නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24 ක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 28 දහවල් දිස්ත්රික්ක හතකට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්රික්ක 7ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.