(මනෝප‍්‍රිය ගුණසේකර)
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට ඇති බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම හෙට (14) හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාළ චෝදනාවට වරදකරු බව තීරණය කළ හෝමාගම මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා ඥාණසාර හිමියන්ට ඳඩුවම් නියම කිරීම හෙට (14) දක්වා කල් තබන ලදී.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනෙකු හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැඳී ඇති අතර ඉන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කොට ඇති බව නඩු විභාගයේදී සඳහන් විය.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇය හෝමාගම පොලිසියට පැමිණිලි කොට ඇති අතර අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි කොට ඇත.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට විත්තිකාර හිමියන් වරදකරු බව නඩු විභාගය අවසානයේදී තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරයා දඬුවම් නියම කිරීම හෙට දක්වා කල් තබන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර වැරදිත් තියනවනේ,.. බලපත්‍රයක් නැතිව හා බීමත්ව රිය පැදවීම වගේ ඒවත් සලකළා උපරීම දඬුවමක් ලබාදිය යුතුයි.... සිවුරට මුවාවෙලා රටේ නීතිය අතට අරන් කරන වැඩ වලට නම්...
උසාවිය ඉදිරිපිට ඔහොම කළා නම්, වෙනත් ස්ථානයක සුදුකරන දේවල් හිතා ගන්න පුළුවන්නේ. ශාසනයට විතරක් නොවේ, හිරගෙදරටත් අබ සරණයි !!!
අවවාද කරල නිදහස් කලොත් හොඳයි.
හිමියනි, ඔබට අබ සරණයි..!!!
හෙට වෙන්නෙත් රන්ජන් රාමනායක කියපු දේ තමයි. අධිකරණය මෙතුමාට අවම දඬුවම් සහිතව නිදහස් කරයි. කොස්ගෙඩිය සොරකමට මාස 6යි. මෙයාට අවවාද සහිත අත්හිටවූ දඬුවමක් පමණි. රන්ජන් ඔබගේ කට තුළට මසුරන් දැමිය යුතුය. ලංකාවේ නීතියට ජයවේවා !!!
ලංකාවට අබ සරණයි. දේශපාලන සහ ආගමික බලපෑම නිසා කිසිඳු දඬුවමක් මට නම් පේන්න නැහැ.
හාමුදුරුවෝ නැත්නම් අහවල් කට්ටිය සිංහලයාගේ ඔළුව වෙනස් කරවලා. යුද්ධය පැවති වකවානුවේත් මහත් කැපවීමෙන් කටයුතු කළා. මෝඩ සිංහලයෝ හිතන්නේ හමුදුරුවන්ට තියෙන්නේ ඉඩම් නඩු කියලයි. ඔබ සැම වෙනුවෙනුයි හාමුදුරුවෝ හඬ නගන්නේ....
කූරගල, දෙවනගල, මුහුදු මහා විහාරය ආක්‍රමණයන් ගැන සිංහලයා දැනගත්තෙත් හාමුදුරුවන් හඬ අවදි කල නිසායි.
සියලුම භික්ෂුන් වහන්සේලා අරණ්‍ය ගත විය යුතුයි කියලා හිතන දේවදත්ත නිකායේ දායකයෝ පිරිසක් ඉහළ අදහස් දක්වනවා. විහාරවාසි භික්ෂුන් වහන්සේ වෙනයි. ජාතික සටනේ නියැලිලා ඉන්න භික්ෂුන් වහන්සේ ඉන්නවා. සියල්ල හේතුඵල දහමින් විස්තර කෙරෙනවා. ශාසනය රකින්න හිමිවරු පහළවෙනවා.
උඩින් අදහස් දාලා තියෙන අය අපේ බුද්ධි අංශයේ මිනිස්සු හිරේ දාද්දී ත්‍රස්ත්‍රවාදීන් නිදහස් කරද්දී කොහෙද දන්නේ නැහැ හිටියේ. මේ හාමුදුරුවන්ගේ වැරැදි ඇති. එත් ගිහියෝ විදිහට ඔය අය මොනවද කරලා තියෙන්නේ. මොනවත් නොකලත් කමක් නැහැ අඩුම ගානේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන් කතා කරන මනුස්සයෙක්ට අපහාස නොකර හිටියනම් ඇති ..
රට ජාතිය ආගම පිලිබදව නිවැරදිව කෙලින් කතාකරන්න ඉන්නේ මේ හාමුදුරුවෝ විතරයි. ඔබවහන්සේට කිසිම කරදරයක් හිංසාවක් වෙන්න එපා කියලා රටට ජාතියට ආගමට ආදරය කරන කෙනෙක් හැටියට මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ බුද්ධ චීවරය එක්ක නම් සෙල්ලම් කරන්න එපා . ආදීනව දැන ගෙන කටයුතු කලෝත් හෝදයි . ජාතියක් අවදි කල හිමි නමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!
අද සාසනයට හිමි වරුන්ට රටට ජාතියට අත් වෙලා තියන ඉරණම තමා. අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි !!
ජාතියක් අවදි කල මහා සගරුවනක් !!!! මුන් වහන්සේ නොහිටින්න අද අපි තවමත් නිදි ! ඔබ වහන්සේව සාසනය රකින දෙවිවරු රැකදේවා !!
ජිනිවා ගිහින් කරපු ප්‍රකාශයට දඩුවම් නැද්ද ? මේවාට ද දඩුවම් දෙන්නේ ? හිමි නමක් කවදාවත් රටට ජාතියට ආගමට අනතුරක් වෙන තැන එදත් අදත් හඩ නැගුවා. කව්රු කව්රුත් මේ දේවල් වල පල විපාක දැන ගෙන කටයුතු කල නම් හොදයි ! බුදු සරණයි අපේ හාමුදුරුවන්ට !!!
වැරදි කාරයා කියල තීන්දු කලානම් වරදට දඩුවම් දෙන්න හෙටට කල් දමන්නේ මොකටද ?
හැම දේටම ජාතිය ආගම ගාවන්න එපා.!
ඔබවහන්සේට ජය !!!
අපේ හාමුදුරුවනේ සිංහල බෞද්ධයා වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කර අපායට ගියත් කමක් නැත. සුද්දාගේ පාලන කාලෙත් බෞද්ධ භිකෂූන්ට මේදේ සිදු උනා. සිංහලයා වෙනුවෙන් හඬ නැගු දැවමොට්ටාවේ අමරවංස, මොහොට්ටිවත්තේ ගුන්නානද හිමිවරුන්ට ලැබුන ගෞවරය සිංහලබෞධයන්ගෙන් ඔබට ලැබෙනවා. ඔබ විරුද්දව කතාකලේ මහාජාතික සිංහලයා සුළුජාතීන් සමග සමකොරන්න හදන ඩොලර්වලින් යැපෙන ඊනියා එන්.ජී.ඔ කාරයින්ට විරුද්දවයි. සිංහලයා ඔබවහන්සේ සමගයි. සිරගෙට ගියත් භික්ෂුවක් ලෙස යන්න.
"හිමියනි ඔබට අබ සරණයි"
ගලගොඩඅත්තේ හිමියන් නිසා තමා අපි තාමත් අභිමානවත් ලාංකික සිංහල ජාතියක් කියලා යන්තම් වත් හිතෙන්නේ. නැත්නම් අපි නිවට නියාලු ජාතියක් වෙලා ඉවරයි ආයුබෝවන්.
මේ හාමුදුරුවන්ගේ සමහර වැරදි වලට මාත් පෑන ඔසවා තියෙනවා. ඒත් ඒකෙන් සිතුවේ උන්වහන්සේ විනාශ කිරීමට නොව වරද පෙන්වාදීමට පමණයි එහෙම කලේ.
වැරද්දක් කලාම ඒක කළ පුද්ගලයා අනුව එම වැරැද්දේ අඩු වැඩි බව තීරණය වෙන යුගයක් දැන් ඇවිල්ල තියෙන්නේ.
"හිමියනි ඔබට අබසරණයි" කියා මගේ නමින් ලියන්න ඇත්තේ සිංහ පුතෙක් වෙන්න ඇතිනේද?