 3 වැනි දා ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා තමන්ව දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් පරික්ෂණයක් කළත් තමන්ට නිසි සාධාරණයක් සිදු වී නොමැති බව සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.
නීතිඥ සුනිල් වටගල මහතා මගින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ඌව පළාත් ඇමැති චාමර සම්පත් දසනායක,ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එස්.බී.අඹන්වල මහතා ඇතුළු අට දෙනෙක් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි පළමු වග උත්තරකරුවා කල යුත්තේ සිරිසේන ජනාධිපතිවරයයී. ඔහු මේ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණක් නොපැවත්තුවා පමණක් නොවේ.මහ ඇමතිවරයා තනතුරෙන් ඉවත් නොකිරිමෙන් ඔහුට පරික්ෂණ වලට බලපෑම් කිරිමට ඉඩ සලසා දී ඇත.
අපි උදාහරණයක් ගම්මු... ග්‍රාම සේවකයෙක් අග්‍රවිනිශ්චය කාරයා කළොත් මොකද වෙන්නේ? මේක නිදර්ශනයක් පමණයි. එහෙම වෙලා එහෙම නෙවෙයි.
අම්බරුවන් කොළ මඩිද්දී බැත මතම ගොම පස් හෙලති. දේශපාලනයට නොසුදුසු මන්ද බුද්ධිකයින් මෙවැනි නොසරුප් දේ කරති.