(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන 24% ක බද්ද නැවත 12 % දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරු මේ මස 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වැළකී සිටීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට අයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් විශ්ව විද්‍යාලයන්හි සේවය කරන සහ සම්පුර්ණයෙන්ම පේද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන යන අංශ හතරට අයත් විශේෂඥ වෛද්‍යවරු එම ක්‍රියා මාර්ගයට එක්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් මීට පෙර අයකරුනු ලැබුයේ ඔවුන්ගේ වාර්ෂික ආදායම මත 12% ක බද්දක් වන අතර නව බදු පනතින් එය 24% දක්වා ඉහළ දමා තිබෙන හෙයින් බලවත් අසාධාරණයක් සිදු කර ඇතැයිද වෛධ්‍ය විශේෂඥයින්ගේ සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෛද්යවරුන්ගේ ආදායම මත අයකරන 24% බද්ද 12% චක්වා අඩු කිරීම අමතරව දැනට රෝගීන්ගෙන් අයකරන 15% ක වැටි බද්ද ඉවත් කරන ලෙස ඉල්ලන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු අඩුකරන්න ඉල්ලනවා වගේම චැනල් ගාස්තුවත් රුපියල් 1000/- ට අඩුකරන්න කියල ඉල්ලනේ නැත්තේ ඇයි? වැට් බද්ද රෝගීන්ගෙන් අයකරන එක නම් අසික්කිතයි තමයි.
අපි සියල්ලෝම නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලා ගත්තෝය.එසේ නොමිලේ ලබාගත් දැනුමෙන් යම්කිසි තෝරාගත් කොටසක් ඒ අනුසාරයෙන් උපරිමයෙන්ම මුදල් උපයමින් (මොවුන්ගෙන් වැඩි පිරිසක් ළඟ මනුස්සකම නැති බවත් කිවයුතුමය. එය ප්‍රසිද්ධ රහසකි.) මෙසේ බදුමුදල් වැඩිකිරීම නිසා සටනකට සුදානම් වීම තම තමන්ගේ හිත්වලට එකඟව වැරදිද? නිවැරදිද? යන්න මෙසේ ඉහළටම ඉගෙනගත් මිනිසුන්ට සිතීමට හැකියාවක් තිබේද යන්නත් ගැටලුවකි. මෙසේ සෑම දුකක්ම විඳ දරාගෙන ජිවිතේ ගැටගසා ගන්නා සාමාන්‍ය ජනතාවට කාගේ පිළිසරණක්ද? මේ සාමාන්‍ය ජනතාවම නොවේද? මොවුන්ගෙන් ලෙඩට දුකට බෙහෙත් ලබාගන්නට යන්නෙත්... ඕනෑම රටක පැවැත්මට බදුමුදල් අවශ්‍ය බව ඔබ, අප හොඳින් දන්නා කරුණකි. අපගේ මෙම අදහස් වැරදිනම් කරුණාකර නිවරදිරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
දොස්තරලා කියන්නේ අද සමාජයේ හොඳ අාදායමක් උපයන කොට්ටාශයක්.. මේ ගොල්ලන්ට විතරක් බදු සහන දෙන්නේ මොකටද? මේ ගොල්ලන්ට දෙන තීරුබදු රහිත වාහන පර්මිට් එකම කීයක් වටිනවද? මේ ගොල්ලන්ට පහුගිය කාලේ කඩේ ගියපු සමාජවාදී කියන දේශපාලන පක්ෂ මේ ගැන මොකද කියන්නේ?
වැට් බද්ද ඉවත්කරන එක හරි. නමුත් දොස්තරලගේ අාදායම් බද්ද අඩුකරනවා නම් හැමෝගෙම අාදායම් බද්ද උපරිම සීමාව 12% කරන්න. 24% බදුගෙවන්න වෙන්නේ මාසික අදායම රුපියල් ලක්ෂ තුනකට (300000/=) වැඩියෙන් හම්බ කරන අයට... නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ අයට අනිත් මිනිස්සු ගෙවන බද්ද ගෙවන්න බැරිනම් මේ අයට ගහන්න ඕනේ මඩු වලිගයෙන්...
මේ ගොල්ල ඔය රෝගීන්ගෙන් අයකරන 15% ක වැටි බද්ද ඉවත් කරන කියන්නේ බොරුවට , 24% නෙවේ 50% අයකරත් කමක් නැ මේ ගොල්ලන්ගෙන්. අසරණ ජනතාවගේ බදු මුදල් වලින් වෛද්‍ය උපාදිය අරන් දැන් කියවනවා අපෙන් බදු ගහන්න එපා කියල. හැමදාම අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියලා වසරකට දවස් 100 කට වැඩිය ස්ට්‍රයික් කරන එක තමා කරන්නේ.
වෘත්තිකයින් වෙනුවෙන් අපගේ සම්පූර්ණ සහයෝගය ඔබතුමන්ලාට. ජයවේවා ඔබලාගේ සටනට...!!!
ඉස්සරහ දොරෙන් වර්ජනේ කරනවා කියමින්, පස්ස දොරෙන් චැනල් කඩේ ලස්සනට ඇරගෙන ඉඳියි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ මුළු ආදායම කොතෙක්ද කියා දන්නේ ඔවුන්ම පමණයි. එමනිසා කුමන බදු අයකළත් එය අදාල වන්නේ ඔවුන්ගේ මුළු ආදායමෙන් සුළු කොටසකට පමණි. එසේ තිබියදීත්, මෙවැනි ක්‍රියා මාර්ගයකට සැරසීම කෙසේවත් අනුමත කළ නොහැකිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙයවන්නේ කව්රුන් විසින්ද කියන දේ අද මුළු ලංකාවම දන්නවා. මේ උන්දලාට 15%ක වැට් බද්ද මතක් වෙලා තියෙන්නේ වෘත්තිකයින්ගෙන් අය කරන බද්ද වැඩි වුනාම. බොරුවට 15% වැට් එක ඉස්සරහට දාගෙන ආවට මෙතන තියෙන්නේ තනිකරම ජඩ ආත්මාර්ථකාමී උත්සාහයක්. අද සමහර වෛද්‍යවරුන් රුපියල් 1800-2000 ගන්නවා. රෝහල් ගාස්තුව, චැනල් ගාස්තුව එක්ක වැට් ගෙව්වම රුපියල් 3000 පනිනවා. මිනිස්සු පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ගන්න යන්නේ සල්ලි වැඩිකමට නෙමෙයි. ආණ්ඩුවේ ඉස්පිරිතාලයට ගියාම දවස ඉවරයි. මේ උන්දැලාට ගෙවන්න වන බද්ද 18% තියලා, චැනල් කිරීමේදී උපරිම ගාස්තුව 1500/- කරලා සියලුම සෞඛ්‍යය සේවා වැට් බද්දෙන් නිදහස් කරනවා නම් හොඳයි. ලෝකයේ ගොඩක් දියුණු රටවල සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා බදු අයකරන්නේ නැහැ. රටේ සෞඛ්‍යය ඇමති අපේ බදුමුදල්වලින්ම පිටරට ගිහින් බෙහෙත් ගනිද්දී මේවගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා.
අනේ ඔයාලා සේරම තමන්ගේ නීතියානුකූල රැකියාව හරියට වෙලාවට ගන්න පඩියට හා ඒ පඩියෙන් කන අයට හෙන ගහන්නේ නැතිවෙන්න රාජ්‍ය සේවය හරියට කරන්නකෝ... ඔය කිසිම පුද්ගලික වෛද්‍ය සේවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. භාගෙට රාජ්‍ය සේවය කරලා අසරණ මිනිස්සුන්ට පහත් විදිහට සලකලා ඔබලාගේ පුද්ගලික වෛද්‍ය සේවය හරහා චැනල් කරලා එන අයට වැඩි සැලකිලි කරලා දුප්පත් මිනිහට වලකපලා ඒ අයව මරණෙට කැප කරලා වැඩ කරන නිසාවෙන් තමා රටට මේ හේනේ ගහල තියෙන්නේ. රජයේ සියලුම වෛද්‍ය වරුන්ට පත්වීම ගත් දා සිට වසර 15ක් පුද්ගලික සේවය වහාම තහනම් කරන්න ඕනේ. නැතිනම් උපාධිය සඳහා ලක්ෂ 50 අයකර ලබාදීමට නීති සකසන්න ඕනේ... අපෙන්ම කාලා අපිටම කෙලින්නයි හැමදාම ලෑස්ති වෙන්නේ..
මේක වෛද්‍යවරුන්ගෙන් විතරක් අය කරන බද්දක් නොවේ ඉහළ ආදායම් ලබන සියලු දෙනාගෙන්ම අය කරන බද්දක් මේ අය විතරක් මේකට විරුද්ධ වෙන්නේ වෙනත් හේතුවක් ඇතුවයි. මේ අයගේ දේශපාලන නියාය පත්තරයේ තියෙන්නේ රාජපක්ෂලව නැවත රාජය බලයට ගෙනඒමයි. පහුගිය ආණ්ඩුව කාලයේ මේ සභාපතිවරයා නිතර නිතර අරලිය ගහ මැදුරට රිංගුව බව රටම දන්නා කරුණක් වන අතර අද මේ ආණ්ඩුව අස්ථාවර කරන්න රට තුල වැඩ වර්ජන හා උද්ඝෝෂණ කරමින් අනිකුත් වෘත්තීය වැඩ වර්ජන සදහා පොළඹවමින් සිටියි.
අසරණ ජනතාවගේ බදු මුදලින් ආණ්ඩුවෙන් පිනට ඉගෙන ගන්න අවධියේ විශ්ව විද්‍යාලේ ඇතුලේ දාන දේශපාලන දර්ශනේ, පොකට් එකට ගාන වැටෙද්දී දැනෙන්නේ නැතිව ඇති? උපයන ආදායම අනුව බදු ගෙවීම, ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන ඉතාම හොඳ ක්‍රමවේදයක්. අසරණ ජනතාවගෙන් සූරාකන මුදල් අනාගත පරපුර වෙනුවෙන් බදු වශයෙන් ගෙවීමට තිබෙන යුතුකම පැහැර හැරීමට තත් කිරීමම දේශ ද්‍රෝහී ක්‍රියාවක්. අපි දන්නා තරමින් රජයට නිසි පරිදි බදු නොගෙවා ඊට එරෙහිව කටයුතු කරන්නේ, රටවල් වල ක්‍රියාත්මක වෙන අනිසි ආකාරයෙන් මුදල් උපයන පාතාල කල්ලි හා මාෆියා කල්ලි පමණයි. මේ මාෆියාවන්ට එරෙහිව කටයුතු කරන රජයකට සහය දැක්වීමට මේ රටේ නීති ගරුක බුද්ධිමත් ජනතාව කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ.
කලබල වෙන්න දෙයක් නෑ. පෞද්ගලික රෝහල්වල විතරයි ඔය ප්රශ්නය තියෙන්නෙ. රජයේ රෝහල් වල කිසිඳු ආකාරයක සේවය ඇණ හිටීමක් නැහැ. පැය විසිහතරම ඇරල. සමහර අයට ලොකුම ප්රශ්නය තිබුනෙ රජයේ රෝහල්වල වැඩ නොකර ඇයි පෞද්ගලික.රෝහල්වල වැඩ කරන්නෙ ඇයි කියලනෙ. දැන් ඒකෙ අනිත් පැත්ත. පෞද්ගලික රෝහල් සේවා තුලින් රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා. රෝගීන්ට වාගේම සේවාසැපයීම් වලටත් විශාල බදු මුදලක් ගෙවීමට සිදු වෙනවා. මෙය ඉතාම අසාධාරණ කියාවලියක්.
ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල රජයේ සේවකයාගේ සිට කම්කරුවන් හෝ කුමන වෘත්තිකයෙකු වේවා බදු ගෙවිය යුතුයි. ඇයි අපේ රටේ දොස්තරලාට විතරක් වෙනම වරප්‍රසාද ? අපිත් වෙනත් වෘත්තිකයන් වුනත් මහන්සියෙන් උසස් අධ්‍යාපනය ලබා , ආණ්ඩුවට බදු ගෙවනවා. දොස්තර කුලයට එක හැන්දකිනුත් කොන්දොස්තරලාට තව හැන්දකිනුත් තිබෙන බදු ක්‍රමය මොකද්ද ? ආදායම් උපයනවානම් අදාළ නීතියට අනුව බදු ගෙවන්න ඕන. ඔබතුමන්ලාට උසස් අධ්‍යාපනය දුන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් මිසක් දෙමව්පියන්ගේ පුද්ගලික බුදලෙන් නෙවෙයි. අපිට ඒක මතක තිබෙනවා නම් , මොකද ඔබලාට මතක නැත්තේ. ? බදු විතරක් නෙවෙයි හරියට රාජකාරි නොකලොත් දොස්තරලාට විතරක් නෙවෙයි හැම රජයේ වෘත්තිකයෙකුටම දඩත් ගැහුවාට කමක් නැහැ.
ඔකොටම එඉස්රවෙල අපි සියලුම දෙනා අපේ බදු වලින් යැපෙන කාලකන්නි දෙසපළුවන් පන්නා දමන්ට කටයුතු කරමු. දොස්ටරලට සහ අනිත් වුර්තිකයන්ට සහයෝගය දෙමු.
උගත්කම විතරක් තිබුනාට මදි. විචක්ෂණ බුද්ධියක් නැතිනම් ගුණාත්මක වෘත්තිකයෙකු වෙන්න බැහැ. ඕනෑම රටක පොදු සමාජ කටයුතු සඳහා බදු අය කිරීම කල යුතුයි. උසස් අධ්‍යාපනයට බදු ගෙවන දොස්තරලා නොවන සාමාන්‍ය වෘත්තිකයන් , හෙට එලියට බැහැලා අපිට බදු ගෙවන්න බැහැ කිව්වොත් , අනාගත දොස්තර මහත්වරුන්ට සිදු වෙන්නේ දියුණු රටවල වල වගේ අතින් මුදල් වියදම් කර ඉගෙන ගන්න. ඔබේ උසස් අධ්‍යාපන බර දරු රටට , රාජකාරියෙන් ඉවත්ව නුගත් චන්ඩියෙකුගේ ස්වරුපය පෙන්වීම , ඔබේ දෙමව්පියන්ටද ලැජ්ජාවක් !
අනික් රටවල් වලට වඩා ලංකාවේ දොස්තරලට ලැබෙන්නේ අඩු සැලකිලි. නිදහස් අධ්‍යාපනය දුන්න කියල ඔවුන්ගේ තත්වය බාල්දු කරන්න හොද නැහැ.
කිසිසේත්ම නොකලයුතු දෙයක්. දැන් සයිටම් නැතිනිසා බදු අල්ලගෙන. ආදායමේ හැටියට බදු ගෙවීම වැදගත් පුරවැසියෙකුගේ යුතුකමක්. විදෙස් රටවල් දියුනුවීමට ප්‍රදාන හේතුවක් තමයි රටේ සියලුදෙනා අවංකව බදු ගෙවීම
බදු ගන්න මුදල් ගෙවන්නේ ඉතින් ඒ අයටම පින් පඩි ගෙවන්නනේ. කී දවසද වැඩ කරන්නේ...?
මෙතන වැටිලා තියෙන කමෙන්ට්ස් තොගයෙන්ම මේ අය ජනතාවට එපාවෙච්ච තරම පේනවා. මොවුනුත් මේ කුනුවෙච්ච "සිස්ටම් " එකේම කොටසක්. හැබැයි එහෙම කියලා හිතක් පපුවක් නැති මේ "සමහර " ශෛලොක්ලට සමාවක් දෙන්න බැහැ. මම මේ අයගේ තත්වයට එක කෙටි උදාහරණයක් දෙන්නම්... දිවයිනේ එක්තරා දුෂ්කර පැත්තක ඉන්න මේ " ස්පෙෂලිස්ට් " ලාට ඊට තරමක් දුරින් තියන ප්‍රාදේශීය නගරයක චැනල් වලට ගමන් පහසුකම් නොමිලේ දෙනවා බෙහෙත් කොම්පැනි ඒජන්තලා. උදාහරණයකට අද ප්‍රවාහනය A කියන කෙනාගෙන් නම් අද ලියන්නෙම මිනිහගේ කම්පැනියේ බෙහෙත් හෙට B නම් එයාගේ බෙහෙත් මේකේ ලස්සන විහිළු වඩාත් වෙනවා සමහර දවසට මිනිහට ප්‍රවාහනය දුන්න කෙනා පැටලිලා අනික් කෙනාගේ බෙහෙත් හෝ ගාලා ලියනවා. ඔන්න තත්වය... මම මේක කියවන අයට එක උපදේශයක් දෙන්නම්. මේ කවුරු හරි ඔබට ශල්‍යකර්මයක් නිර්දේශ කරොත් (සමහරවිට කියාවි දැන් නොකළොත් ඔයා මැරෙනවා කියලො) අනිවාර්යයෙන්ම දෙවන උපදේශයක් ගන්න... නැත්නම් පිළිගත්ත, ජරා බයිලා නොවන කෙනෙකුගෙන් අහන්න. නැත්නම් ඉතින් "සොරි" ම තමයි...
හම්බ කරන්නත් ඕන, බදු ගෙවන්නත් බෑ. යකාගේ නීතියක් නේ මේක. කඩ ටික වහල දාල, රජයේ සේවය හරියට කරලා ඉන්න, එතකොට වැඩි බදු නෑනේ.