(ඩයනා උදයංගනී)
ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටි කාන්තාවකට ලැබිය යුතුව තිබූ රුපියල් ලක්ෂ විසිහයක හිග වැටුප් ලබාගෙන ඇය අතට පත්කිරීම විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් සිදුකෙරිණි.
මෙසේ රුපියල් ලක්ෂ විසි හයක හිග වැටුපක් ලබාගත්තේ කිට්නසාමි ලලිතා රංජනී නැමැති රත්නපුරයේ පදිංචි කාන්තාවකි.
මෙම කාන්තාව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වී ඇත්තේ 2009 වසරේදී වන අතර ඇය වසර අටක කාලයක් ඇය සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියත් එහි හිමිකරුවන් ඇයට වැටුප් ලබාදී නැත.
ලංකාවේ සිටින සිය පවුලේ සාමාජිකයින් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වීමටවත් ඇයට අවස්ථාවක් ලැබී නොතිබූ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඇය සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට ඇගේ පවුලේ ඥාතීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සෞදි තානාපති කාර්යාලය හරහා ඇය සොයා ගැනීමට විශාල වෙහෙසක් දරා තිබූ අතර පසුව නිවසේ හිමිකරුවන් විසින් 2017 වසරේ ජුනි මාසයේදී මෙම කාන්තාව සෞදි තනාපති කාර්යාලයට ගෙනවිත් භාරදී තිබේ.
ඉන් අනතුරුව ඇගේ හිඟ වැටුප් ලබාගැනීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත්වී අධිකරණයේ නඩු පවරා තිබූ අතර නඩුව අවසානයේදී හිග වැටුප් ලෙස සෞදි රියාල් 64"000ක එනම් රුපියල් ලක්ෂ 26ක මුදලක් ඇයට හිමිවිය.
විදේශ රැකියාවල නිරතව සිටියදී නියමාකාරයෙන් වැටුප් නොලබන ශ්‍රමිකයින් සදහා අවශ්‍ය සහන ලබාදීමට විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත විශේෂ අවධානය යොමු කර තිබෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම මුදල් ප්රදානය කිරීමේ අවස්ථාව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා මහත්මිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.එම්.පී.කේ.ටී. හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයා දුක් විඳලා හම්බකරපු සල්ලි හරියට තමන්ගෙ අතින් දෙනවා වගේ රටටම කියලා අඬබෙර ගහල ෆොටෝ එක පත්තරේ දාගෙන කරන වැඩ. මේ වගේ දෙකේ පංතියෝ වැඩ නිසා ඒ මනුස්සයගේ ජීවිතය වුනත් අනතුරේ වැටෙන්න පුළුවන්... ඔය වගේ සිල්ලර වැඩ ලංකාවට දැන් ගැලපෙන්නේ නෑ කියලා මෙයාලට තේරෙන්නේ නැද්ද මන්දා? එක අතකින් පව් !!!
මේක රජයේ වගකීමක්... ඇමැති ඇවිල්ලා නිකන් සල්ලි ලබාදෙනවා වගේ ලෝකෙටම පෙන්නන එක වැරැදියි.
gayan Kumar, ඔබ දෙදෙනා වෙතම, ඇත්තෙන්ම මේ අම්බරුවන් ලජ්ජා වෙන්න ඕන අනේ අපි අද දවසෙත් බඩගින්න නිවා ගත්තේ මේ අහිංසක මිනිසුන්ගේ ලේ කදුළු දහදියෙන් ලැබෙන සොච්චමෙන් නේද කියා. එමෙන්ම මේ ඔබේ , මගේ, අපේම සහෝදරියන් නේද දුක්විදල බැලමෙහෙර කරලා මේ පිගුත්තරයන්ට සුර සැප විදින්න විදේශ විනිමය රටට ගෙනෙන්නේ.
අනේ අපි අද දවසෙත් බඩගින්න නිවා ගත්තේ මේ අහිංසක මිනිසුන්ගේ ලේ කදුළු දහදියෙන් ලැබෙන සොච්චමෙන් නේද කියා. එමෙන්ම මේ ඔබේ , මගේ, අපේම සහෝදරියන් නේද දුක්විදල එක එකාගේ බැලමෙහෙර කරලා මේ අයට සුර සැප විදින්න විදේශ විනිමය රටට ගෙනෙන්නේ. එමෙන්ම මේ සහොදරියන්ගේ පුරුෂයන් යයි කියාගන්න නම්බුකාර "ශකයන්" සියල්ලොමත් ලජ්ජා වෙන්න ඕන ( 225 වගේම )
ලංකාවේ දේශපාලකයන් යනු නොම්මර එකේ පරපෝෂිතයන් රැලකි. මොවුන් ලේ නොබොන තැනක් නැත.
ඒ සහෝදරිය අවුරුදු අටක් කට්ට කාල හම්බ කරගත්තු සල්ලි ටික මේ විධියට අඬබෙර ගහල රටටම පෙනෙන්න දුන්නට පස්සේ නැති නෑදැයෝ යාලුවෝ රොත්ත පිටින් එයි ආධාර ඉල්ලගෙන.
වැඩේ හොඳයි එත් තමන්ගේ ප්‍රසිද්ධියට අනිකුත් අයගේ ආරක්ෂාව නැතිකරන එක සාධාරණ නැත.
සෞදි කම්කරු නීතියේ හැටියට ලැබිය යුතු අවම පඩියවත් අරන් දීල ෆොටෝ දා ගත්තා නම් තව කමක් නෑ. ඇත්තටම ඇයට ලැබිල තියෙන්නේ මාසික අවම වැටුපෙන් හතරෙන් එකකටත් අඩු මුදලකට ගණනය කළ දීමනාවක්. වැටුපට අමතරව ඇයට අර්ථසාධක මුදලක්ද හිමිවිය යුතුයි.
ලක්ශ 26 දෙන්න තොපි තොරන් බෑදල බෙර ගහන්න ඔනද. ඔය හම්බ උන සම්පුර්න මුදලනම් කොහෙත්ම වෙන්න බෑ. විදේශ සේවා ගුබ්බෑයමේ ඉන්න කාලකන්නි ඔකෙන් 75%ක් උන්ගෙ සාක්කුවලට දාගන්න ඈති අනිවාරයෙන්ම.