බොරු බෝම්බ බියෙන් 1500කට තුවාල ඉතාලයේ ටියුරින් නුවර පාපන්දු නගරයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇතිවූ බෝම්බ බියක් නිසා සිදුවූ තෙරපීම හේතුවෙන් සෙනසුරාදා (3) රාත්රියේදී 1,500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
තිබ්බොට්ටාව කන්දෙන් පවුල් 22ක් ඉවත් කරයි බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ සේනාධීර මහතා පැවසීය. 04 June 2017
අපාදාවට මුහුණ දුන් දකුණේ රාජ්‍ය සේවකයන්ට විශේෂ ණයක් පසුගියදා ඇතිවූ අපදා තත්ත්වයෙන් විපතට පත් දකුණු පළාත් රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ හෝ අර්ධ හානියට පත් නිවාස පිළිසකර කර ගැනීම සඳහා විශේෂ ආපදා ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාව තීරණය කරයි. 04 June 2017
අගමැතිගේ සංචාරය කළින් නිමවෙන ලකුණු ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබු කාලයට ප්‍රථමයෙන් නැවත ආපසු පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. 04 June 2017
පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි කිලිනොච්චි පලෙයි හිදී පොලිස් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 04 June 2017
සහනාධාරත් සොරකම් කරති ගංවතුරින් සහ නායයාම් විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට බෙදාදීම පිණිස විහාරස්ථානයක ගබඩා කර තිබු රෙදිපිළි සහ බිස්කට් වර්ග ඇතුළු ක්ෂණික ආහාර තොගයක් ත්‍රිරෝද රථයකින් පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම් දීමක් මත අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 04 June 2017
ජල ව්‍යාපෘතියට ගෙනා කෝටියක සම්පත් කැළේ පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගොවි ජනපදයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සදහා ඉකුත් රජය සමයේ ආරම්භ කෙරුණු නීලබැම්ම ජල ව්‍යාපෘතියට ආරම්භ කර වසර කීපයක් ගතවී ඇතත් එහි ඉදිකිරීම් අවසන් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා තමන් පීඩාවට පත්වී සිටින බව එහි ප්රතිලාබීහු පවසති. 04 June 2017
ලන්ඩන් නුවර ප්‍රහාර දෙකකින් නව දෙනෙක් මරුට බ්‍රිතාන්‍යයේ අගනුවර වන ලන්ඩන් නුවරට සෙනසුරාදා (3) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 9 දෙනකු ජීවතක්ෂයට පත්ව 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 04 June 2017
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන වැඩි කෙරේ පවතින ආපදා තත්ත්වය නිසා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සෘජුව ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට හැකි වන සේ මන්ත්‍රීවරුන්ට දැනට ලබා දෙන ලක්ෂ 50 ක ප්‍රතිපාදන වලට අමතරව තවත් ලක්ෂ 05 ක් ලබා දීමට තීරණය කළ බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. 04 June 2017
තරංගට තරග දෙකක තහනමක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාව සිටි උපුල් තරංගට තරග දෙකක තහනමක් නියම කර තිබේ. ඒ අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීමට තරංගට අවස්ථාව නොලැබෙනු ඇත. 04 June 2017
හෙට සිට උතුරු මැද සුරා සල් සතියක් වැසෙයි පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල සියලු මත්පැන්හල් හෙට(05) සිට 11 වැනිදා තෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ කාලය තුළ එම දිස්ත්‍රික්කවල විශේෂ වැටලීම් කරන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය. 04 June 2017
ඇෆ්ගනිස්ථානයේ මළ ගෙදරකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථාන රජයට විරුද්ධව පවත්වනු ලැබූ විරෝධතාවකදී මියගිය සලෙම් ඉසාද්යා නම් පුද්ගලයකුගේ අවමගුල් උත්සවයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනකු මියගොස් 119ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 04 June 2017
වලස්මුල්ලෙන් පවුල් 58ක් ඉවත් කළ යුතුයි වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යෑමේ අවදානම් ප්‍රදේශවලින් පවුල් 58 ක් අනීවාර්යෙන්ම ඉවත් කළ යුතු බව වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.ආර් විතානගේ මහතා පවසයි. 04 June 2017
අවදානම නිසා ඉවත්වෙන්න’යි කළ අවවාදය ගම්වැසියෝ ප්‍රතික්ෂේප කරති නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් හැටන් සමනළගම ප්‍රදේශයේ පවුල් 12කට පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස හැටන් පොලිසියෙන් කළ දැනුම් දීමක් ගම්වාසින් ප්‍රතික්ෂේප කර තිබේ. 04 June 2017
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රහාර දෙකේ සම්බන්ධය සොයයි සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ’ලන්ඩන් පාලම’ අසලත් ’බරොව් මාර්කට්’ ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
උතුරු කොරියාවට පැනවූ සම්බාධක තවත් වැඩිකරයි උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් එරට පැන වූ සම්බාධක පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා (3) තීරණය කළේය. 03 June 2017
අපදා සහන සලසන්න යුරෝපා කොමිසමෙනුත් ආධාර ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ආසන්න වශයෙන් රුපියල් මිලියන 51ක මුදලක් ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ. 02 June 2017
පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ. 02 June 2017
යටලමත්ත අනතුරින් අයෙක් මරුට අයෙකුට බරපතලයි යටලමත්ත කළුබෝවිටියනදී අද සවස සිදුවූ යතුරු පැදි සහ මෝටර්රථ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ තරුණයන් දෙදෙනෙකු අතුරින් 23 හැවිරිදි තරුණයකු මරුමුවට පත්වී ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 02 June 2017
‘හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ‘ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි. 02 June 2017
නාමල්ගේ වන්දි නඩුව 12 වැනිදා විභාගයට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් සහ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් කෝටි 20ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනු කළ නඩුව ලබන 12 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා අද නියෝග කළේය. 02 June 2017
වැලිකඩ වෙඩි තැබීමේ අභියාචනය ජුලි හත කැඳවයි 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීස් අධ්යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන ජූලි 07 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කෙරිණි. 02 June 2017
පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 02 June 2017
පාසල් 59ක් විවෘත කරන දිනය අවිනිශ්චිතයි අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන හා හානියට පත් පාසල් 59ක් හැර රජයේ සෙසු සියලු පාසල් ලබන සඳුදා(5) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 02 June 2017
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන් මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය. මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක 02 June 2017
ගම්මන්පිලට රට යන්න අවසර ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට පාර්ලිමෙන්තුවේ කටයුත්තක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (2) අවසර දුන්නේය. 02 June 2017
‘ඡන්දය පුරවැසියන්ගේ වගකීමක්‘ - මහින්ද දේශප්‍රිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බවත් ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 02 June 2017
අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති. 02 June 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026