(මනෝප‍්‍රිය ගුණසේකර සහ ජයසේන හත්වැල්ල)
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් තීන්දුව හා දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම අධිකරණයටම අභියාචනයක් ඉදිරිපත් කළහ.
විත්ති පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස විශ්ලේෂණය නොකර වැරදි පදනමක සිට මහෙස්ත‍්‍රාත්වරයා තමන් වැරදිකරු කර ඇතැයි සඳහන් කරන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මහෙස්ත‍්‍රාත්වරයාගේ තීන්දුව ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරුකරු වශ්‍යයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායක ඇමතිතුමා හරි.
අධිකරණයේ තීන්දුව ඉතාමත්ම විශිෂ්ටයි.
අපේ හාමුදුරුවනේ අපි ඔබවහන්සේ සමගයි. 50000 ලබන්නාට අපි වස් කවි කියන්නම්
රන්ජන් කියන්නේ නළුවෙක්... එච්චරයි මම නම් දන්නේ...
ආදම් ගොයියෝ, නළුවෙක් කියන්නෙත් මිනිහෙක්!
ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි.