වෙඩි තබා තරුණයෙක් ඝාතනය කෙරේ ගාල්ල අහුන්ගල්ල පොලිස් වසමේ මිද්දරමුල්ල ප්‍රදේශයේ දී 25 හැවිරිදි තරුණයෙකු අද(30) වෙඩිතබා ඝාතනය කර ඇත. 30 May 2017
ගාල්ලේ පිහි ඇනුමකින් කතක් මරුට ගාල්ල මාගාල්ල පාලම අසල දී යුවළක් අතර ඇතිවු ආරවුලකින් වයස අවුරුදු 36 ක් වු කාන්තාවක මියගොස් ඇත. මෙම දෙදෙනා අතර ඇති වු ගැටුමේ දී අදාළ පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත. 30 May 2017
වැස්සෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නැහැ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. 30 May 2017
පකිස්තානයත් ඊශ්‍රායලයත් සහනාධාර එවයි ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්තාන රජයෙන් සහ ඊශ්‍රායල් රජයෙන් විශාල සහනාධාර තොගයක් අද (30) නිල වශයෙන් මෙරටට ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 May 2017
ඉන්දියාවෙන් තවත් ආධාර නැවක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් තෙවැනි ඉන්දිය“ජලශ්වා“ නෞකාව අද (30) කොළඹ වරායට පැමිණියේය. 30 May 2017
විදුලිය-ජලය නැවතත් ආපදා තත්ත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සම්බන්ධතාවලින් 70%ක් මේ වන විට යළි ලබා දී ඇති බවත් ජල පවිත්‍රාගාරවල කටයුතු ද ආරම්භ කර ඇති බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 30 May 2017
ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කොළඹ විශ්ව විද්‍යාලයට දුන් සිසිටීවී කැමරාවල දර්ශන සම්බන්ධයෙන් සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගත යුතු වාර්තා සියල්ල ලබාගෙන ලබන නොවැම්බර් 22 වැනිදා වන විට ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතන සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (30) රහස් පොලිසියට නියම කළේ ය. 30 May 2017
පිසූ ආහාර නොදෙන්නැයි සාගල ඉල්ලයි ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී පිසූ ආහාර නොදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉල්ලයි. 30 May 2017
දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ් කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු මීට වසර අටකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරී ලූතිනන් කමාන්ඩර්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ලබන 13 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කළේය. 30 May 2017
ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන සොයයි මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය. 30 May 2017
ආපදා නිසා ඉන්ධනහල් 23ක් අක්‍රියයි ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 May 2017
මරදාන දුම්රියපොළේ බත් පාර්සල් එකතු කිරීමට බාධක ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම්රියපොළේ දී දිවා ආහාර පාර්සල් හා ජල බෝතල් එකතු කිරීමේ වැඩසටහනකට දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා බාධා එල්ල කළ බව එම වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති. 30 May 2017
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ්රලියාව විසින් රුපියල් ලක්ෂ 580කට ආසන්න (ඕස්ටේ්රලියා ඩොලර් ලක්ෂ පහක්) වටිනා ආධාර තොගයක් මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 30 May 2017
රත්නපුරේ ගංවතුර යළි ඉහළට රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි. 30 May 2017
කොත්මලේ ජලාශයෙන් මළ සිරුරක් මතු වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (30) සොයාගත් බව තලවාකැලේ පොලීසිය කියයි. එම කාන්තාවගේ වයස අවුරුදු 55 ක් පමණ වන බවට සැක කෙරේ. 30 May 2017
නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දිගු කෙරේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 30 May 2017
ගංවතුරට හසුවූ නිවසට කිඹුලොත් බැල්ම හෙළති නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිදු කර ගැනිමේදි අවධානය යොමු කිරීම වැදගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 30 May 2017
රත්නපුර ආධාර හිතවතුන්ට පමණයි රත්නපුර විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දීම නිසි ආකාරව නොකරන බව අාපදාවට ලක්වූවෝ චෝදනා කරති. 30 May 2017
ආපදාවකදී අවතැන්වන්නන්ට වැඩි මුදලක් වෙන් කෙරේ ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
රාජ්‍ය ඇමැති ඩිලාන් වැටුප පරිත්‍යාග කරයි ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. 30 May 2017
විදේශීය මූල්‍යාධාර සියල්ලම නිවාස ඉදිකිරීමට ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 30 May 2017
කැලණි ගඟ නිම්නයේ ඉහළට වැස්ස වැඩිවෙයි අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 30 May 2017
ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම වහාම නවත්වයි දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
සුනිල් මිහිඳුකුල දිවි සැරිය නිම කරයි පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සිළුමිණ සමකර්තෘ මෙන්ම සරසවිය සහ රසඳුන කර්තෘ ධූර දැරූ සුනිල් මිහිඳුකුල මහතා අද(30) අභාවප්‍රාප්ත විය. 30 May 2017
කළමැටියේ ධීවර යාත්‍රා පහක් මුහුදට බිලි හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති බව කළමැටිය ධීවරයෝ පවසති. 30 May 2017
පොලිස් ජිප් රිය බස් රියක ගැටී ඒඑස්පී රෝහලේ ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 30 May 2017
සහන කටයුතුවල යෙදී සිටි හිමිනමකට මරණ තර්ජන මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත. 30 May 2017
මීගමුව බන්ධනාගාරයේ රැඳවියෝ සිව්දෙනෙක් පළා යති මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරු කරගෙන සිරකරුවන් සිව් දෙනකු පළාගොස් ඇතැයි මීගමුව පොලිසිය පවසයි. 30 May 2017
දිඹුල පවුල් 19ක් ඉවත් කෙරේ නායයැමේ අවදානමක් හේතුවෙන් දිඹුල යුනිෆිල්ඩ් වතුයායේ වතු පවුල් 19ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට දිඹුල පොලිසිය කටයුතු කර තිබේ. 30 May 2017
දකුණේ ගංවතුර - උතුරේ නියගය උතුරු පළාතට මාස කිහිපයක සිට වර්ෂාව නොලැබීමත් සමඟ පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 130,243ක පුද්ගලයින් 440,531 දෙනකු ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව එම පළාතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026