සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය වෙනුවට නාමමාත්ර විධායක ජනාධිපති ධූරයක් ඇතිවීමෙන් රට අස්ථාවර වන බැවින් එම සංශෝධනයට විරුද්ධ විය යුතු යැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ගෙන එන ලද යෝජනාවක් අද (12) වැඩි ඡන්ද නමයකින් සම්මත විය.
මෙම යෝජනාව ගෙන එන ලද්දේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දීපික ලියනගේ මහතා විසිනි.
යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් හිමිවූ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණි.
එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර එම සංඛ්‍යාව 9 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිහතමානි පරාර්ථකාමී මහත්වරු පත්ව සිටින දේශපාලන අමතකවීම පිලිබඳ මම කනගාටුවෙමි.
මෙහෙමත් මිනිස්සු.
එදා විධායක ජනාධිපති රටට අනවශ්‍යයි කියපු සිංහලයොම නේද අද ඒකට විරුද්ධ වෙන්නෙ. මොකටද විධායක ජනාධිපති කෙනෙක් මේ පුංචි රටට. කිසිම දේශීය ආදායමක් නැති වහල්ලු පිටරට යවා පිටරට ණයවලින් යැපෙන නිකං පිං ඇමතිල පලාත්සභා ප්‍රාදේශීය සභාවල ඉන්න මැරයො පාලනය කරන්නද. අපි ඉස්සර කොච්චර සතුටින් හිටියද නාමමාත්රික ජනපතිවරුන් සමග. අපේ රටේ සමහරුන්ට ඕන ජනපතිව ඒකාධ්තියෙක් මහරජෙක් කරන්නද..?
1994 සිට 2015 දක්වා තේරීපත්වූ සියලු ජනාධිපතිවරු බලයට ආවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවයි කියමින්. වත්මන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් කිව්වේ දින 100 ක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවයි කියලා. පහුගිය ජනාධිපතිවරණ 5න්ම ජනතාව තීන්දු කරල තියන්නේ මේක අහෝසි කරන්න. ඒ නිසා පුංචි සභාවල්වල ගෙන එන යෝජනාවල් මෙතන්ට වලංගු නොවේ.
කලබල වෙන්න දෙයක් නොවෙයි.රාජපක්ෂ මහත්තයගේ මැද මුලණ වළව්වේ පිලිකන්නේ තිබුණ පොල් ලෙළි ගොඩකට ආපු ආසාවක් නොවැ. උන්නැහේලා දන්නේ නැතිව ඇති තමන්ගේ නායකයා දෙපාරක්ම රටට පොරොන්දු වුණ විත්තිය මේ විධායකේ අහෝසී කරනවා කියලා.
දැන් මිනිස්සු ඉල්ලනවා කියන්නේ එ්කාධිපතියෙක්ලුනේ. මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ටත් එ්කාධිපතියකුගේ අත්දැකීම් ලබා දෙන්න ඔනේ එ්ක කොහොමද කියලා තේරුම් ගන්න. එ්ක අත් විඳපු රටවල් එහි අර්ථය හොඳටම දන්නවා. ඔය එනවා කියන එ්කාධිපතියා අාරක්ෂක ලේකම් ඉද්දි දුන්නු අත්දැකීම් ඔය මිනිස්සුන්ට මතක නෑ. නැත්තනම් දන්නෑ. විධායක බලතල සහිතව පත් වුනාම බලා ගත්තහැකි.
පොල් ලෙල්ලක් ඉදිරිපත් කලත් දිනන, අතීතය අමතකවීම ස්වාභාවිකය. වසර දහස් ගණනක රාජාණ්ඩු පාලනයක වහල් මානසික ජාන අපේ මිනිසුන්ගෙන් තවම ඉවත්ව නැහැ. බත් මුඛය පාදාගන්න රජතුමා ළඟ බඩගා ගිය ජාතියකට එකාධිපතියකුගේ පාලනය ගැන වගවීමක් නැත. යහ පාලනයේ 'පරිනත' ප්රජාතන්ත්රවාදය තේරුම් ගැනීමටද හැකියාවක් නැත.