චමිල් රූපසිංහ
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් තමන් සැමවිට පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසුයේ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවීම සඳහා අද (14) මහනුවරට පැමිණි අවස්ථාවේදීය.
ඇමරිකානු තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලයට ඒමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අදහස් විමසූ විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීවේය.
‘‘මම දන්නේ නෑ එහෙම ප්‍රකාශ කළාද කියල. නමුත් එහෙම ප්‍රකාශ කළානම් ඇමරිකානු තානාපතිවරයා එතරම් පහත් තත්ත්වයකට වැටෙයි කියා මා විශ්වාස කරන්නේ නෑ.
දූෂණය නැති කරනවා කියා කියන්නේ තමන්ට විරුද්ධ දේශපාලකයන් අල්ලා හිරේ දමන එක නොවෙයි. දූෂණය නැති කරනවා කියන්නේ නියම හොරු අල්ලන එක. අපි හොරෙන් සල්ලි අරගෙන මුදල් හම්බ කළේ නෑ. දුෂණය නැති කරනවා කියා මිනි මරපු අය පැත්තක සිටියදී ඒවා නිවරදි ලෙස නිරික්ෂණය නොකර අසරණයන් පිටුපස එලවනවා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත කොට මහජන මුදල් හිතුමනාපයට වියදම් කිරීම හොරකමක් නොවෙයිද?දළදා මාලිගාව වටේට රේස් පැද්දේ මොන බලයෙන් ද ?
කොහොමත් මෙයාට ඉල්ලන්න බැහැ නේද ඇයි ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් නේද? ඇමෙරිකාවෙත්
අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අනිවාර්යෙන්ම පැරදවිය යුතුය. නමුත් මේ කුමන්ත්රණයනම් හොඳ එකක් වගේ. අනික එයාලාගේ පුරවැසියොනේ එ් තානාතිපතිට එ්කට අයිතියකුත් තියනවා. මෙතුමගේ පුරවැසිභාවය අතහැරීමට ද නොහැකි බව දන්වලා තියනවා. නායකයන් විය යුත්තේ ලංකාවේ හා ලෝකේ හැමෝම එක්ක ගනුදෙනු කල හැකි තුන්කල් දකින අය
ඇමරිකානු තානාපතිවරයා මෙතුමාට ජනපතිවරණයට එන්න ඉඩ නොදෙනවා කියන කියමන විහිලු සහගතයි. තානාපතිතුමා ඒ සම්බන්ධයෙන් තියන නීතිමය තත්වය පැහැදිලි කරන්න ඇති. එවිට ජනපතිවරණයට එන්න බැරි බව තේරෙන්න ඇති.
ඇමෙරිකාවේ තානාපති හිතන්න ඇති ඇමෙරිකාවේ පුරවැසියෙක් ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලා පරාද උනොත් එක ඇමෙරිකාවට වන අගෞරවයක් කියලා.මොනවා කලත් තමන්ගේ රටේ පුරවැසියෙක්නේ.
ඡන්ද ලකුණ වාහනයක්ද?
රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්න රටේ සම්පත් ටික විකුණාගෙන කන එකේ,රටට ජාතියට ආදරය ඇති, වැඩක් කරපු මිනිහෙකුට ද්විත්ව පුරවැසිභාවය තිබුණයි කියලා මොකද වෙන්නේ. අනිත් එක රටේ ජනතාව කැමැති ඒ මනුස්සයටනම් ජනාධිපතිවරණයට ඉල්ලුවාට කමක් නැහැ . දැන් මේ රට විනාශ කර ගෙන යන විදිහට මේ වගේ පුද්ගලයෙක් ජනාධිපතිවරයෙක් වුණොත් එක අපේ ජාතියේ වාසනාව.
ඕනෙම ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකුට තමන්ට අවශ්‍ය නම් තම පුරවැසි භාවය අත්හැරිය හැකියි. එසේ කොට, ලංකාවේ නීතියට අනුව මෙතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. ඕනෙම අයෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කල හැකි නමුත්, ඇමරිකානු තානාපතිවරයා වැනි කෙනෙක් තව රටක ප්‍රජාතාන්ත්‍රික දේශපනලය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙකු ගැන තම අදහස් පල කිරීම එතරම් යෝග්‍ය නොවන දෙයක් බවයි මගේ අදහස.
අවශ්‍යතාවයක් නෑ නෙමේ අවශ්‍යතාවයක් තිබුනට එන්න නීතිමය වාතාවරණයක් නැහැ
ඊශ්‍රායෙල් දැන් ඉන්න අගමැති ඇතුළු හිටපු අගමැතිවරු ඇතුළු සැහෙන පිරිසකට ද්විත්ව පුරවැසි භාවය තියෙනවා. අපේ නීතියත් යූ.එස් නීතිය අනුව පුරවැසි භාවයෙන් ඉවත් විය හැකිය. අවලංගු කල හැක...