බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් නිල නායකයා වන ජී.එල් පීරිස් මහතා කීවේ ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන රජයේ ප්‍රබල පුරුකක් නොවන නමුත් එහි මුදුන් හිණිපෙත්තේම සිටින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන බවයි.
‘‘2020 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා එකවාගේ අදහස් ඇති දේශපාලන පක්ෂ රැසකින් යුත් දැවැන්ත සන්ධානයක් හදනවා“ කියලා දුමින්ද ඇමතිවරයා කියලා තිබුණා.
වර්තමාන රජයේ ක්‍රියා කලාපය නිසා ජනතාව ඉතාමත් විශාල ලෙසින් පීඩා විඳින බවත් තවත් අවුරුදු පහක් ඔවුන්ට මෙසේ පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රකාශ නිකුත් කරන්නේ නිල නොවන නායකයාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් අහලද? පිරිස් මහත්තය එජාපයේ හිටපු කාලේ ලෝකය වටේ පොරොන්දු "පොට්ටනියක්" කර ගහගෙන ගියා අපට අමතක නැහැ. පොහොට්ටුව කියන්නේ වෙන එකක් නෙවේ. එකේ ඇති ප්‍රතිපත්තියක් නැහැ. ඉන්නේ වැඩිදෙනෙක් දුෂණ චෝදනා එල්ලවී ඇති කට්ටියයි.ආණ්ඩුවේ එක පාර්ශවයක් අනෙත් පාර්ශ්වය විනාශ කිරීමේ උත්සාහයක යෙදී ඉන්නා මේ කාලයේ මැතිවරණයට ඉදිරිපත් කරන්නේ කවුද කියා තෝරා බේරා ගන්න කාටවත් වෙලාවක් ඇත්තේ නැහැ. භීෂණ දුෂණ දැන් සියලුදෙනාටම අමතක වෙලයි තියෙන්නේ. සියලුදෙනාම කරගන්නේ අනුන් නසන්නට කපන වලවල් වල තමන්ම වැටි මියයන එකයි. එහෙව් එකේ මාපිලෙක් දැම්මත් දිනන එක අරුමයක් නෙවේ.
කවුරු කෙසේ කීවත් මින් ඉදිරියට කිසි දිනක ජනතා ඡන්දයකින් මෛත්‍රීපාල ජනාධිපත් වෙන්නෙත් නෑ, රනිල් අගමැති වෙන්නෙත් නෑ.
ජී එල් පීරිස් මහත්තය හරියට මැජික් පෝෂන් එකෙන් උගුරක් බීල ටික වෙලාවකට කට අරිනවා වැඩ පෙන්වනවා
ඒවුනාට රටේ ජනතාව දන්නවා මෙයා පොහොට්ටුවේ පඹ නායකක් කියල. හරියට පහුගිය ආණ්ඩුවේ වරාය ඇමති තනතුර දුන්නා වගේ.
අපේ ජීඑල් පීරිස් මහතා මෙහෙම ප්‍රකාශ කලාට 16 කල්ලිය කියන්නේ වෙනමම දෙයක්. තුන්වන ලෝකයේ සමහර දේශපාලකයන් කබරගොයාව තලගොයා කරගන්න ඕනවුනාම, ප්‍රතිපත්තිය පාවාදී වෙනත් අවශ්‍ය දේ කරන්න ඕනවුනාම ඒ වෙලාවට කියන්නේ, දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවයි. කවුරුන් කෙසේ කීවත්,අපේ දේශපාලනයේ කිසිම විශ්වාසවන්ත බවක් ගැන සිතන්නට නම් බැහැ. අපේ රටේ පවතින දේශපාලනයේ ස්වභාවය ඔන්න ඔහොම තමයි.
ට්‍රම්ප් සහ කිම් දෙන්නත් යාළු උනාලු සිංගප්පූරුවෙදී. අපි නොදන්න ලංකාවේ දේශපාලනය.