(ලහිරු හර්ෂණ)
හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මීට සුළු වේලාවකට පෙර උසාවියට පැමිණියහ.
හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.
ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ මේ වන විට රැදී සිටිති.
මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද අධිකරණ සංකීර්ණයේ රැස්වී සිටියි.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණියාය.









COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.