අජන්ත කුමාර අගලකඩ
එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය.
මෙම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබු නමුත් ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට ඔවුනට සිදුවිය.
යුද්ධයෙන් පීඩාවට පත් වුවනට වන්දි ගෙවීම යටතේ ඉදිරිපත් කර තිබු මෙම කැබිනට් පත්‍රිකාව මගින් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට, හානි වු ආගමික ස්ථාන වලට සහ යුද්ධයේ දී මියගිය කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනා කර තිබු බව වාර්තා වේ.
එහෙත් යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි ගෙවීම ගැටලුවක් නොවන නමුත් මියගිය කොටි සාමාජිකයින්ට වන්දි ගෙවිය නොහැකි බව ඇමැතිවරුන් ගණනාවක් පවසා ඇත.
ඇමැතිවරයාගේ විරෝධය සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම කැබිනට් පත්‍රිකාව අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි දිය යුතුබවට කිසිම විවාදයක් නැත. නමුත් එය කෙසේ සිදුවිය යුතුද පිළිබඳව ඉතාමත් පැහැදිලි නිර්ණායක අවශ්‍යයි. මක්නිසාදයත් එයට මුවාවී පවුල් පෝෂණය කිරීමට ඉඩ ඇති බැවිනි. කෙසේවෙතත් යුද්ධයේ දී මියගිය "කොටි සාමාජිකයන්ට" වන්දි ගෙවීම ඉතාමත්ම සංකීර්ණ සහ මතබේදාකාරී ප්‍රශ්නයක්. අප විසින් අසා දැක ඇති ආකාරයට, යුද්ධය තියා ජීවිතයවත් යනු කුමක්දැයි නොදන්නා තුවක්කුවක් තරම්වත් උස නැති පුංචි දරුවෝ තුවක්කුවත් තුරුලුකරන් ඉස්සරහට ගියත් වෙඩි, පස්සට ගියත් වෙඩි නිසා වෙව්ල වෙව්ල ඉඳන් ගස් ගල් යටම කොහෙන් හෝ ආව වෙඩි උණ්ඩයකින් මැරෙන්න ඇති. ඒ පුංචි දරුවොත් ත්‍රස්තවාදියෝ කියන්න තරම් අපි ත්‍රස්තවාදී වෙන්න ඕනැද. මගෙනම් අදහස ඒ පුංචි දරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.
ඔය පත්‍රිකාව දෙන්න ඕනේ එම තරුණ තරුණියන්ව මොලය සෝදා බිල්ලට දී ආණ්ඩුවට හේත්තු වී ඇමති පට්ටමක් ලබපු කරුණාට ..
ඔය විදියටම ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය සහ අතුරුදන් වූ අයට වන්දි ගෙවනවද? කොටින්ගේ විශේෂත්වය කිරි දරුවන් මරා දැමු එකද?
මට මතකයි, 2002 -2004 සටන් විරාම ගිවිසුම කාලයේ මඩකලපුව ප්‍රදේශයේ චාරිකාවක් යනවිට අතරමගදී LTTE ලමා සොල්දාදුවෙකු බසය පරීක්ශා කිරීමට පටන් ගත්තා. ඔහු වයස අවුරුදු 13 පමණ ඇති. ඔහු දැක මහත් කම්පනයට පත් වූවා
රොමේෂ් මහත්තයා ගොඩක් බුද්දිමත් කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මේ වගේ හැමෝම බුද්දිමත් වෙනවනම් අද අපි මේ ලෝකේ කොහේදෝ ගිහින්.
මේක දුන්නොත් ලේකම් ගේත් මල්ල කරේ . තෙල් ගහලම ඉවර කරයි.
පුදුමයි කැබිනට් අනුමත නොකිරීම.
මේ යෝජනාව ස්වාමිනදන්ගේද ...රනිල්ගේද ...
අබාධිත සෙබළු ගැන බලන්න කවුරුත් නැ. අනේ මෙහෙමත් රටක්.
අපේ මාසේ පඩියෙන් කපන බදු මුදල් වලින් නම් මේවා ගෙවන්න එපා හරිය.
" ඇයි මේ දඟලන්නේ කොටි හිතවත් අය" " මියගිය කොටින් හට දෙන්නට පණ කැමති " " වන්දිය ඉල්ලන්න උන් කල සේවයේ ඇති " " තමිල්නාඩුවෙන් ඉල්ලා ගතොත් තුති "