(ඔගස්ටින් ප්‍රනාන්දු)
බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ දී සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යශෝධ රංග බණ්ඩාර ජුනි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පි අබේසිංහ මහතා අද (12) නියෝග කළේය.
සැකකාර යශෝධ රංග බණ්ඩාර අධිකරණය හමුවට ඉදිරිපත් කර නොසිටි අතර ඔහු මේ වන විටත් බන්ධනාගාර නිලධාරිනගේ රැකවරණය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මෙහිදි හෙළි විය.
අධික ලෙසින් මත්පැන් පානය කර නොසැලකිලිමත් ලෙසින් රිය ධාවනය කිරිම ,රජයේ දේපලක් අවභාවිත කිරිම, පෞද්ගලික නිවසකට එම අනතුරින් අලාභ හානි කිරිම ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ..... මේ ඇත්තමද ? දියවන්න ඔය මඩවගුරට මුලික සුදුසුකම් ප්‍රයෝගිකව සපුරාලූ මේ හාදයට "ඔන්න පනයන, මෙන්න පනයන අසුහාරදාහේ" ලෙඩ නැතෙයි, ඉස්පිරිතාලෙට යවන්න ?
එක සැරයක් මුළු පවුලක්ම අබ්බගාත කළා, මේ පාර අර අහිංසක මනුස්සයාගේ ගේ කුඩු කරලා දැම්මා...හෙට..? මේපාර මෙයාට නීතියෙන් නියම දඬුවමක් නොදුන්නොත් ...ඊළඟ පාර මහජනයා මදි නොකියන්නම දඬුවම් කරාවි...
ලංකාවේ ඇමති පුත්තුන්ට පෙර සිටම අමුතු තාලේ උඩඟු රෝගයක් වැළඳුනා. රත්වත්තේගේ පුතෙකුට,එස්බීගේ පුතෙකුට,මර්වින් සිල්වාගේ පුතෙකුට ආදී වශයෙන් තවත් අයට මේ රෝගය වැළඳුනා.මේ බොහෝ අවස්ථාවන් වලදී ක්ලබ් සම්බන්ධ වුණා .ගහ ගැනීම්, රිය අනතුරුත්, මෙහිදී සම්බන්ධ වී තිබුණා. මොවුන්ගේ එම ක්‍රියා එම ආණ්ඩු වලට මහජන අප්‍රසාදය ලබාදීමට හේතු වුණා. මෑත කාලයේ රංග බණ්ඩාර මහතාගේ පුතා එතැනට ආවා. නමුත් මෙය එජාපයට දොස් කීමට යොදා ගැනීමට තරම් සාහසික විය යුතු දෙයක් නොවෙයි. මෙම ඇමති පුතාටත් නීතිය ක්‍රියාත්මක වීම අද සිදුවෙනවා.එත් බීමතින් පැමිණ මේ කරගත් දෙයට ඇමති පියා මාධ්‍යට දොස් කියා තිබුණා.එය වැරදියි.පුතා හදා ගැනීමයි කලයුතු වන්නේ.නීතිය හා සාමය ඇමති තුමනි,මේ ප්රශ්නයේදී නීතිය සාධාරණව යොදවා ඔවුන් කරන වැරදි වලට පක්ෂ පටලවා ගැනීමට කාහට හෝ ඉඩ නොතබන්න. එය ඔබතුමාගේ වගකීමයි.
වොඩ්කා බෝතලේ දාපු උණු කරලා නිවපු වතුර නේද බීල තියන්නේ. ඒවාට එච්චර වෙරි වෙනවද?
වතුර බෝතලයක් ගිය දුරක් ? ඕකේ රට බීම ජාතියක් එහෙම තිබ්බානම් කොහොම වෙයිද?
වතුර බිලා ගෙවල් කඩාගෙන ගියානම් අරක්කු බිව්වම මේ යෝදයා මොනවා කඩාගෙන යයිද?
ඒ උනාට තාත්තා නම් කියන්නේ "පුතා වොඩ්කා බෝතලේක උණුවතුර නිමල ගෙනියනවා බොන්න " " අමාත්ත්යාංශ වාහනයක් එයාට පාවිච්චි කරන්න පුළුවන්, එයා අමත්‍යංශයේ තනතුරක් දරනවා " යනාදී දේ. "වාහනේ තිබුණු කඩුව එයා ගෙනියපු එකක් නෙමෙයි, එයට ඒ ගෙදර මිනිස්සු ගහන්න ගෙනාපු එකක් කියල " මේ පුතා මෙයට කලින් වාහනේ හප්පලා, පවුලක්ම අබ්බගාතයෝ කරපු කෙනෙක්. මේ දේශපාලුවෝ හිතාගෙන ඉන්නේ, රටේ ඉන්න ජනතාව හරක් කියල.
ලබන පාර පළාත් සභා ඡන්දයට අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇත. ඔට්ටුයි පුත්තලමෙන් ඉහලින් පත් කර යවනවා ඇත.
මේ ළමයට බනින්න එපා. මෙයා කොතරම් හොඳද කියනවනම් වතුර ටික පවා ගෙදරින් බෝතලයකට දාල අරගෙන යනවා යන යන තැනට. වතුර ටික වොඩ්ක බෝතලේට දාපු එකේ පොඩ්ඩක් කොස්සක් තියෙනවා තමයි. එහෙම තමයි ඇමති පුත්තු, නැද්ද මන් කියන්නේ?
දේශපාලක දරුවෝ විතරද හාමිනේලාත් ඊට දෙවැනි නැහැනේ. සිගිරි අප්සරාවන් වගේ උඩට කොන්දේ බැඳගෙන රටේ සිවිල් නීතිය කඩපු ලමාතනිලා කාටවත් විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වුනාද ?
මීට පස්සේ රා ලබ්බක තමයි වතුර දාගෙන යන්න වෙන්නේ. අපුරු තාත්තයි පුතයි. කඩුව ගෙනියන්න ඇත්තේ කොස් කොටන්නට වෙන්න ඇති.
අනේ මෙයාට තිබහට බොන්න වතුර ටික ගෙනියන බෝතලෙටත් කතා කියනවනේ . අනේ පවු මන්ත්‍රී බේබි. තාත්තා නිතිය ආරක්ෂා කරන රැකියාවක් කල කෙනෙක් නේද ? අනේ රටකට ගිය කල. ජනතාව අන්දන්නයි දක්කන්නයි විතරයි දන්නේ. ජනතාව මෝඩයෝ නොවෙයි.
හෝටලයේ උණු වතුර බෝතලයක් (ෆ්ලාස්ක්) තිබුනේ නැද්ද දන්නේ නැහැ උණු වතුර ටික ද ගෙන එන්න....
ඔක්කොටොම වැරදිලා වගෙයි පෙනෙන්නේ.
අහෝ දෙවියනි, ඇමතිවරුන්ගේ මදාවි පුතාලාගෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කර දෙන්න.