( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
තැපැල් සේවක ගැටළු සඳහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 ක සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (12) වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙන අයුරු දැකගත හැකි විය.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට බෙදාහැරීම සඳහා පැමිණි ලිපි ඇතුළත් තැපැල් මලු විශාල තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන අයුරු හා තැපැල්කරුවන් භවිතා කරන පාපැදි ද එක් ස්ථානයක නවතා තිබෙන අයුරුද දැක ගත හැකි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවක අයිතිවාසිකම් වගේම රටේ ජනතාවගේ අයිතිවාසිකම්ද සුරක්ෂිත විය යුතුයි. ඒත් අප රටේ සේවක වෘතීය සමිති ප්‍රජාතන්තරවාදයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරනවා. මෙයින් පොදු මහත් ජනතාව විඳිනා දුක් පීඩා වල නිමක් නැහැ. මේ කඩාකප්පල් ස්ටයික් පිටිපස සිටින්නේ රතු දේශපාලනයයි. එහෙත් මේවාට රජයක් හැටියට නිරුත්තරව සිටීම නොමනා දෙයක්. මෙවැනි සේවා අතවශ්‍ය සේවා සේ සලකා මහජන සේවය සැලසිය යුතුයි. තවද, තැපැල් සේවාව පෞද්ගලික අංශයටද දිය යුතුයි.
' මම පිරිමියෙක් කියල කියත්දී , එකෙන් නොකියන දේ තමයි මම ගැහැනියක නොවෙමි යන්න නැත්නම් ගැහැනියකට උරුම වූ ගති ලක්ෂණ මා තුල නැත යන්නය. මේ කඩාකප්පල්කාරී වැඩ වර්ජන පිටුපස සිටින්නේ රතු දේශපාලනයයි කියන්නේ ද පල ගොහොරුවක කරවටක් එරී සිටින පාට තවරාගත් දේශපාලන අඳ බාලයන්ය. සේවක අයිතිවාසිකම් මෙන්ම ජනතා අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුය. රජයක් තෝරා ගන්නේ එනිසාය.