ඉන්දිකා රාමනායක
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියට වෙඩි තැබීම කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා විසින් සිදුකර ඇති බවට දැනට සිදුකරණ පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලිදී මේ බව අනාවරණය වී ඇති බවත් සැකකරු දැනට සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පොලිස් කණ්ඩායම් අද (13) පස්වරුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ෂොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදන ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගත් බව ඒ මහතා වැඩිදුරටක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ පිහිටයි... මොන හේතුවක් නිසා හෝ නැතිවුණු නිසා අවිආයුධවල පිහිට පතන්න අැති...
මේ කපුවාට කොහෙන්ද මේ බලය කොහෙන්ද මේ ධනය?
හමුදාවේ ලොක්කෝ මැණික් ගඟ අසබඩ මන්දිර හදපු ඒවා එළිකලේ මේ හාමුදුරුවෝ නේද?
දේව ආබරණ වෙන්න ඇති. පරිස්සමට ගෙදර ගෙන්න ඇති.
කපුවා කපෝතියි !!! මේ වෙඩි තැබීමට එහාගිය තව කුමන්ත්‍රණයක් ඇති. කපුවා එම සංස්ථාවේ "බළල් හස්තයක්" වෙන්න බැරිද?
හා හා හා !!! කට වැරැද්ද ගන්න එපා. ඔය ඔක්කොම ආයුධ කපුවෝ කියන විදියට දෙයියන්ගේ ආයුධ. පොදු ජනයට අකැප දේවල්. ඇතෙන්ම දෙවියෝ මේ හොර තක්කඩින්ට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි.
ඔහොම නෙවෙයි කපුවා මොන නීතී විරෝධී වැඩේ කරත් එයාගේ පිහිට පතාගෙන යන බැතිමත්තු ඕනෑතරම් ඉන්නවා. හරිම කණගාටුයි මගේ රට අවිද්‍යාවෙන්, මෝහයෙන් අන්ධ වෙච්ච මිනිස්සුන්ගෙන් පිරිලා...
ඇත්තටම මේ කපුවන්ටත් මෙච්චර සල්ලි කොහෙන්ද?
මෙවැනි කපුවන්ගෙන් නේද අපි දහස් ගණනින් මුදල් වියදම් කරමින් ආශිර්වාද ලබාගන්න යන්නේ. දෙවියනි ඔබ කොහෙද වැඩ ඉන්නේ.
දෙවියන් වහන්සේ පාවිච්චි කරලා අයින් කරපුව වෙන්න ඇති . මුණු හයක් තිබිලත් වැඩක් වෙලා නැනේ.