( ක.ග කරුණාරත්න)
විද්‍යා විෂය ධාරාවට අමතරව කලා /වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වහාම වෙනස් කරන ලෙස හා 2016 වසරේ සිට පවතින හිඟ දීමනා ලබා දෙන ලෙසට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ අද(12) කෑම පැයේ දීප ව්‍යාප්තව පවත්වන ලද වර්ජනයට පොලොන්නරුව මහ රෝහලේ හෙද හෙදි කාර්ය මණ්ඩලද එක්වී සිටියහ.
හෙද සේවයේ උසස්වීම් ලබාදීමේදී මෙතෙක් අනුගමනය කළ කාලසීමාව දීර්ඝ කර ඇති හෙයින් එය වසර 05 දක්වා අඩු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට පැවැති මෙම වර්ජනය සමස්ත ලංකා හෙද සංගමය ප්රමුඛ හෙද සංගම් ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට දශක දෙකකට පමණ පෙර බඳවා ගත්තේ කලා විෂය ධාරාව කරපු අය. ඒ අය ඉතා හොදින් සේවය කලා.
හෙදියන්ගේ ඉල්ලීම සධාරනයි මේකට විද්‍යා අංශයෙන් විතරයි ගන්න ඕන, ගණිත අංශය කලා අංශය වාණිජ අංශය නුසුදුසුයි නේද.? බැංකු වලට ගන්නේ වාණිජ කරපු අය විතරයිනේ, ඒ නිසා හෙද සේවයට විද්‍යාව කරපු අය විතරයි ගන්න ඕන.
අනේ මෙහෙම ඉරිශියාවක් අනේ මෙහෙම තණ්හාවක් : මිනිසුනි ලැබේද මින් සැනසීමක්.
පිනට ඉගෙන ගෙන තව රෝහලට ගියාම කියව කියවා ඉන්නේ ලජ්ජා නැද්ද තව ඉල්ලන්නත්. ඔයාලට ඉගෙන ගන්නකොටත් පඩි දීලා තව ඉල්ලනවා. සුපිරි සේවය. ලංකාවේ ඇමති මණ්ඩලයටම ගැලපෙනවා.
ඔතන ඉන්න හැමෝම උසස්පෙළ විද්‍යා අංශයෙන් සමත් කට්ටියද? එසේ නොමැතිනම් ඔවුන් සාමාන්‍යපෙළ සමත් ගණයට අයත්. උසස්පෙල වාණිජ, කලා සමත්නම් නම් ඔවුන් උසස්පෙළ සමතුන් වේ. හෙද පාඨමාලාව හැදෑරීමට උසස්පෙළ සමත් ඕනෑම සිසුවෙකු / සිසුවියෙකුට හැකිය. එම බුද්ධිය ඕනෑවටත් වැඩිය.
හෙදියක් වෙන්න උසස් පෙළ විද්‍යාව කරන්න අවශ්‍ය නැහැ. ඉස්සර කාලේ කෙල්ලෝ කොහොමද හෙද පුහුණුවට බඳවාගත්තේ කියලා පරණ හෙදියක් මට කියල තියෙනවා. ඒකාලේ දවස පත්තරෙයි ගම්මුලාදානිගේ කන්තොරුවෙයි තැපැල් කන්තොරුවෙයි දැන්වීමක් දමනවාලු එස් එස් සී වැඩ 6 ගණන් සිංහල එක්ක සමත් ළමයින්ට පැළඳුම් බෑග් එකත් අරගෙන ඉස්පිරිතාලෙට එන්න කියල නියමිත දිනයට. සම්මුඛ පරීක්ෂණයට ඉන්නේ රෝහල් අධිකාරී මෙට්‍රන් සහ අමාත්‍යංශයෙන් නිලධාරියෙක්. මෙයාල බලන්නේ මේ ළමයින්ට හෙදියකට කරන්න නියමිත වැඩ කටයුතු පුහුණු වෙන්න තරම් දැනීමක් තියෙනවද? සෞඛ්‍ය සම්පන්නද? සමාජශීලීද? ස්ත්‍රී ලාලිත්‍ය තියෙනවද? කියල. ඉතින් මේ පරීක්ෂණයෙන් සමත් අය කෙලින්ම හෙද පුහුණු පාසලට බඳවාගෙන නේවාසිකාගාරයට යවනවා. අසමත් අය ගෙදර යවනවා.