රූපවාහිනි හිටපු සභාපතිවරුන් දෙදෙනකුට නඩු රජයට රුපියල් 34,54279ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද(2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය. 02 June 2017
වවුනියාවේ ව්‍යාපාරිකයකු ඝාතනය කෙරේ තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකුගේ සිරුරක් අද(02) වවුනියාව කායකන්කුලම කැළෑ ප්‍රදේශයක තිබී සොයාගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි. 02 June 2017
මැනිලා හෝටලයක මළසිරුරු 36ක් පිලිපීනයේ මැනිලා නුවර හෝටල් සංකීර්ණයක කැසිනෝ ක්‍රීඩාගාරයක සිදූවු වෙඩි තැබීමකින් පසුව මළසිරුරු 36ක් සොයාගත් බව පිලිපීන ආරක්ෂක අංශ වාර්තා කරයි. 02 June 2017
අනුර සේනානායකට ඇප රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය. 02 June 2017
එකම පවුලේ තුනක් පෝරකයට වව්නියාවේ ස්ථාන තුනක දී සිදුවූ ඝාතන 3 කට වරදකරුවන් වූ පස් දෙනකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් මරණ දඬුවම නියම කරනු ලැබූහ. 02 June 2017
පොලිසියේ ලොකු පුටු 12ක වෙනසක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි. 02 June 2017
ඕස්ට්‍රේලියාවෙන් නවීන යාත්‍රා දහයක් පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් අද (1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි. 01 June 2017
සයිටම් තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22 මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම මේ මස 22 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) තීන්දු කළේය. 01 June 2017
ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට අධ්‍යක්ෂකට ඇප ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය. 01 June 2017
ආපදා පෙදෙස්වලට රජයෙන් සංවිධායකවරු ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු අද (1) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 01 June 2017
බුලත්සිංහල මිල්ලකන්ද නාය යාමේ අවදානමක් බුලත්සිංහල මිල්ලකන්ද පහළගම නායයෑමේ අවදානමක් නිසා කන්ද පාමුල සිට පවුල් 7 ක් ඉවත් කළ බව පොලිසිය කියයි. 01 June 2017
’ආගමික ප්‍රජාවන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා වැඩි වෙලා’ මෙරට ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවෙන වෛරී ප්‍රකාශ සහ ප්රචණ්ඩ තත්ත්වයන් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 01 June 2017
ආවා කල්ලියේ නායකයන් ඉන්දියාවෙන් අල්ලයි යාපනය හා අවට ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයින් තිදෙනා වීසා නොමැතිව අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටියෙදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 01 June 2017
හෙරොයින් විකුණු සිව් දෙනෙක් පොලිස් දැලේ දිගු කාලයක සිට ඉතා සූක්ෂම ලෙස හෙරොයින් මත් කුඩු ජාවාරමක නිරතව සිටි ඒකම පවුලේ පිය,පුතු,බෑනෑ ඇතුළු මත් කුඩු අළවිය සදහා ආධාර අනු බල දුන් තැරව්කරුවෙකු සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (01) කටාන පොලීසිය මගින් මෙහෙයුමක් කර අත්අඩංගුවට ගෙන ඇත. 01 June 2017
මාතරදී පහුරක් පෙරළී තිදෙනෙක් මරුට මාතර අත්තුඩාවේ දී පහුරක් පෙරළීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි නාවික හමුදාව පවසයි. මිය ගිය අය අතර පාසල් දරුවකු ද වන බව කියති. 01 June 2017
අනුර සේනානායක ජුලි 15 දක්වා රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරකට වැඩි කලක් රිමාන්ඩ් කර තැබීම නීතියට පටහැනි බව ඔහුගේ නීතිඥයන් අද(1) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 01 June 2017
පර්පෙචුවල් රිට් පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2 ක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය අද (01) මෙම පෙත්සම් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කරන ලදී. 01 June 2017
පොලිස් පරික්ෂකයාගේ ඝාතනයේ සුල මුල හෙළි වෙයි කුරුණෑගල මාස්පොත දී පොලිස් පරික්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේ දී පන්නල ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබු ටී56 ගිනි අවියක්, උණ්ඩ 28, මැගසින් එකක් සොයා ගත් බව පොලිසිය පවසයි. 01 June 2017
5000 හොර නෝට්ටු සමඟ තරුණයෙක් අත්අඩංගුවට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමඟ තරුණයකු ග්‍රෑන්ඩ්පාස් මෝලවත්ත ප්‍රදේශයේ දී කොළඹ උතුරු නීතිය බලගැන්වීමේ විශේෂ ඒකකය විසින් රාති‍්‍රයේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 01 June 2017
ධම්මාලෝක හිමිට එරෙහි නඩුව ජූලි 18 විමසුමට මිලින්ද මොරගොඩ ඇතුළු පස් දෙනකු උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොනු කරන ලද පුද්ගලික නඩුකරයට මීට පෙර වගඋත්තර පාර්ශවය විසින් ගෙන එන ලද මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් එම නඩුව විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද(1) නියෝග කළාය. 01 June 2017
‘වසර 50කට පෙර ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් තවමත් නෑ‘ - ජනපති ‘ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 01 June 2017
‘කුකුලේගඟ දොරටු හැරීම ගැන පූර්ව නිවේදන නිකුත් කර නැහැ‘ කළුතර විනාශයට හේතු වු කුකුලේගඟ දොරටු ඇරීම පිළිබඳ පුර්ව නිවේදන කිසිවක් සිදු වී නැතැයි උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති මහතා චෝදනා කරයි. 01 June 2017
ගාල්ලේ ගංවතුර සෙමින් බැසයයි ගාල්ල බද්දේගම ජල මාපකය අනුව අද(1) උදෑසන වනවිටත් වක්වැල්ල, බද්දේගම හා පෝද්දල ප්‍රදේශවලට සුළු ගං වතුර තත්ත්වයක් පැවතිණි. 01 June 2017
ගංවතුරට හසුවූ සහල් යළි අලෙවි කිරීමේ ජාවාරමක් හසුවෙයි සුරියවැව විහාරගල හා හබරත්තවෙල යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලින් ගංවතුරට හසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පවතින සහල් වේලමින් සිටි සැකකරුවන් දෙදෙනකු සහල් සමග අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලීසිය පවසයි. 01 June 2017
මහින්ද ජපන් යයි ජපාන අධිරාජ්‍යයාගේ ආරාධනාවක් පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස බදාදා (31) රාත්‍රි ජපානය වෙත පිටත්ව ගොස් තිබේ. 01 June 2017
ගාල්ලේ සේවයට පුත්තලමින් රජයේ සේවකයෝ 250 ක් ආපදාවට ලක්වූ ගාල්ල ප්‍රදේශයේ රජයේ නිළධාරින්ට සහය දීම සදහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් රජයේ නිළධාරින් 250 ආසන්න ප්‍රමාණයක් දින කිහිපයක් ස්වේච්ඡාවෙන් සේවය කිරීමට පිටත් කළ බවත් සහනාධාර ලොරි රථ 13 මේ සමඟ යෑවු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච්. එම් චිත්‍රානන්ද මහතා කියයි. 01 June 2017
ලාංකිකයා ගුවන් යානය ආපසු හරවයි තමන් අත් බෝම්බයක් ඇති බව පවසමින් බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට මගියකු උත්සාහ දැරීම හේතුවෙන් මැලේසියාවේ එම්.එච්.128 අංක දරණ ගුවන් යානය ආපසු හරවා යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 June 2017
ඇෆ්ගනිස්ථාන බෝම්බ පිපිරීමෙන් 90ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පිහිටි ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 90ක් මියගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 31 May 2017
‘දුම්වැටි භාවිතය පාලනය අසාර්ථකයි‘ දුම්වැටි භාවිතය පාලනය සඳහා රජය ගෙන ඇති පියවර කිසිදු ප්‍රගතියක් ලබා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි. 31 May 2017
ආපදා ආධාර සඳහා රජයෙන් බැංකු ගිණුම් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. 31 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026