(ශාන්ත චන්ද්‍රසිරි සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )
තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) උදෑසන විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි.
ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල වරින් වර පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ එක් වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමත් සමඟ ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටමද ඉහළ ගොස් දර්ශණීය ලෙස කඩා හැලෙමින් පැවැතිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල පත්ව තිබෙන තත්වය ඉතාමත් දුක්බරයි. ඇල්ල නටන්න වාන්දොරටු අරින්නම ඕනෑ. පරිසර බද්ධ සංවර්ධනයක් සිදුවෙන්නේ නැතිනම් ඒ සිදුවන සංවර්ධනයේ සමාජ පිරිවැය, සංවර්ධනය තුලින් ලබන ආර්ථික ප්‍රතිලාභයට වඩා ඉතාමත් ඉහලයි. අවාසනාවට මේ පිළිබදව නිසි ඇගයීමක් කරන්නේ නැහැ. වැස්ස නැතිකාලෙට ඇල්ල බලන්න වෙන්නේ පින්තුරෙකින් විතරයි.