ආරියරත්න රණබාහු
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඊට අමතරව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් ගෙන ඒමට වියදම් වු මුදල ද ගෙවීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා කීය.
ඒ සඳහා රුපියල් ලක්ෂ හත හමාරකට ආසන්න මුදලක් වැයවී ඇති බවද හෙතෙම කීය.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් සිදුවු හදිසි අනතුර සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබඳ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැති දුප්පත් කෙනෙකුට මෙහෙම වියදමක් රජය කරන එකක් නැහැ මම හිතන්නේ...
"වියදම් රජයෙන් දරනවා" යන්න "මහජන බදු මුදලින් දරනවා" ලෙස නිවැරදි විය යුතුයි. කෙසේ වෙතත්, මේ ස්වාමීන් වහන්සේට මෙලෙස සැලකීම හොඳ දෙයක්.
නිකන් මහජන සල්ලි පුද්ගලික මැර සටන්වල සුවවීම් වලට යටකරන්නේ නැතිව ඉන්න
නැතුව කොහොමද. වෙඩි තබිල්ලට සම්බන්ද යයි කියල සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න පුද්ගලයෙක් ඒ පළාතේ ආණ්ඩුවේ පාර්ශව කාර පක්ෂයක ප්‍රභවරයෙකුගේ උදව් කාරයෙක් කියලත් කියනවනේ.
හාමුදුරුවන්ට හොඳට සල්ලි තියනවා. ඕවා අනවශ්‍ය වැඩ. සමහරු කියනවා මේ හාමුදුරුවෝ දරු පවුල් කාරයෙක් කියලා. ඒ කතාව ඇත්ත නම් ඒ ගොල්ලන්ගේ වියදමත් රජයෙන්ද? මහජන මුදල් ඔවැනි දේවල් සඳහා වියදම් කරනවට අපි තදින්ම විරුද්ධයි!
ලොක්කා පරෙස්සමෙන් හොඳේ. .හාමුදුරු කෙනෙකුට කාරෙකක් දීල එක හිටපු ඇමති කෙනෙක් එෆ්සීඅයිඩී යනවා.මේවට වියදම් කරන්නේ ඔබතුමාගේ බුදලෙන් නම් ප්‍රශ්නයක් නැහැ.රජයේ මුදල් නම් පරෙස්සමෙන් හොඳේ.
විජාතිකයින්ගේ විරුද්ධකම්වලින් සිංහල බෞද්ධයින්ට වැඩක් නැත. මේ ස්වාමින් වහන්සේ සිංගප්පුරු යවා හෝ සුවපත් කරවන්න.