බිමල් ශ්‍යාමන් ජයසිංහ
සෙරප්පු දෙක පතුලේ ගංජා සහ දුම්කොල සඟවා ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අධිකරණ පොලිස් මුරපලේදී අද (13) අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.
සැකකරු පැලැද ආ සෙරප්පු පතුලේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ ගංජා ග්‍රෑම් 50ක් හා දුම්කොළ ග්‍රෑම් 150ක් පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්කුඩු සමඟ පොලිසියට හසුව මීට දින 6කට පෙර අධිකරණයෙන් ඇප මත නිදහස් වුවකු බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd