අනීෂා මානගේ
කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින්, තංගල්ල කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කපුවා කපෝතියී
කතරගම දේවාල වදින්න යන බැතිමතුන් පුජා කරන මුදල් රත්‍රන් වලින් වැඩි හරියක් සාක්කුවේ දමන්නේ මේ අයට සල්ලි සහ බලය වැඩි වෙලා දැන් මිනි මරන්නත් පුරුදුවෙලා. මේකේ ආදායම් රජයට අරන් මේ කපුවොන්ට සාමාන්‍ය වැටුපක් ගෙවන්න ඕනේ. ඉතිරි වෙන මුදල් රටේ වෙනත් තැන වල තිබෙන එච්චර ආදායමක් නොමැති දේවාල, කෝවිල් පිළිසකර කරන්න යොදාගත යුතුය .
කතරගම දේවාලයට විතරක් නෙමේ කිරිවෙහෙරටත් ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ගැනත් මොකක් හරි කළොත් හොඳයි.
දේවාලෙට දෙන පඬුරු දෙවියෝ ගන්නේ නැහැ. ගන්නේ මේගොල්ලෝ. 8 වසර පාස්නැතුව කෝටිපතියෝ වෙලා තියෙන්නේ...
කතරගම දෙවියෝ වඳින්න යන මිනිස්සු තාම ඉන්නවනේ. දෙවියන්ගේ ආවතේව, පූජාව කරන කෙනා මෙහෙමනම් ඒකාගෙන් ආවතේවකම් පූජා ලබන්න දෙවිකෙනෙක්ට පුළුවන්ද? සිල්වත් මනුස්සයෙක්වත් කැමතිවෙන්නේ නැහැ මේවගේ අය ඇසුරුකරන්න. කෙසේනමුත් හාමුදුරුවන්ගේ ජීවිතේ බේරුන එක ලොකු දෙයක්...
ඔබ නියම බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනය හැදෑරු අයෙක් නම්. ඔබට කැප මේ කපුවන් පස්සේ යාමටයි. මොකද බුදුන් වහන්සේ දේශනා කලේ බමුණු අාගමික දර්ශනයට ප්‍රතිපක්ෂව. චතුර්වර්ණ, පතිපූජාව, අාස්‍රම ධර්ම කොටින්ම කිව්වොත් චතුර් වේදයම ප්‍රතික්ෂේප කළා. ඔබ යන්නේ එම චතුර්වේදයේ අැතැම් කරුණු පිටිපස... දෛවයේ සරදම නම් අගමේ අාදී කර්තෘ අනුමත නොකළ දේ පන්සලටම රිංගලා තියනවා. ඊට හේතුව තමා මේ රට සොලී හා හින්දු භක්තික රජවරුන් පාලනය කිරීම... පොළොන්නරු යුගයේ සඳකඩ පහනින් ගවයා ඉවත් වීම හා පන්සල තුළ කෝවිලක් ස්ථාපිත කිරීම නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.
ගෝඨා දැන් උත්තර දෙන්න මේකට... කොහොමද බලේට ගෙනාවොත්... රටම ඉවරයි. මේ යන විදිය හොඳයි. ඉබි ගමන හොඳටම හොඳයි.
දැන්වත් මේ මිථ්‍යාවන් අතහරින්න
පහුගිය දවස්වල සියලුම පුජනිය ස්ථානවල් පිං කැට මහාභාරකාර යටතට පත්කරන්න කෙටුම්පත් සකසන කතාවක් තිබුණා නේද?
දැන් වාහනය රිමාන්ඩ් කරලාත් ඇති. ඔය වාහනයට ඇප දෙන්න වත් එපා. කැකිල්ලේ රජ්ජුරුවෝ උඩ දැන් සතුටු වෙනවා ඇති, දැන් වත් උන්නාන්සේගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මකවෙන හැටි බලලා...
විශ්වය සහ ජීවින් නිර්මාණය කිරීම දෙවි කෙනෙකුගේ කටයුත්තක් නොවුවත්, අතිවිශාල දෙවිවරු සංඛාවක් නිර්මාණය කලේ මිනිසාය. බුද්ධි හීන ජනයා මුලාකර පහසුවෙන් ජීවනෝපාය සලසා ගැනීම එහි අරමුණයි. දිළිඳු මෙන්ම ධනවත් බැතිමතුන් නිසා එය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වුයේ නුගත් කපටි කපුවන් ධන කුවේරයන් බවට පත් කරමිනි.පොල්ලක් උල්කොට ගත් යෂ්ටියක උපකාරයෙන් දඩයම් සොයාගිය අවස්ථාවේ සිට සඳ මත ගොඩබැසීම දක්වා පරිනාමිය දියුණුවකට ගතකල අවුරුදු දස ලක්ෂ දෙකක පමණ කාලය අවසාන වුවද තිර හතකට මුවා කල දෙවියකු පිලිබඳ මිත්‍යාව බැහැර වී නැත. මේ දේව අඩවියේ සිදුවන දුක්ඛදායක දේ ,මිනීමැරීම්, වදහිංසා, ස්ත්‍රී දුෂණ ,මංකොල්ලකෑම් හා සියලුම ආකාරයේ වැරදි සඳහා ඊනියා ගුප්ත දෙවියා වගකිව යුතුය.
මතය මිත්‍යාවක්ද නැද්ද කියන එක අදාල නැ එය මිනිස්සු හිතන විදිය බටහිර රටවල උනත් මේ තත්වයේ වෙනසක් නෑ. බුදුන්වහන්සේගේ කාලෙත් දේව ඇදහිලි තිබුනා. කලයුත්තේ සියලුම ආදායම බුද්ධ ශාසන අමාතංශයේ වැය ශීර්ෂයට බැර කරලා රජයේ විගණනයට යටත් කිරීම ආදායමේ ප්‍රතිශතයක් දේවාලයේ නඩත්තු කටයුතු සදහා යෙදවීම එය ඉතාම කාලෝචිතයි.