(නිමල කොඩිතුවක්කු)
සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය යුතු බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹදී පැවසීය.
හමුදා නිළධාරීන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජන ජීවිතයට උපකාර කරන ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඉන් මතු වන බවත් ඔහු සදහන් කියා සිටියේය.
ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩළ ශ්‍රවණාගාරයේදී එළිය සංවිධානය අද(12) කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් සිදුකළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙසේද සදහන් කළේය.
‘‘ වර්තමාන රජය බලයට පත්වූ දා සිටම කලේ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුනු යුධ සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තරය ඉදිරියේ නින්දිත ලෙස පාවා දීමයි. අප හමුදාවන් විසින් නොකල යුධ අපරාධ කලායැයි පිලිගෙන ඒ මතින් සැකසුනු 30/1 යෝජනාවේ තිබෙන නිර්දේශ එකින් එක ක්‍රියාත්මක කරමින් සිටිනවා.
අතුරුදන් වීමේ කාර්්‍යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්රඥප්තියට අදාල පනත් සම්මත කරගත්තා. දැන් අපරාධ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත සංශෝධනය කරමින් ඒ සදහා අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සකසමින් සිටිනවා.
2002 වසරේදී තමයි අපි මේ පනත අත්සන් කරලා තියෙන්නේ. ඒ පනතට අනුව අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ තොරතුරු ඉල්ලිය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට සහ අපිත් සමග ඒ සම්බන්දව ගිවිසුමක් ඇති කරගෙන තියෙන රටවලට පමණයි.
නමුත් මේ පනතට දාලා තියෙන සංශෝධන මගින් වෙනත් රටවලට, සවිධාන වලටත් අපේ තොරතුරු ලබා ගත හැකියි.
එසේම යම්කිසි රටක් ලබාගෙන තිබෙන ලිකිත සාක්ෂි සහ වීඩියෝ තාක්ෂණය මගින් ලබාදෙන සාක්ෂි අධිකරනයේ පිළිගත හැකි සාක්සි බවට පත් කරලා තියෙනවා. එය චූදිතයාට විරුද්ධව තිබෙන ඉතාම අසාධාරණයක් වනවා.
අද අපේ රටේ රණවිරුවන් හිරේ දානාවා. වර්ථමාන රජය රණවිරුවන්ට කරන මෙම හිරි හැර වගේම මේ රණවිරුවව ජාත්‍යන්තරයට මේ විදියට නින්දිත ආකාරයෙන් පාවා දෙන විට ජනතාව නිහඬව ඉන්නේ ඇයි කියන එක තමයි හමුදාවේ හිටපු පුද්ගළකේ විදියට මම අහන්නේ. ජනතාව දැන්වත් නැගී හිටලා මේ වර්ථමාන පාළකයන්ව පුලූවන් තරම් ඉක්මනට පන්නා දමන්න ඒකරාශී විය යුතුයි.
රටේ ස්වාධිපත්‍යය, රටේ ස්වෛරීභාවය, රටේ අභිමානය ජාත්‍යන්තරයට පාවා දිපු නින්දිත වෑයමක් විදියට තමයි අපි මෙය දකින්නේ. ඒ නිසා ජනතාව ඒකරාශී වෙලා මේ පනත කෙසේ හෝ පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ යැයිද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනයාගේ මෙම සැබෑ වෙනස් වීම රටේ යහපතට මහඟු පිටුවහලක් වේවි.
කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ස්ථානමාරු ඒ ගැන එතුමා සේවයකළ ප්‍රදේශයේ ජනතාව දැක්වූ ප්‍රතිචාරයත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට සමහර පුද්ගලයින් ගන්නා පටු උත්සාහය ඉතාම කනගාටු දායක කරුණකි. සමහර අවස්ථාවාදී දේශපාලඥයින් රත්නප්‍රිය බන්දු කර්නල් වරයාගේ දෙමල සම්භවයක් පිළිබඳව උලුප්පාදක්වමින් දෙමල වැසියන් එතුමාට ගරුකලේ හුදෙක් එනිසා බව ප්‍රකාශ කර තිබුණි. තවත් සමහරු මේ අවස්ථාව ගෙනහැර දක්වමින් එතුමාගේ ස්ථාන මාරුවට හේතුව විශ්‍රාම ගැන්වීමට නියමිත කාල සීමාව පැමිණීම නිසා බව පෙන්වා දෙමින් එම සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකර මාරුවීමක් ලබාදීම හෙලා දකින බව ප්‍රවෘති සාකච්චා පවත්වමින් ආණ්ඩුවට සහ හමුදාපතිට ඇඟිලි දික්කරමින් දෝශාරෝපනය කර තිබුණි. මේ හමුදා නිලධාරියෙකුහට මාරුවීමක් ලැබුන පළමුවෙනි අවස්තාව නොවේ. යම්හෙයකින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ස්ථාන මාරුව පිලිබඳ මෙවන් ජනතා ප්‍රතිචාරයක් නොලැබුනානම් මේ ගැන කිසිවෙක් කතාබහ නොකරනු ඇත. ඕනෑම බඩකඩිත්තුවක් යොදාගෙන ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්නට කැස කවන සමහර පිරිස් මෙම අවස්ථාවද තමන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නා ආකාරය පිළිකුල් සහගතය.
හොද දෙයක් දකින්න බැරි මිනිස්සු මම හිතන්නේ ලංකාවේ විතරයි ඉන්නේ .
සරත් වීරසේකර මහත්තයෝ, මේක ජීනීවාවලට ඉදිරපත් කරන්න හොඳම අවස්ථාව. මේකෙන් ප්‍රයෝජන ගතයුතුමයි.
සරත් වීරසේකර සම්බන්දයෙන් සාමාන්‍ය දෙමල ජනතාවගේ ප්‍රතිචාරය කුමක්ද?
මේ සිද්ධිය පෙන්නලා විපත්මගට ලකුණු දාගන්න නම් යන්න එපා. මිනිස්සු එතරම් මෝඩ නැහැ.
සංහිදියාව වචනයෙන් නොව ක්‍රියාවෙන් ඉටු කල මහතෙක්. සංහිදියාව ඇති කිරීම සඳහා වූ රටේ ඉහළම තනතුර ඒ මහතාට ලබා දෙන්න.
කලක් යනවිට කල මෝඩකම් තේරෙනවා එකයි අද, එදා රැවටුන දෙමළ මිනිසුන් අද ඔවුන් මිරිගුව පස්සේ දිව්වා කියලා දැනගෙන තියෙන්නේ,
සරත් වීරසේකර සේවයේ ඉන්න කොට කටේ ඉබ්බෝ දාලද?
සරත් වීරසේකර කියන්නේ රට වෙනුවෙන් නිරතුරුව වැඩක් කරන කෙනෙක්. දැනට වුවද එක්සත් ජාතීන්ගේ ඊනියා වැඩපිළිවෙලට විරුද්ධව යම් හඬක් ගෙනයන සැබෑ විරුවෙකි. කොටි ඩයස්පෝරාව සහ තව ඔවුන්ගේ ඉත්තන් ලංකාවට එරෙහිව විශේෂයෙන් රණ විරුවන්ට එරෙහිව ගෙන යන කූඨ වැඩ පිළිවෙලට එරෙහිව රට වෙනුවෙන් නිර්භයව ක්‍රියාකරන්නෙකි. ලංකා රජයෙන් කලයුතු දේ කරන්නේ මෙතුමාය.