අගමැති තේරීමට නව යෝජනාවක් අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 June 2017
මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබූ සැකකරු හඳුනාගැනේ නුගේගොඩ සහ විජේරාම ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ස්ථාන හතරට ගිනි තැබීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 2014 වසරේ සිට බොදු බලසේනා සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන කි‍්‍රයාකාරි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා අද(11) පැවසීය. 11 June 2017
රනිල් ජයවර්ධන යළිත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට දෙවැනි වරටත් තේරී පත්වීමට ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන මහතා සමත්ව ඇත. 11 June 2017
විගණකාධිපති-සමාගම් රේජිස්ට්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට්රාර්වරයා හෙට දින (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 11 June 2017
‘බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක් නෑ‘ බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. 11 June 2017
කොළඹ මංතීරු නීතිය හෙට සිට තදටම කොළඹ නගරයේ මාර්ගවල සහ තදාසන්න ප්‍රදේශවල හෙට (12) මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ති ජයකොඩි මහතා පවසයි. 11 June 2017
ත්‍රී රෝද බලපත් දීම පුහුණුවකින් පසු ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියයි. කුරුණෑගලදී අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය. 11 June 2017
කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් වැසෙයි කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි. මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ. 11 June 2017
මැතිවරණ කල් දමන්නේ නැහැ එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. 11 June 2017
තෙරේසාගේ අග්‍ර පුරෝහිතයෝ පක්ෂය හැරයති එංගලන්ත අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ සමිපතම උපදේශකයන් වූ නික් තිමති සහ ෆියෝනා හිල් අද සිය තනතුරු වලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාගේ ඉවත් වීම සිදුවූයේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගැනීමට තෙරේසා මේ මහත්මිය අසමත් වූ හෙයිනි. 10 June 2017
කුසල් පෙරේරා තරගාවලියෙන් ඉවතට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ. 10 June 2017
මහින්දත් සියරට පැමිණෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දින 10 ක පෞද්ගලිකක සංචාරයක් නිමා කර නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද සවස 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. 10 June 2017
ගැටළු විසඳුවේ නැත්නම් ගොවීහු අරගලයකට සැරසෙති ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටි .මේ ගැටළු ඉදිරිපත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීම 10 දින දඹුල්ලේදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්රමුඛ ගොවි නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි . 10 June 2017
මහවැලි ගඟේ නාන්න ගොස් අතුරුදන් වෙයි මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී. 10 June 2017
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 10 June 2017
වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් කුසගින්නේ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව සැපයෙන ආහාර වේල් සති දෙකක පමණ කාලයක් තිස්සේ නොලැබීම නිසා එම රෝගීහූ දැඩි ලෙස අසරණව සිටිති. 10 June 2017
කන්ටේනරය ගිලා බැසිමෙන් තලවාකැලේ ඩයගම මාර්ගය අවහිර වෙයි කන්ටේනර් රථයක් ප්‍රධාන මාර්ගයේ ගිලා බැසිමෙන් තලවාකැලේ ඩයගම මාර්ගයේ ගමනා ගමන කටයුතු සමිපුර්ණයෙන්ම ඇණහිට තිබේ. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි. 10 June 2017
කේරළ ගංජා කිලෝ 56.5 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 56 .5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 June 2017
ගෙදර තිබූ පෙතිබිව් නොදරුවා මියයයි ගණේමුල්ල පහළ යාගොඩ ප්‍රදේශයේ පවුලක සිව් හැවිරිදි එකම දරුවා නොදැනුවත්කමින් නිවසේ තිබු පෙති වර්ගයක් පානය කිරීමෙන් මිය ගොස් ඇති බව ගණේමුල්ල පොලීසිය පවසයි. 09 June 2017
ලන්ඩන් ප්‍රහාරය සිහි කළ ක්‍රීඩකයා තනි වෙයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට ගෞරව කළ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩකයකු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා වූ පුවතක් වාර්තා විය. 09 June 2017
‘කොටි ලේබලය ගසා ප්‍රියයන් සැමරීම වළක්වන්න බෑ‘ තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ. 09 June 2017
බ්‍රිගේඩියර්වරු 10කට උසස්වීම් බ්‍රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි. 09 June 2017
වයිකෝගේ මැලේසියා ගමනට තහංචි පෞද්ගලික සංචාරයක් සඳහා මැලේසියාවට ගිය ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ එරටට ඇතුළු කර ගැනීම ආගමන විගමන බලධාරීන් හා ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ ද ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් ‘‘ වෙබ් අඩවිය වාර්තා කළේය. 09 June 2017
ලංකාව ගැන තව වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු සැකසූ තවත් විශේෂ නිරීක්ෂණ වාර්තාවක් ලබන සඳුදා ( 12) ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 09 June 2017
පාවෙමින් තිබූ කුඩු කිලෝ පහක් කන්කසන්තුරෙන් අල්ලයි කන්කාසන්තුරේට මුහුදු සැතපුම් 10 දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6 ක ප්‍රමාණයක් අද (9) පෙරවරුවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 09 June 2017
හවුල් ආණ්ඩුවක් පිහිටුවන බව තෙරේසා මේ කියයි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ පරිදි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා අගමැතිනි තෙරේසා මේ ඩිමොක්රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව අද (9) ප්‍රකාශ කළාය. 09 June 2017
සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 09 June 2017
උතුරේ ඇමතිවරුන් දෙදෙනෙක් ගැන තීරණය කිරීමට විශේෂ රැස්වීමක් දූෂණ චෝදනා එල්ල වූ උතුරේ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ගැන සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක්ද යන්න තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ලබන සතියේ කැදවීමට නියමිතව ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 09 June 2017
රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි. 09 June 2017
ඔළුවිල් වලින් මුහුදු ගිය ධීවරයෝ 6 ක් අතුරුදන් ඔළුවිල් ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් සයදෙනෙකු අතුරුදන් වී ඇතැයි එම ධිවර සමාජිකයින්ගේ ඥාතිහු පවසති. 09 June 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026