(බදුල්ලේ පාලිත ආරියවංශ)
ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ එකම පරමාර්ථය. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (11) දා පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
අපි කවුරුත් උත්සාහ කරන්නේ 2020 ජනාධිපති අපේකෂක යූඑන්පියට විරුද්ධව ඉදිරිපත් කිරීමේ කාර්යයි. එම කාර්යභාරයේ 90%ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ.
අපි මහින්ද මහත්තයා හමු වුණ වේලාවෙත් මහින්ද මහත්තය කිව්වේ පොඞ්ඩක් ඉන්න අපි නම් කරන කල් කියලා. අපි ඉන්නේ මහින්ද මහත්තය නම් කරන තෙක් තමයි.
මහින්ද මහත්තයා නම්කරන අපේක්ෂකයා තමයි අපෙත් අපෙක්ෂකයා වෙන්නේ.
අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නම්කරන අපේක්ෂකයා වටා මෛත්‍රීපාල මහත්තය වටේට ඉන්න පක්ෂයේ අයත් ගොනු කරන්න. ඒකෙන් කීප දෙනෙක් යූඑන්පියට යයි. ඒක වෙනම ප්‍රශ්නයක්. අපිත් ප්‍රාර්ථනා ක රන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ඊළග ජනාධිපතිවරණයට අපේක්ෂකයා නම්කරන්නයි.
හැබැයි 2020 ජනාධිපතිවරණය වනතෙක් ඒ සඳහා ඉන්න ඕන නැහැ.
අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕන කියන මතයේ.
එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල් පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා.
ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා දවල් ඇස් දෙක ඇරගෙන හීන දකිනවා.
ඔයාලා මොන සෙප්පඩ විජ්ජා දැම්මත්, මොන බහුබූත කතා කිව්වාත් ඔය සියල්ල කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ. ඔබලාගේ ඡන්ද ප්‍රතිශතය ඉතා පහළයි. ඔබලාට කිසිම මහජන පිළිගැනීමක් නැහැ. තිබිච්ච ටිකත් විශ්වාස බංගයත් සමගම පරලොව වැඩියා. ඔබලා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මොන උප්පරවැට්ටි දැම්මත්, ජී එල් පීරිස් මහත්තයා පසුගියදා කියලා තිබුනේ ඔබතුමාලා ගැන හිතන්නවත් බැහැ කියලයි. එයට හේතුවී තිබුනේ ඔබලාගේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයයි. කන්දක් විලිළා මී පැටියෙක් වත් නොවැදු ඔබලාගේ බොරු සෝබන පුරාජේරු ගැන කව්රුන් විශ්වාස කරන්නේද ?
මෙයා සේරටම කලින් ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තුවට අවොත් නේද හොද.?
මෙන්න මේ වගේ අය ගෙදර යවන එක ඊළඟ ඡන්දෙ මුලිකම අරමුණ විය යුතුයි.
සමහර අසාර්ථක විවහා කරගත්තෝ සාර්ථක විවහා ඇතිකර ගැනීම සඳහා උපදෙස් දෙති.......
රිමෝට් එක තිබ්බේ චන්ද්‍රිකා අතේ..... මේ අය දොඩවන කිසි දෙයක් වෙන්නේ නෑ..... මේ 16 දෙනා අතර ඉන්නේ ඡන්දයෙන් පැරදුන ජාතික ලැයිස්තුවේ ඉන්න කට්ටියක්.......
ළමය ලංකාවේද?
ජනතාවගේ ඡන්දෙන් නම් පාර්ලිමේන්තු එන්න බැරි බව මෙතුමා දන්නවා , ලබන පාර පාර්ලිමේන්තු එන්න නම් පින් මන්ත්‍රී කමක් දෙන නායකයෙක් උවමනාය එමනිසා මොහු හදන්නේ දෙපැත්තම ශේප් කරගෙන ඉඳල කාගෙන් හරි පින් මන්ත්‍රී කමක් අරන් පාර්ලිමේන්තු ඇවිත් අපිව තව ටිකක් හුරාගෙන කන්න ,
මෙයාට ඉතින් හැමදාම අමු කැවිලා
ඔය ක්‍රමවේදයට අපේ අම්ම නම් කියන්නේ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියලයි.
දැන් මේ දුෂිතම කරපු සමාජයේ (සාමාජකයින්) මොවුන්ගේ මොලය කොලොප්පන් වෙලයි තියෙන්නේ . ජය ගන්න මනුස්සකම් , දුෂණය නෙමෙයි. දැන් ඉතින් හොදක් නරකක් තේරෙනවා කියලා හිතන්න බැහැ, මෙච්චර වයසට ගිහින්. ඉපදිච්ච රටට හෙනගහැව්වත් කමක් නැහැ කියලානේ මෙච්චර දවසක් වැඩ කටයුතු කලේ.
පුළුවන් නම් ජාති දෙකෙන් කුඹුරක් හාලා පෙන්වනවකෝ... මේ ගොයියා හදන්නේ දෙන්නගෙන්ම වාසි ලබන්නයි.