සුජිත් හේවාජුලිගේ
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ජනාධිපතිවරණයට තරග වැදීමට බාධාවක් නොවන බවත් වෙනත් රටක පුරවැසියකු වන ඇමෙරිකානුවකුට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී අද (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගම්මන්පිල මහත්තයා ඇමරිකාවටත් නීති උපදෙස් දෙනවද
වැස්සට නීති විදයාලයට ගොඩවෙලා නීති උපාධිය ගත්ත සමහර මහත්වරු දෙන නීති උපදෙස් අනුව වැඩ කරන්න ගියොත් ඔය කාට කාටත් අලි අමාරුවක වැටෙන්න වෙනවා. සමහර වෙලාවට රනිල්ව ඊළග සැරේ ජනාධිපති කරන්න කොන්ත්‍රාත් එක අරගෙනද දන්නේ නැහැ.
නැවත 100 ගනේ එකතුකරන්න හිතුනද?
වැඩේ කරගන්නවා මදිවට හත්පොලෙත් ගා ගන්න එක තමයි කැත. අද වෙද්දී විහිලුකාරයෙක්ගේ මට්ටමටම වැටිලා තිබුනට හොඳට ඉන්න තිබුන මනුස්සයෙක්නේ මේ.
මෙන්න මේ වගේ මුදල් හොරකම් කරපු අයව ආපහු ඔස්ට්‍රේලියාවට යවන එක ඊළඟ ඡන්දේ මුලිකම අරමුණ විය යුතුයි.
දැන් මේ මහත්තයා කියන්නෙ ගෝඨාභය මහත්තයා ඇමරිකානු පුරවැසි භාවය අත්හරින්න කැමතියි, නමුත් ඇමරිකානු ආණ්ඩුව ඒකට ඉඩදෙන්නේ නෑ කියලද? ඒකත් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලද? නිකන් විකාර කතා කියල විහිලු කාරයෙක් නොවී ඉන්න....... ගෝථාභය මහත්තය ඇත්තටම රටට ආදරේට ජනාධිපති කමට ඉල්ලනවනම් මේ වෙනකොටත් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන.ජනාදිපතිවරණයට සූදානම් වෙමින් සිටිය යුතුයි.
කන්න ඕන උනහම කබරයත් තලගොයා වගේ පෙනෙනවා කියලනේ කියන්නේ.
ගල් පැලෙන පච කෙලින්න එපා මහත්තයෝ. ඒ ඇරත් ඒවා තීන්දු කරන්න ඔහෙට තියන අයිතිය මොකද්ද? අනුන් වෙනුවෙන් පෙනී සිටින එක එකමයි දැන් කොරන එකම ජනතා සේවය නේද?
කලියුග කාලේ රටේ ව්‍යවස්ථාවටත් වඩා කට වාචාලකම ඉස්මතුවී තිබෙන බව අපිට නම් අරුමයක් නොවේ. රටේ ව්‍යවස්ථාව හෝ රටේ නීතිය ඒ අයට අදාළ නොවන බවද මේ කියන්නේ?
ඇමරිකාවේ කොඩියට තව එක තරුවක් එක් කරන්න පුළුවන් වෙයි. මෙතුමාට ඔස්ට්‍රේලියාවත් එක්ක තව මොකක් හරි ගනුදෙනුවක් තියෙනවද දන්නේ නැහැ.
හොරකම් කිරීම ජනපතිවරණයට බාධාවක් නොවන මේ රටේ ඇමෙරිකා පුරවැසිභාවය ගැන කවර කතාද?
ගීතා කුමාරසිංග මහත්මියට ගෙදර යන්න සිද්ද උනේ ද්විත්ව පුරවැසි භාවය නිසා නේද ?