(විනීතා එම් ගමගේ)
බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කරන ආයතනවලට සිද්ධිය යට ගසන ලෙස පාර්ශව තුනකින් බලපෑම් කරන බවට ආරංචි ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කළේය.
අගමැතිවරයාගේ පාර්ශවයෙන්, ජනපති පාර්ශවයෙන් හා රාජපක්ෂ පාර්ශවයෙන් ද බලපෑම් කරන බවට ආරංචි වූ බව ද හෙතෙම කියා සිටියේය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ පුරවැසි බලය සංවිධානය විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු විජේසූරිය මහතා මෙසේ ද කීය.
‘‘මේ සිද්ධිය යටපත් කරන ලෙස තර්ජනය කරනවාලූ, අඩන දොඩනවලූ. එහෙම නම් එතකොට මේ පාර්ශව තුනම වෙස් මුහුණු බැඳ ගෙන නටන්නේ එකම නැටුම නේද?
මේකේ අවසානයක් තියෙන්න ඕන. ඒ නිසා සියලු දෙනා බලපෑමක් කරන්න ඕන ඇත්ත එලි කරන්න කියලා. ’’
(ඡායාරූපය -ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දහන් ගැටේ ගසා මේවා යට කරන්න හැදුවත් කිසිඳු හොර තක්කඩියෙකුට තම තමන්ගේ සිත්වලින් එම මහජන මුදල් හොරා කෑම පිළිබඳව යටගැසිය නොහැකි බව අපට ඉතිහාසය හොඳින් කියා දී අැත. මේ හොරු තම අවසාන මරණ මංචකයේදී අනෙකවිධ දුක් විඳ තමා මැරෙන්නේ. අනේ මම අහිංසක මහජනතාවගේ මුදල් හොරා කෑවා නොවේද යන්න මොන ජගතාටත් සිහිවෙන එක නැවැත්විය නොහැක. "තවද මෙසේ මහජන මුදල් හොරා කෑවේ කාගෙද කෙනාගේ අඹුදරුවෝත් මෙම පාප කර්මයට වන්දි ගෙවනවා ගෙවනවාමය". මෙය දියවන්නා ඔයේ අම්බරුවන් 225 දෙනාටමත් පොදුය. එසේම මෙය ඔබට මෙන්ම අපටද පොදුය. "අහිංසක මිනිසුන්ගේ සාපය අති භයංකාරය".
මේ බැඳුම්කර වංචා ක්‍රමය හඳුන්වලා දුන්නේ කව්ද ? කොච්චර කලක් මේක කරගෙන ගියාද? ඒ සියලු දේවල් ජනතාවට හෙළි කරන්න.
බැඳුම්කරය ඉස්සරහට දාගෙන ගෙනයන අසීමිත ප්‍රචාරය නිසා පරණ කාලයේ සිද්ධ වුණු සියලුම හොරමැරකම් මිනි මැරුම් සහ දූෂණවලට දඬුවම් දීමේ ක්‍රියාදාමයන් සියල්ලම දැන් යට ගිහිල්ල වගෙයි පෙනෙන්නේ.
අනිවාර්යෙන්ම මේ තුන් පාර්ශවයම සම්බන්ධයී.කවුරු ඝෝෂා කරලා පොඩි දේශපාලන ආතල් එකක් අරන් ඊළග ඡන්දෙටත් තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න ඇති. නමුත් කවුරුත් නොහිතපු තැනකට මේක තල්ලු වුණා. විශේෂයෙන් ජනතාවගේ උනන්දුව හා මාධ්‍ය මගින් දෙන දායකත්වය නිසා... දැන් මෙය තීරණාත්මක තැනකට ඇවිත් මේ කාර්ය සම්පූර්ණ වෙනතුරු අපි අවදියෙන් හා අවධානයෙන් සිටියොත් මේ හොරුන් සියල්ලටම දඬුවම් කරන්න පුළුවන් වේවි...!!!
ආ මහාචාරිතුමෝ, ඔහෙත් සල්ලි ගත්තලු නේ. කීයක් හම්බුනැයි?
දොර වහන ගමන් අධෝ වාතය පිට කරාම සද්දෙ ශේප් කර ගන්න පුළුවන්. ඒත් ගඳ? සල්ලි ගත්තු තමුන්ලා තමයි ලොකුම බලපෑම කරනව ඇත්තේ.
තමුන්ලා සහතික දීල නෙමෙයිද මේ හොරුන්ට නොතිබුණු ජනවරමක් අරන් දුන්නේ. අද අපිට කියල වැඩක් නැහැ , තමුන්ලා ඒ හොරු රැල කරන වැරදි ගැන බලාගන්න ඕනේ. මේ රටට කරපු විනාසෙට පවුල්පිටින් හැදිගෑවිලා යන්න ඕනේ.
බලපෑම් ඇති. නමුත් එය මැඩගෙන ඉදිරියට ම යායුතුය. හොරු රැල නීතියේ රැහැනට අසු කල ම යුතුය.
ඔව් අපි දන්නවා එහෙම බලපෑම් වෙලා තිබෙනවා කියා . ඒක නිසයි අපේ රටවල් දේසපාලනික වශයෙන් දුෂිත රටවල් ලෙස දියුණු රටවල් විසින් හඳුන්වන්නේ . මේ ජාතික වංචාවට හවුල් ( ජාතියේ සම්පත් හොරාකාපු හොරාකන පුද්ගලයන් ඇතුළුව) සියලුම පුද්ගලයන් ජාතික අපරාධ කරුවන් ලෙස රටවැසියා දැනුවත් කර එය මතුපරපුරටත් දැනගැනීම සඳහා සමාජ ගත කරන්න ඕනේ . හොරුන්ව රකිනවානම් හොරුන්ට දඬුවම් නැතිනම් එවැනි දේවල් මාර්ගයෙන්වත් වත් දුෂණයන් වැළැක්විය යුතුයි .
නිකන් ලැබෙනවානම් හෙම්බිරිස්සාව උනත් ගන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට සල්ලි දුන්නොත් නොගෙන ඉඳීයිද? හැබැයි ඉතින් ගන්න ඉස්සරවෙලා මේවා කාගේ සල්ලිද? හොරකම් කරපුවද? නැත්නම් හොර සල්ලිද? කියල බලල නොගෙන ඉන්නයි තිබුනේ.
මේ මහාචාර්යවරයා? මෙයට කලින් මේ බැදුම්කර චෝදනා අගමැති පාර්ශවයට එල්ලවූ අවස්ථාවේදී කිසිම ප්‍රකාශයක් නොකර මගහැර සිටියා. දැන් අගමැති පාර්ශ්වයට එල්ලවූ චෝදනා ඔප්පුවෙමින් තිබෙනවිට අනෙක් පර්ශවවලටත් චෝදනා එල්ල කරමින් අගමැතිව බේරාගැනීම උත්සාහයක නිරතවෙන බව පෙනෙන්න තිබෙනවා.
ඔක්කොම හොරු! මමත් වරින්වර ඔවුන්ට චන්දය දුන්නා. දෙපැත්තම එකයි.
මහත්තයා මෙ පාර්සව තුනම හොරු දැන් මෙකද කරන්නෙ මාර්ගය වෙනස් කල නොහැක ඔබලාද මුලාතකල පාර්සව කරුවන් ද මෙ අයය ඔබලාට දෙවි රැකවරනයි.
ඇයි මහත්තයා මෙ පාර්සව කරුවන් තමා ඔබලාව රැවටුවේ දෙවියන් රැකවරනයි ඹබ සැමට.
බැදුම්කර හා රටේ මහපරිමාණයේ කරන වංචා හා දූෂණ නිසා අනිවාර්ය ප්‍රතිඵලයක් විධියට උද්ධමනය වැඩිවෙලා මිනිසුන්ගේ ජීවන වියදම වැඩිවී ජීවත්වෙන්න බැරි තත්වයකට පත්කරලා ඒ මදිවට මේ දූෂණ නිසා රටේ අහිමි වූ ආදායම හොයන්න මහජනතාවට බදුපිට බදු ගසා ඔවුන් හිගන්නන් තත්වයට පත් කරපු සියලුම දියවන්නා නඩයට හා ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාටත්, බත්බැල සියුලුම නඩයන්ටත් වැඩි කලක් නොගොස් ප්‍රතිඵල අත්විදීමට ලැබෙනවා ඒකාන්තයි.
අනේ ඔබලාගේ කතා අහපු කාලය ඉවරී
සල්ලිගත්ත සිවිල් සංවිධානවල කට්ටිය මේ පරීක්ෂණවලට බාධා කරන බව මෙතුමා පවසන්නේ නැත්තේ මන්ද?
අපේ ගමේ කම්මලේ ආචාරියාට වැඩිය දැනුමක් තියනවා හොරුගැන මහ ආචාරියෝ. මෙහෙම වෙයි කියලා කිව්වේ 2015 ඡන්දෙට ඉස්සෙල්ලා.
තමන්ගේ අම්මව විකුණුවා වගේ වැඩක්.. මේ කරපු අපරාධයට නම් ජාති ජාතිත් හෙණ වදීවි...
මේ ඩොලර් කාක්කා මොනවාද දොඩවන්නේ? රට විනාශ කරන මේ පිංගුත්තරයින් රටට අවශ්‍යද? අනිවාර්යයෙන්ම මේ පරගැති දේශද්‍රෝහී පුරවැසි බලකාය අැලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇතිබව ජනතාව හොඳින් දන්නවා.