( නිශාන්ත කුමාර)
කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ ගැටුමකදී දර පොලු පහරක් වැදී මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන එම සිගිත්තාගේ පියා මෙම මස 20 වන දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා පොලීසියට නියෝග කළේය.
ඉකුත් 12 වැනිදා පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගියේ කන්දකැටිය වැවතැන්න උඩගම ගම්මානයේ ආර් ඩී සචින්ත සදරුවන් සම්පත් නම්වූ මාස පහක් වයසැති දරු සිඟිත්තෙකි.
මෙලෙස රක්ෂීත බන්ධනාගාර ගත කෙරුනේ කන්දකැටිය වැවතැන්න උඩගම පදිංචි ආර් ඩී විජේරත්න (26) නැමැති මිය ගිය දුරුවාගේ පියාය.
සිඟිත්තාගේ මරණයෙන් පසුව අතුරුදහන්ව සිටි සැකකරු පසුගිය 15 වැනිදා ඔහුගේම නිවසේ සැගවී සිටියදී කන්දකැටිය පොලීසියේ නිලධාරීහු පිරිසක් ඔහුව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd