(බිඟුන් මේනක ගමගේ)
ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ - චැනලින් සේවාව සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.
මෙම වැඩසටහන මගින් බාහිර ප්‍රතිකාර අංශයට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයා මුණගැසීමට කලින් වේලාවක් වෙන්කරවා ගත හැකි යැයි එහි නියමු ව්‍යාපෘතිය දොම්පේ දිසා රෝහලේ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යැයි ද ඉක්ටා සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දුරකථන අංක 071 5225225 ඇමැතීමෙන් www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක තම ජංගම දුරකථනයේ ස්ථාපනය කරගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැකි බව ඉක්ටා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අතේ මුදල් නැති ජනතාවට කාගේ පිහිටද? දැන් උදේ පාන්දරම ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එක පටන් ගන්න පුළුවනි. මෙවදීල තමයි යහපාලකයෝ රජයේ සේවකයින්ගේ ඡන්දය ලබා ගන්න හදන්නේ........
හොඳ වැඩ සටහනක්... පුද්ගලික රෝහල් මාෆියාවෙන් කකුලෙන් අදින්න පුළුවන්.. හරියට වැඩ කළොත් හැමෝටම සහනයක් වෙයි.
ඉතාම ප්රගතිගාමී පියවරක්. හැම කෙනෙකුටම අන්තර්ජාල පහසුකම් නැතිවුනත් ගමක එම පහසුකම නැති කෙනෙක් නැති නිසා වෙලාව වෙන් කරගෙන ප්‍රතිකාර ගන්න බලා සිටීමට ගතවන කාලය අඩු කරගන්න පුළුවන් වේවි.
ඔයා නම් බමුනෙක්ම තමා.
නිකම්ම බමුණෙක් නොවෙයි හලෝ.... බමුණුආරච්චි කෙනෙක්...
කොහොමද හලෝ... වේලාවක් වෙන් කරන්නේ සවස 4 එපොයින්ට්මන්ට් එකදීල දොස්තර එන්නේ 5.30 ට