( ඩි.කේ.රත්න)
වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුඩාඔය අටේ කණුව අසලදී අද (10) උදැසන 6.20 ට පමණ පොලිස් නිළධාරියෙකු ධාවනය ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් පොලිස් නිළධාරිවරයා මියගොස් ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.
තණමල්විල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින වැල්ලවාය ඇතිලිවැව වෙහෙරයාය පදිංචි පො.කො. 19271 ආර්.ජී.සුසන්ත නැමති හතලිස් එක් හැවිරිදි පොලිස් නිළධාරියෙකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම පොලිස් නිළධාරිවරයා තණමල්විල පොලීසියේ සේවයට ගොස් නැවත සිය නිවස ලබා එමින් සිටියදී කුඩාඔය අටේ කණුව අසලදී මෙම අනතුරට ලක්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd