ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. 07 June 2017
බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති යළි රිමාන්ඩ් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝු ලේඛකයා සන්තකයේ තිබු රුපියල් පනස්පන් දහසක ක රත්රරන් හා අකුණු සන්නායකයක් සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගමගේ සංජිව ධම්මික රාජපක්ෂ 16 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (7) නියෝග කළේය. 07 June 2017
ජනපති නිවස අසල ට්රාස්ෆෝමරයක් පුපුරයි කොළඹ 7 කැප්පෙටිපොළ මාවතේ පිහිටි ජනාධිපතිවරයා නිළ නිවස ආසන්න පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අද (7) දහවල් 12.15 ට පමණ පුපුරා ගිනිගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි. 07 June 2017
‘ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට ගන්නවා‘ - දයාසිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 07 June 2017
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනකු ජූලි 05 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.අයි.ඉස්සදීන් මහතා නියෝග කළේය. 07 June 2017
දෙණියාය රාජපක්ෂ විදුහල සිකුරාදා සිට යළි ඇරේ නාය යෑමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව වසා දැමූ දෙනියාය රාජපක්ෂ මහ විදුහල සිකුරාදා(09) සිට යළි විවෘත කරන බව විදුහල්පතිනි කේ.එල් දිල්හානි මහත්මිය කියයි. 07 June 2017
ජනපති ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද(7) පස්වරුවේ කැඳවනු ලැබ ඇතැයි රජයේ ආරංචි පවසයි. 07 June 2017
මහනුවර - මාතර දුම්රියේ මැදිරි වෙන්වෙයි මහනුවර සිට මාතර බලා ධාවනය වු අංක 40 දුම්රිය අද (7) පෙ.ව. 7.50 ට පමණ ගනේමුල්ල දුම්රිය ස්ථානයට ළඟාවෙමින් තිබියදී දුම්රිය මැදිරි එන්ජිමෙන් ගැලවී ගොස් ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි. 07 June 2017
පීසීගේ නිවසින් කසිප්පු - ගිනි අවි මතුවෙයි ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 07 June 2017
ගිනිගත්හේනේ ගොඩනැගිල්ලක් ගිලා බසියි අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ පසෙක තිබූ පෞද්ගලික ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක් අද (07) පෙරවරුවේ සම්පූර්ණයෙන් කඩා වැටුණි. 07 June 2017
අර්ජුන්ලාගේ ඥාතිත්වය ගැන මුදල් මණ්ඩලයේ දී සාකච්ඡා කළේ නෑ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ ඥතීත්වය පිළිබඳව මෙන්ම මහා බැංකුවේ හිටපු තවත් අධිපතිවරයෙක් වන අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කිරීම පිළිබඳව මුදල් මණ්ඩලයේදී සාකච්ඡා කළේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නීතීඥ මනෝහාරී රාමනාදන් මහත්මිය කියා සිටියාය. 07 June 2017
නව උපාධි පාඨමාලා රැසක් ලබන අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 06 June 2017
පුංචි ඡන්දයට සැරසෙන්නැයි ෆයිසර් මුස්තාපා කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු තම අමාත්‍යංශ්‍ය අවසන් කර ඇති අතර නුදුරේදීම පැවැත්වෙන මැතිවණයට සියලූ පක්ෂ සුදානම් වන්නැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා අද(6) මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසීය. 06 June 2017
කොල්ලුපිටියේ පොලිස් භට නිවසක් කඩා වැටීමේ අවදානමක කොල්ලූපිටිය 19 වැනි පටුමගේ සිව් මහල් පොලිස් භට නිවාස ගොඩනැගිල්ලක් ඉරි තැලී කඩා වැටීමේ අවදානම් මතුවීම හේතුවෙන් එහි සිටි 300 කට ආසන්න පොලිස් පිරිසකට වහාම ඉවත් වීමට දැනුම් දුන් බව පොලිස් මුලස්ථානය කියයි. 06 June 2017
පොලිසියට වෙඩි තැබූ හිටපු කොටි සාමාජිකයාට ඇප පලෙයි ඒ 9 මාර්ගයේ කච්චාවේලි හන්දියේ දී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට හා පොලිස් රේඩියෝ කාර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු කොටි සමාජිකයා ඇප මත මුදාහළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි. 06 June 2017
බස්නාහිර සබේ ඝනපූර්ණය සිව්වැනිවරටත් නැතිවෙයි බස්නාහිර පළාත් සභාවේ මහා සභා රැස්වීම ඝනපූරණය නැති කමින් ලබන විසි වැනිදා දක්වා කල් තබන්නට අද (6) නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය. 06 June 2017
ආපදා කළමනාකරණය වෙනුවෙන් යාන්ත්‍රණයක් අවශ්‍යයි - කථානායක දිස්ත්‍රික්ක 8කට ආපදා නිසා සිදුවූ ඛේදවාචකය වැනි සිදුවීම්වලට මුහුණ දීම ආපදා කළමනාකරණය වෙනුවෙන් යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා අද(6) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 June 2017
පොලිස් නිලධාරියාට බැන්න තරුණයාට සමාව ගන්නැයි නියෝග අධිකරණ භූමිය තුළ කළහාකාරී ලෙස හැසිරී අධිකරණ පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑමේ වරද පිලිගත් තරුණයකුට විවෘත අධිකරණයේදී පොලිස් නිලධාරීයාට ආචාර කර සමාව ගන්නා ලෙසට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නැවත මෙවන් වරදක් සිදුකළ හොත් දැඩි දඩුවම් පමුණුවන බවට තරයේ අවවාද කරමින් අද (06) මුදා හැරීය. 06 June 2017
කෝටියක් වටිනා රතුකැටය ගුවන්තොටේදී අසුවෙයි රුපියල් කෝටියක් වටිනා මැණිකක් නීති විරෝධිව වෙනත් රටකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රි ලාංකිකයකු අද(6) රේගුව විසින් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 06 June 2017
නාමල් ඇතුළු තිදෙනකුට අධිචෝදනා බාරදෙයි හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අද (06) දිනයේදී අධිකරණයේ පෙනී සිටි තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අධි චෝදනා පත්‍ර බාර දුන්නේය. 06 June 2017
සත්‍යග්‍රහයේ 100 වැනි දිනයේත් විරෝධතා තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන මෙන් ඉල්ලා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (06) දින 100 ක් පිරුණද විසඳුම් නොමැති බව පවසමින් රැකියා වරහිත උපාධිධාරීන් අද විරෝධතාවක් පවත්වනු ලැබූහ. 06 June 2017
නායයාමේ අවදානමෙන් ප්‍රාථමික අංශය තාවකාලිකව වැසෙයි රත්නපුර ජේසු බිළින්ඳාගේ කන්‍යාරාම ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිහිපයක් නායයාමේ අවදානමට ලක්වීම නිසා එහි ප්‍රාථමික අංශය අද(06) වසා දැමීමට උපදෙස් දුන් බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි. 06 June 2017
‘එජාපයෙන් සුළු ජාතීන් ඈත් වෙනවා‘ මේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. 06 June 2017
විදේශ ඇමති රවී මුලින්ම මෝදි හමුවෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(6) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ අමාත්‍යංශ ආරංචි පවසයි. 06 June 2017
සරසවි කඩයිම් ලකුණු එයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 2016/17 අධ්‍යයන වර්ෂයට අදාළව අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. 06 June 2017
වල්ලපට්ටා වවා අම්බොක්ක කන්ද වනසති මාතලේ අම්බොක්ක කන්ද මුදුන එළිපෙහෙළි කොට කිසියම් පිරිසක් තේ ,වල්ලපට්ට ,හා පැඟිරි වගා කර ඇත. කන්ද මුදුනෙන් පටන් ගන්නා දිය උල්පත් හරස් කර එම වගාවන්ට යෙදීම නිසා කන්දෙන් පහළ ගම්මාන ගණනාවක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති . 06 June 2017
ගංවතුරෙන් දිවි අහිමි වූවන්ට පාර්ලිමේන්තුවේ සොව පළකෙරේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පලකරන බවත් ආපදාවට පත් ජනතාව දැඩි කම්පාවෙන් යුතුව සිහිපත් කරන බවත් කථානායක කරු ජයසුරිය මහතා අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී 06 June 2017
කෝටි ගණන් වංචාකර නල්ලූර්හි වැසියන්ට කොටුවෙති බෝතල් කල පානීය ජලය සපයන පෞද්ගලික සමාගමක වෙළඳ නියෝජිතයින් වශයෙන් පත් කරන ලෙස පවසා යාපනයේ වෙළෙන්ඳන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙදෙනෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පහර දී යාපනය පොලීසිය වෙතට භාර දී ඇත. 06 June 2017
දෝහා කටාර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගටම මැදපෙරදිග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි. 06 June 2017
ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද(06) දිවුරුම් දුන්නාය. 06 June 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026