සිංගප්පූරුවේදීය (රොයිටර්)
ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවට පැමිණ සිටිති.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තොග මෙන්ම කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම මෙම ඓතිහාසික හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ජී - 7 සමුළුවට සහභාගී වී සිටි ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකා දූත පිරිස කැනඩාවෙන් සිංගප්පූරුව බලා පිටත් වූයේ සෙනසුරාදා (9) දිනයේදීය. කෙසේ නමුත් උතුරු කොරියානු නායකය අද, ඉරිදා (10) සිංගප්පූරු වේලාවෙන් සවස 3ට පමණ වනවිට එරට පැමිණියේය.
ඉන් පැය කිහිපයකට පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණියේය. සිංගප්පූරුවට පැමිණි උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට අගමැති ලී සියැන් ලොන් හමු වූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ද ඔහු හමු වීමට නියමිතව තිබිණි. ඇමෙරිකා ජනාධිපතිවරයා නවාතැන් ගන්නේ සිංගප්පූරුවේ අගනුවර පිහිටි ෂැංග්‍රිලා ලා හෝටලයේ නවාතැන් ගන්නා බව ධවල මන්දිරය සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා ‘එයාර්ෆෝස් වන්’ නිල ගුවන් යානයෙන් සිංගප්පූරුවට පැමිණි අතර ඔහු සමඟ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී සහ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ද සිංගප්පූරුවට පැමිණියහ.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවට පැමිණියේ ‘අයි.එල් 62’ නැමැති ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙනි. ඉලුෂින් ‘අයි.එල් 62’ ගුවන් යානා සෝවියට් රුසියාවේ නිෂ්පාදනය. මෙම වර්ගයේ පළමු ගුවන් යානය නිෂ්පාදනය කරන ලද්දේ 1962 වසරේදීය.
(055)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවට පැමිණ සිටිති. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනා ගේ මෙම හමුව සාර්ථක අවසානයක් වනු ඇති බව පෙනෙන්නට තිබේ. දකුණු කොරියාව, චීනය සහ සිංගප්පුරු රාජ්‍යයන් විසින් උතුරු කොරියාවේ, කොරියානු අර්ධද්වීපයේ සංවර්ධනය සහ ආසියාවේ සාමයේ වැදගත්කම සහ අවශ්‍යතාවය උතුරු කොරියාවේ ජනාධිපතිවරයාට තදින්ම එ්ත්තුගන්වා තිබේ. උතුරු කොරියාවට ලැබෙන අවසාන අවස්ථාව බව ඇමරිකානු ජනාධිපතිවරයාද ප්‍රකාශ කළේය. ඒ අනුව උතුරු කොරියානු නායකයා බොහෝදුරට සාම මාවතට පිවිසෙනු ඇත. ඒ අනුව ඉදිරියෙදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්වීම බොහෝවිට සිදුවනු බව පැහැදිලිය. එවිට එක්සත් කොරියාව නමින් නව ප්රජාතන්ත්රවාදී රටක් අලුත් ගමනක් අරඹන බව පැහැදිලිය.