(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
ඊට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක වන්නේනම් තීන්දුව සාධාරණීකරණය කිරීමේ හැකියාවක් පැවතුණත් මහ බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී මෙවැනි චෝදනාවකට පමණක් බුද්ධ පුත්‍රයකුට අවවාද කොට නිදහස් නොකර, බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට ඉතාම සංවේගයෙන් යුතුව තරයේ හෙළ දකිමි.
ආදීනව දැන ගෙන වැඩ කරන්න...
මම ඔයත් එකඟයි මනෝජ්.
අපුරු නඩු තීන්දුවක් නේ මේක ලංකාවේම සල්ලි හොර කාපු කෙණා සිංගපුරුවේ නිදැල්ලේ අනික් අය ලංකාව පාර්ලිමේන්තුවේ අපේ හාමුදුරුවෝ හිරේ .
ඉතාම සාධාරණ තීන්දුවක්. ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය!!
මනෝජ් කියන අයුරින්, මහා බැංකුව හොරා කාපු අයටද , ලසන්ත , තාජුදීන් , රතුපස්වල ඝාතකයන්ටද , හෙජින් හා ග්‍රීක් බොන්ඩ් ඩීල් කර බැංකුව හොරා කාපු අයටද , මිග් ඩීල් කරපු අයටද දඬුවම් දෙන මෙන් මමද ඉල්ලා සිටින අතර මෙවැනි තේරුමක් නැති තීන්දු දීම ද රටකට නීතියක් තිබිය යුතු බව සිතන පුරවැසියෙක් ලෙස හෙලා දකිමි. .
සිවුරට මුවාවෙන් කරන වැරදී දේවල් හරිද නීතිය කාටකාටත් එකයි.
මොනාද මේකට කියන්නේ ?? බෞද්ධයන් වෙනුවෙන් රටේ වෙන අසාධාරණයන් හමුවේ හඩ නැගු එක් බෞද්ධ පුත්‍රයෙක් ගේ කට තාවකාලිකව වැසු බවනම් තේරෙනවා. බලමු සිංහලයන් ලංකාවේ ඉන්නවද කියල මේ තීරණයට විරුද්දව.
ඊට වඩා හිරේ යන්න ඕන අය එළියේ, නමුත් හාමුදුරුවන්ව ,හිරේ දැම්මේ, සුළු ඡන්ද වලට.
ඉතා හොද නඩු තීන්දුවක්. චූදිතයගේ තරාතිම නොබලා දඩුවම් නියම කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ හාමුදුරුවන් ඉදිරියේදිවත් රටේ නීතියට අවනත නීතිගරුක පුරවැසියෙක් වෙනු ඇතැයි කියා.
මහා බැංකු කොල්ලකරුවන් මොන අධිකරන්යෙන්ද වැරදි කරු කරලා තියෙන්නේ ?
නිතිය සැමට සම යන්නට නැත වරද..... නීති දෙවගනගේ නෙත් අරුනා ද...... බර කිරුමත් පැත්තට බර උනා ද.... බැංකු හොරුන්ටත් මෙය සිදු වේ ද........
එකම රටක නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වීම එම රටේ අන්ත දුශිතභාවයට හොඳම නිදසුනකි. සංඝ අධිකරණයක් නොමැති වීම මෙය ශෝචනීය තත්වයකි.!
මහ බැංකුවේ සිදුවූ හොරකම සම්බන්ධයෙන් දැන් නිතිය ක්‍රියාත්මකවී දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව උසාවියේ නඩුවක් විභාගවෙමින් පවතිද්දී "බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී" වැනි ප්‍රකාශ එම සිද්ධිය පිළිබඳව අපේ රටේ මාධ්‍ය විසින් නිර්මාණය කර පතුරුවා ඇති වැරදි ආකල්ප කොතරම් දුරට මිනිසුන්ගේ සිත් තුලට කාවැදී ඇත්දැයි පෙන්නුම් කරන හොඳම උදා හරණයකි. අද රටේ සාමාන්‍ය ජනතාවගෙන් " බැඳුම්කර" කියන්නේ මොනවාදැයි ඇසුවහොත් සියයට අනු නවයක්ම කියන්නේ "මහ බැංකු හොරකම" කියයි.
බුද්ධ පුත්‍රයකු බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට අපි අගය කරමි. නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක වන්නේනම් තවත් චන්ඩි මෙල්ල කරන්න පුළුවන්.
මාංචු දමලා නැද්ද?
ඥාණසාර හිමියන් සටන් කරන්නේ ශ්‍රී ලංකාව, සිංහල ජාතිය, බුදු දහම වෙනුවෙන්, නැතුව කඩේ යන රට, ජාතිය, ආගම පාවාදෙන NGO කාරයින්ගෙන් යැපෙන අය වගේ නෙමෙයි.
දේශපාලුවන් කටවහගෙන සිටින විට කොටි හිතවාදී අන්තවාදීන් ඕනෑම වැඩක් කරනවා. හාමුදුරුවන්ගේ කුමන අඩුපාඩුවක් තිබුනත් එන්.ජී. ඕ. වලින් යැපෙන දේශ ද්‍රෝහී පිරිස්වලට කරන වරදවලට දඬුවම් නැත.
මම අදිකරණ තීන්දුව ට ගරු කරනවා, නමුත් හාමුදුරුවෝ හිරේ ගිය එක ගැන දුක හිතෙනවා. කොච්චර උනත් උන්වහන්සේ තම ජාතිය ගැන කතා කරනවා.
ගොඩක් අයට අද නින්ද යයි සනීපෙට.. මතක තියාගන්න මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරපු හැම මිනිහම අන්තිමට මැරුණෙ මේ රටේ ආපහු ඉපදෙන්නවත් එපා කියලා.. ධර්මපාලතුමා මැරුණෙත් එහෙම.. හාමුදුරුවන්ට ප්‍රසිද්ධියේ බෝම්බ ගහනවා කියපු අයට අඩුම ගානේ නඩුවත් නැහැ ..වෙනම රටක් අදටත් ඕනේ කියලා තස්ත්‍රවාදීන් සමරපු ශිවාජිලිංගම්ලාට කෝ මේ නීති...?
බන්ධනාගාරය තුළ විනය පවත්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. එසේ නොකළොත් බන්ධනාගාරයත් විනාශ වෙයි.
මම හිතනවා තමන් නීතියට ඉහලින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න හැමෝටම මේක පාඩමක් කියලා.
අපේ හමුදාව රසායනික අවි භාවිත කළා කියුව එක්නැලිගොඩ මහත්මියට ඥානසාර හිමියන් තර්ජනය කළ එක ඇත්ත. එහෙත් මරණ තර්ජන කළා කීම වැරදිය. තීන්දුව පිළිබඳව අතිශයෙන්ම කනගාටු වෙමි.
7000 ගණනකගේ අප්‍රසාදය... කකුලක් ලංකාවේ අනික් කකුල් රෝමයේ වතිකානුවේ සහ අරාබියේ...
තර්ජනයෙන් සිදුවූ හානිය කුමක්ද? එම සුපින්වත් මැතිණියට ඒ නඩුව ඉල්ලා අස් කරගන්න තිබුණු නියම බෞද්ධ කාන්තාවක් නම් අඩුගණනේ සිව්රටවත් ගෞරව කරලා.
මනෝජ් මහබැංකුව හොරාකාපු අය නිදැල්ලේ නෑ. අලාභය කරපු කොම්පැනියේ අයිතිකාරයයි, සීඊඕ යි රිමාන්ඩ් කරලයි ඉන්නේ. හිටපු මහබැංකු අධිපතිට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරල තියෙන්නේ. පරීක්ෂණ තවම ක්‍රියාත්මකයි. ඔබට නීතිය ක්‍රියාත්මක නොවීමේ උදාහරණයකට මහබැංකු සිද්ධිය විතරක් මතක් වුනේ ඇයි...?
නොමග ගිය සිරකරුවන් යහමගට ගැනීමට ධර්ම දේශනා කිරීමට ගරු ස්වාමීන් වහන්සේට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා.
මම නීතිය නොදන්නා නිසයි අහන්නේ. තර්ජනයක් උසාවියක ඔප්පු කරන්නේ කෙසේද? තර්ජනයකදී දියහැකි දඬුවම් වෙනස් වන්නේ කෙසේද? ක්ෂණික කෝපයකින් බැනීම තර්ජනක් ද ?උදාහරණයක් විදියට කෙනෙකුට බැන්නොත් ඒ කෙනා මට මරණ තර්ජන කළා කියල පැමිණිලි කලොත් එය ඔප්පු කරන්නේ කෙසේද? නීතිය දන්නා මහතෙක් ගෙන් පිළිතුරු පතමි.
මේ රටේ සිහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජාවක්.
නීතිය වැල් වැදුණු මෙහෙම රටක තව දුරටත් මේ නිහැඬියාව අපව සුරකියිද? වාග් ප්‍රහාරයකට මෙහෙම දඩුවන් දෙනවා නම් මුළු මහජන සේසතම සුරාකපු අයට කෝ අද දඬුවම්?
ලලිත්, අනුෂ පැල්පිට වගේ අයව එළියේ තියල හමුදුවන්ව ඇතුලට දාපු එක වැරදියි. නඩු දවසට නයි ගහන අය, නඩු අහන්න බය හිතෙන අය, මහා බැංකු හොරුන්ගෙන් එළිපිට මුදල් ගත්තු අය, මැණික් මලු වලින් සල්ලි හම්බවුණු අය... මේ කට්ටියට මොකද වෙන්නේ?
අසාධාරන නඩු තීන්දුවක්.
ඇයි මේකට කව්රුවත් අදහස් දාන්නේ නැත්තේ?
ගරු අධිකරණය දුන් තීන්දුව පිළිගන්න.
පූජකතුමාන්ලා, දේශපාලකයෝ, කවුරුත් මිනිස්සු එමනිසා නීතිය කාටත් පොදු විය යුතුයි ...!!!
මීට වඩා හිර ගෙවල්වල ඉන්න ඕන අය කොච්චර ඉන්නවද..?
රටක නීතිය හෑල්ලුවට ලක් කිරීම ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදෙන්නක් නිසා මේ තීන්දුව සාධාරණ වුනත් භික්ෂූන්වහන්සේ නමක් නිසා මේ දඬුවම අත්හිටවූ හිර දඬුවමක් කලානම් හොඳයි. කොහොම නමුත් මේ තීරණයට එරෙහිව අභියාචනයක් කරන්න ඕන. ඒකත් අසාර්ථක වුනොත් ජනාධිපති තුමාට පුළුවන් උන්වහන්සේ නිදහස් කරන්න.
අපේ හාමුදුරුවනේ සිංගල බෞද්ධයා ඔබ සමගයි ඔබ රට ජාතිය ආගම වෙනුවෙන් කරන ඕනෑම දෙකට අපි ඔබ සමගයි.
සිංගල බෞද්ධයා ඔබ සමගයි කිව්වට අර දෙමළ මුස්ලිම් හැර සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! කියන ගෝත්‍රවාදී අය තමා ඔබවහන්සේ සමග ඉන්නේ!
කාලෙකට ඉස්සෙල්ලා එල්ලුම් ගහට නියම වුණු සෝමාරාම, ජම්පර් ගහගන හිරේ ඉඳලා පරලොව ගිය එහෙමත් බුද්ධ පුත්‍රයෝද කියල සමහර ඊනියා සිංහල බෞද්ධයින්ගෙන් අහන්න මම කැමතියි. සිවුර පෙරෝපු හැමෝම භික්ෂූන් හැටියටත් කාකි සූට් ගහපු හැමෝම රණවිරුවන් හැටියටත් පිලිගන්න පුදුම සමාජයක්නේ දැන් තියෙන්නේ. ඒ කට්ටිය රටේ නීතියට යටත් නැද්ද?
ශාසනෙත් කාලා.. රටත් කාලා.. චිවරෙත් කාලා.. සිංහල කමයි, බුද්ධාගමයි රැකගන්න සිංහල බෞද්ධයිනේ අවදි වෙන්න.
හාමුදුරුවෝ හිරේ අරින්න කටයුතු කල උන්ගේ පාන්සකුලේ ඉක්මන් වේවා කියල පතමි. මොකද එකට යන හාමුදුරුවෝ කවුද කියල බලාගන්න.