ඔසඳ යාපා අත්අඩංගුවට ගන්න වරෙන්තු කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය. 13 June 2017
‘සීනි මිල වැඩිකර නැහැ‘ - රජය කියයි සීනි ආනයන බද්ද රුපියල් 10න් වැඩි කළද වෙළඳපොළේ සීනි මිල වැඩිකර නැතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2017
පස් නැතිව දකුණු අධිවේගයේ වැඩ නවතියි දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි වාර්තා වේ. ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි විම මේ තත්ත්වය උදා වී ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති. රජය විසින් පස් කැපීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ අණ පනත්,නීති රිති පැනවිම ද මීට හේතු වී ඇතැය 13 June 2017
කෝටියක රත්තරන් කකුල්වල බැඳ පන්නන්න බැරිවෙයි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් තම කකුල් දෙකෙහි බැද ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බටයකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පවසයි . 13 June 2017
පාකිස්තානය අවසන් පූර්ව වටයට එංගලන්තයේ කාඩීෆ් නුවරදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත්තේය. 12 June 2017
‘සීමාවේ සිටියානම් මිලියන 889 කට වැඩියෙන් ඉතිරි කරගන්න තිබුණා‘ මුලින් දැනුම් දුන් රුපියල් බිලියනයේ සීමාවෙන් මෙම බැඳුම්කර නතර කළා නම් රුපියල් මිලියන 889කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබු බව බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 12 June 2017
බාලවයස්කරුවකුට දුන් මරණ දඬුවම ගැන ජනපතිට දන්වන්න නියෝගයක් බාලවයස්කාරයෙකුව සිටියදී කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම් පනවා ඇති ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළේය. 12 June 2017
වෛද්‍ය සභාවේ මුල් පුටුව මහැදුරු කාලෝටම දෙන්න යයි ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටම ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 12 June 2017
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘ 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය. 12 June 2017
කුවේට් ගිය ලක් කතකට මනුෂ්‍ය ඝාතන චෝදනා අවිවාහකව ගැබ් ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් එම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි පවසයි. 12 June 2017
ප්‍රංශ මැතිවරණයේ ජය ජනපති එමානුවෙල්ගේ පැත්තට බරවෙයි ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 12 June 2017
‘අගමැතිගේ ඇතැම් තීරණ ගැන ජනපතිගේ ප්‍රසාදයක් නෑ‘ - එස්. බී. ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය. 12 June 2017
උතුරු කළුතරදී මෝටර් රියක් සමුද්‍රදේවියේ ගැටේ මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියට උතුරු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රථයක් ගැටී ඇතැයි පොලිසිය පවසයි. 12 June 2017
මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව පොලිසිය කියයි. 12 June 2017
ගමනාගමන කොමිසමේ තිබූ ලිපි ගොනු 2095ක් එෆ්සීඅයිඩියට ගෙනිහින් බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසමේ තිබූ ලිපි ගොනු 2095ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 12 June 2017
එම්.ජි.ධනුෂ්ක ලක්ෂ 10 ක බැඳුම්කරයක් මත නිදහස් ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත මින් ඉදිරියට අවසරයකින් තොරව වසර 3ක කාලයක් මහජනතාව වෙනුවෙන් හෝ ප්‍රසිද්ධ වේදිකාවක හෝ ගායනා නොකළ යුතුයැයි කොන්දේසියක් පනවමින් ජනපි‍්‍රය ගායක එම්. ජී ධනුෂ්ක මහතා රුපියල් ලක්ෂ 10ක බැදුම්කරයක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (12) නියෝග කළේය. 12 June 2017
අතුරුදන්වූවන්ගේ දෙමාපිය පිරිසකගෙන් ජනපතිට ලිපියක් උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 12 June 2017
වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු මීතොටුමුල්ල කසල කන්දේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයකු සම්බන්ධ හබයාස්කෝපස් නඩුවකට අදාළව සාක්කි ලබාදීමට අධිකරණයට නොපැමිණී වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් සමරනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(12) වරෙන්තු නිකුත් කළේය. 12 June 2017
උතුරු පළාත් සභාවේ අමාත්‍ය සංශෝධනයක් අතළඟ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුකර ඇතැයි පළාත් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි 12 June 2017
ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයට දින නියම කරයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ලබන මස 18, 19, 20 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය. 12 June 2017
බොරැල්ල රථවාහන පොලිස්ථානාධිපති ඇතුළු දෙකක් යළි රිමාන්ඩ් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතුව තිබූ අකුණු සන්නාහකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළ බොරැල්ල පොලීසියේ දුෂණ මර්දන අංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු ලබන 16 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (12) නියෝග කළේය. 12 June 2017
මීගමු බන්ධනාරයේ තවත් සිරකරුවෙක් පළා යයි පාදයේ ඇති වු තුවාලයකට ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ආ බන්ධනාගාර ගත කර සිටි සිරකරුවෙකු මාංචු සමඟ අද (12) පැනගොස් ඇතැයි වාර්තා වේ. 12 June 2017
පකිස්ථාන නාවික හමුදා ප්‍රධානි ලක් එයාර් චීෆ් මාෂල් හමුවෙයි පාකිස්ථානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ජූනි 12 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදුවිය. 12 June 2017
වල් අලියා කාන්තාව පැදවූ රිය මතට ඇදවැටෙයි හය මස් ගැබිණි ගුරුවරියක් පැදවූ මෝටර් රථයකට තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිට දී වල් අලියෙකුගේ ගැටී එම අලියා මෝටර් රථය මතට ඇද වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර ගැබිණි කාන්තාව සහ ඇගේ තුන් හැවිරිදි දරුවා සුළු තුවාල ලබා බේරි ඇතැයි පොලිසිය කියයි. 12 June 2017
මට්ටක්කුලිය වෙඩි තැබීමට ආධාර දුන් සැකකරුවෙක් කොටුවෙයි මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රීරෝද රථයකින් යමින් සිටියදි බිරිඳ හා දරුවා ඉදිරියේම වෙඩි තබා එක්දරු පියෙක් ඝාතනය කිරිමේ සිද්ධියට යතුරු පැදිය ලබා දි ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙක් වත්තල හේකිත්තේ දී කොළඔ අපරාධ කොට්ඨාසය මගින් අද අත්ඩංගුවට ගනු ලැබීය. 12 June 2017
කරාපිටිය රෝහල් වාට්ටුවේ අවදානමක් නෑ ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටුවක ඊයේ (11) රාත්‍රීයේ සිදූ වූ ඉරිතලායාම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 12 June 2017
හිටපු ගුවන් සේවා ඇමැති - පෞද්ගලික ලේකම්ට නොතීසි හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාල මානගේ දයාවංශ මහතාට ලබන අගෝස්තු 21 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය. 12 June 2017
බැඳුම්කර වෙන්දේසියේදී ණය දෙපාර්තමේන්තු නිලධාරීන් සමගත් සාකච්ඡා ‘මෙම බැඳුම්කර වෙන්දේසිය පවත්වාගෙන යන අතරවාරයේදී සමහර වේලාවල්වල දී අපි මහ බැංකුවේ රාජ්‍ය ණය දොපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. එහෙම කතා කරන එක නිවැරැදි අවශ්‍ය දෙයක් යැයි’ බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසූ ලංකා බැංකුවේ අවදානම් කළමනාකරු ජේ.කේ. ධර්මපාල මහතා එය 1997 කාලයේ සිටම එය සිදුවුණා යැයි ද පැවසීය. 12 June 2017
පිටිවැල්ල අනතුරින් 28 ක් රෝහලේ ගාලු කොලඹ මාර්ගයේ ගින්තොට පිටිවැල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. 12 June 2017
උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. 12 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026