(එෆ්.අස්ලම්)
උතුරු සංවර්ධන,නැවත පදිංචිකිරීම්,පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සදහා අද (14) වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.
නව රාජ්‍ය හා නි.අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ධාරාවෙන් එල්ල වූ විරෝධය හා විවේචන මත මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
තමාට පිරිනැමූ හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී උතුරු සංවර්ධන පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ නි. අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව පත් කර අයට වඩා මෙයාට මොළේ තියෙනවා වගෙයි.
අන්න නියම මහත්මා ගතිය. නුසුදුසු දේ අවශ්‍ය නෑ. ඕක දෙන වෙලාවේම බෑ කීවානම් තවත් අර්ථවත්. මේ තනතුරු ලබා දෙන අයට මොලේ නැති බව මුළු රටම දැන් දන්නවා.
දෙනු ගනු....
ඕක විතරක් නොවේ... ක්‍රිස්තියානි කටයුතු ඇමති රන්ජිත් අලුවිහාරේ... දැන් බයිබලය එක අතක අනික් අතේ කොන්තේ.