ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපි ලේඛන නීත්‍යයානුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (19) ඉල්ලා සිටියේය.
විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ බව පැවසූ කතානායකවරයා මෙසේද කීය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වු ජනාධිපති විමර්ශන කොමිෂම් සභා වාර්තාවේ C-350-C-360 ලෙස ‘සලකුණු කර ඇති වෙළුම් තුනකින් සමන්විත ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව 2018 ජුනි මස 05 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදි සාකච්ඡා කර තීරණය කළ පරිදි එකී ලේඛනය වාර්තාවේ කොටසක් පමණක් වන හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර C-1-C349 දක්වා වු ‘සලකුණු කර ඇති ලේඛන ද ‘සලකුණු කර ඇති වෙනත් ලේඛන වෙතොත් ඒවාද ඇතුලුව කොටස් වශයෙන් නොවන සම්පුර්ණ සළකුණු කර ඇති ලේඛන සියල්ලම පාර්ලිමේන්තුවට නොපමාව ඉදිරිපත් කළ යුතු බව දන්වමින් 2018 ජුනි මස 12 වැනි දින ජනාධිපති ලේකමිවරයාට ලිපියක් යවන ලදි.
ඊට පිළිතුරු වහයෙන් එකී භාන්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුවට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් සහ එකඟතාවය ලද වාහාම ඒ උපදෙස් අනුව ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් 2018 ජුනි මස 18 වැනි සදුදා එනම් ඊයේ දින පාර්ලිමේන්තුවට ලිඛිතව දන්වා ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
මෙම බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපිලේඛන නිත්‍යනුකුලව ජනාධිපති කාර්යාලයෙන් මා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයත් ගරු මන්ත්‍රීවරුන් හා සිවිල් පුරවැසියන්ගේ අභිමානයත් අප දේශයේ ගෞරවයත් හානි දෙන චෝදනා හා ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගරු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටිමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියා
මේ වගේ අය එක්ක මොන කිර්ති නාමයක්ද? තව තවත් අපගේ, මහජනතාවගේ වටිනා කාලයත් මුදලුත් විනාශ නොකර ඔය අයගේ නම් ගම ඔක්කොම එලියට දැම්මොත් හැමෝටම හොදා .
පාර්ලිමේන්තුව පිහිටලා තියෙන්නේ ලස්සන දියවන්නාවේ. ආචාර්ය ජෙෆ්රි බාවාගේ නිර්මාණයක්. අපි ඒ ලස්සන ගොඩනැගිල්ලේ ලස්සන රැක ගන්න ඕන. ඒකෙ ගෞරවය රැක ගන්න නම් ඕක ඇතුලේ ඉන්න කාර්ය මණ්ඩලයයි මන්ත්‍රීලා එක්කෙනෙක් දෙන්නෙකුයි ඇරුනාම අනික් එවුන් රොත්ත පිටින් එලියට දාල විෂ බීජ නාශක දියර වලින් හෝදල දැම්මොත් හරි යයි කියල මට හිතෙනවා.
කොමිසමෙන් සම්පුර්ණ වාර්තාව ජනපති කාර්යාලයට ඒවි.. ජනපති කාර්යාලයෙන් පාර්ලිමේන්තුවට එනකොට සමහරුන්ගේ නම් වාර්තාවෙන් අතුරුදන් වෙලා තිබෙන්න පුළුවනි ..
තමන්ගේ බඞවියත වෙනුවෙන්ම පමණක් වෙහෙසෙන දේශපාලු හිඟන්නන් සිටින ඔය පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරගන්න තිබෙන කීර්තිනාමය කුමක්ද?
තමන්ගේ බඞවියත වෙනුවෙන්ම පමණක් වෙහෙසෙන දේශපාලු හිඟන්නන් සිටින ඔය පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරගන්න තිබෙන කීර්තිනාමය කුමක්ද?
කිර්තිනාමය ? ඔකේ ඇතුලේ ඉන්න කට්ටිය නැර මුළු මහත් ලෝකයාම දන්නවා මානසික රෝගීන් ඉන්න තැන.
මේ කතානායකට කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද ? එහෙම නැත්නම් බබා වගේ නොතේරුන වගේ ඉන්නවද? නැත්නම් ඔය ගුබ්බායමේ මොන ගරුත්වයක්ද තියෙන්නේ? ගරුත්වය කාබාසිනියා කරලා කොයි කාලේද. කතානයකවරුත් හිටිය මෙහෙම කෙනෙක් නම් දැක්කේ නැහැ.
ඔය වාර්තාව ගන්න ඔච්චර කල් යනවා නම් ඉතින් ඕකේ වැරදි අයට නීතිය ක්‍රියාත්මක කරන්න කොච්චර කල් යාවිද..? හැබැයි ඉතින් අමෙරිකාවෙන් හරි , දයස්පොරවෙන් හරි කිව්වොත් ඉතින් ඉක්මණට නීතිය ක්‍රියාත්මක වෙයි වගේ..