සුජිත් හේවාජුලිගේ
ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 120 ක් ද, අවි ආයුධ, මුදල් හා පවුම් 20 ක ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පොලිසිය මෑත භාගයේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය විශාලතම ප්‍රමාණය මෙය වෙයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව කරන ලද දිර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පිළියන්දල නිවෙසක සැඟවී සිටියදී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මුලස්ථානයේ අද (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
සැකකරු ළඟ තිබී සොයා ගැනුණු අවි ආයුධ අතර තුවක්කුවක් සහ එහි පතුරම් 12 ක් රිවෝල්වරයක් එහි උණ්ඩ තුනක් ද උණ්ඩ කොපු හතරක් ද මෙයට අමතරව පා පැදියක්, ජංගම දුරකතන තුනක් ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගන්නා ලදැයි සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයෙන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවෙලේම ආයුධ හොයන්න එක්කං ගියා නම් ඉවරනේ...
වර්තමාන පොලිසිය, අතීතයේ මෙන් 8 වසර සමත් නිලධාරින් නොව, ඉතා උගත් නිලධාරින්ගෙන් සැදුම්ලත් ආයතනයකි. දේශපාලන ඇඟිලි ගැසීම් නැති නම්, ඔවුන්ට අද රටේ ඇති බොහෝ අපරාධ මර්ධනය කල හැකිය.
මේ ටික කාලයට අපේ පොලිස්පතිතුමා සහ අදාළ නිලධාරීන් මොන තරම් පාතාලේ අය, ආයුධ හා මත් ද්‍රව්‍ය ඇල්ලුවාද? සමහර මැරයින්ව එතනම මරා දැම්මේ මහජන සුභ සිද්ධියටයි. එදා අදාළ ඇමැතිකමට නියම සුදුස්සා වන සරත් ෆොන්සේකාව පත්කරන ලෙස රටම කිව්වත් එය ඉටු නොකළ සමහරුන් අද පොලිසියට බැනීම හරිම පුදුමයක් නේද? පොලිස් රාජකාරි ප්‍රායෝගිකව දන්නා ඉහළ සිට පහළට ඉන්න සියලු නිලධාරීන්ට මේවාට කොහෙන් හිනා යනවාද දන්නේ නැහැ.
වෙලේ සුදාගේ විතරක් නෙමෙයි, අනික් කුඩු කාරයින්ගේත් ගෝලයෝ නම් නහුතෙට අහුවෙනවා. මේ කාගේවත් ගුරුවරු අහුවෙන්නේ නැති එකනේ පුදුමේ... අැයි, ගුරුවරු ඉන්නේ දියවන්නාවේ හින්දද?
ගෝඨාභය නැතිව මේ රටේ පාතාලය මර්ධනය කරන්න බැහැ යයි කෙඳිරි ගාන සමහරක්ට නම් මේවා නොපෙනුනත් එදත් අදත් පාතාලය මර්ධනය කලේ පොලිසියයි. එදා වගේම අදත් පාතාලය ආරක්ෂා කලේ දේශපාලකයෝයි. එදයි අදයි වෙනස එදා පාතාලය මර්ධනය කිරිමේ ගෞරව එක පුද්ගලයෙක්ට පවරා ගත් අතර අද එය පොලිස් දෙපාර්තමේන්තුවටම හිමිවන අතර එදා පාතාලයේ සමාජිකයින් සාහසික ලෙස ඝාතනය කලේ කෲර පාලකයන්ගේ මනදොල සපුරාගැනීමට වන අතර අද පාතාලයට වුවද නීතියේ ආධිපතය යටතේ දඞුවම් හිමිවීම විශේෂත්වයකි.
පාතාල නායකයෝ හිරගෙදර සිට ජංගම දුරකථන මගින් මෙහෙයවන මිනීමැරුම්, කප්පම් ගැනීම්, හෙරෝයින් ජාවාරම් තමා අද රටේ වැඩිපුර තිබෙන්නේ, සිර ගෙවල් තුල ජැමර් උපකරණ සවි කළොත් මේවා ඉතා පහසුවෙන් නතර කරන්න පුළුවන්... නමුත් මේකට තිබෙන ලොකුම ප්රශ්නය හිරේ පහළ නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා, අපරාධ කාරයන් කරන අපරාධවලින් හම්බකරන මුදලෙන් කොටසක පගාව වශයෙන් ගැනීම, වෙලේ සුදා වැනි අපරාධ කාරයෙක් අඩුම තරමින් මසකට ලක්ෂ 50ක විතර මුදලක් නිලධාරීන්ට දෙන බව ප්‍රසිද්ධ රහසකි. මෙම පගාව ලබාගැනීම ඉතා සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන් හැමෝම එකතුවී කරන දෙයක් ලොකු කුඩා හැමෝටම කොටසක් ලැබෙනවා. ඉතින් කොහොමද ලංකාවේ අපරාද වළක්වන්නේ... මේ අපරාධකාරයින්ට විරුද්ධව කවුද අධිකරණයේ සාක්ෂි දෙන්නේ? කළයුතු එකම දෙය වෙලේ සුදා වැනි පුද්ගලයින්ට අධිකරණයෙන් නියම කල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි..