(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
වසර 2016 පැවති පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වු ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස වෙනුවෙන් කෝටි 12½ කට ආසන්න මුදලක් වැයවී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
මේ සඳහා ආරක්ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනෙකු සහභාගී වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒ සඳහා රුපියල් දොළොස් කෝටි හතළිස් පන් ලක්ෂ දොළොස් දහස් නවසීය හැත්තෑවකුත් ශත තිස් නවයක මුදලක් වැය වී ඇතැයි කීය.
කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර ගානක් ගිහින් නෑනේ.
අයියෝ ලුණු බිකට වඩා ටිකක් අඩුයි නේ. කමක් නැහැ එක පාරයි නේ ලැබෙන්නේ. කන එක ඇතිවෙන්න කන්න මේ ආත්මෙදි ආයිත් ලැබෙන්නේ නැති නිසා.
ඉකොනොමි ක්ලාස් ජනපතිට කෝටි දුසිමක් ගියානම් මහා රජානෝට කෝටි හොන්ඩරයක්වත් යන්න ඇති.
මෙගොල්ලනට කෝටි ගාණ සත ගාණක් වගේ. රාජපක්ෂලාට දෙවෙනි වෙන්නේ මේගොල්ලෝ. අනේ දුෂණ නාස්තිය නැතිකරන්න ආපු කට්ටිය.
ආපු දවස්වල නම් බොහොම අඩු පිරිසක් එක්ක ගියේ. තව ටික කාලෙකින් මහින්ද ගේ ගානටම එයි.