රංජන් කස්තුරි
රජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණ සිදුකර ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් විදේශවලින් මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා හෙයින් ශ්‍රි ලංකා සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවද එම සංගමය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
විදේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මේ රටේ කිසිදු පුරවැසියකුට විමසීමට ඉඩක් නොමැති බවද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම වශයෙන් 5% ක් විදේශ සිසුන් බඳවා ගැනීම නිසා ලංකාවේ විශ්වවිද්‍යාලවල රේටින් එක ඉහළ යන නිසා අප සතුටුවිය යුතුයි. විදේශ සිසුන් ආශ්‍රය කිරීමට ලැබීමෙන් අපේ සිසුන්ට විෂයානුබද්ධව වැඩිපුර දියුණුවක් ලබාගත හැකිවේ. දැනට අතුල්කරගන්න විදේශ සිසුන් ප්‍රමාණය 4.5% වන අතර එම ප්‍රමාණය දේශීය සිසුන් ගෙන් අඩුකරනු නොලැබේ. වසරකට අතුල්කරගන්නා සිසුන් සංඛ්‍යාව 1200ක් නම් විදේශීය සිසුන් 54ක් ඇතුලත් කල හැකිවේ නමුත් දේශීය සිසුන් 1200 ක්ම ඇතුළත්කරගනු ලැබේ.
මෙයට කලයුත්තේ විදේශීය සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාලවලට අනුයුක්ත කොට, එම ස්ථාන ලාංකික සිසුන්ට ලබා දීමයි.
බලන්න මෙය රටට විදේශ විනිමය එන මාර්ගයක්. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අදායම් මාර්ගයක්. ධාරිතාවය වැඩි කලානම් හරි .