බිඟුන් මේනක ගමගේ
සියළුම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා නිර්දේශ ඉදිරිපත් කරන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
සේවා ඵලදායිතාව නැංවීම හා කුඩා දරුවන්ට සුරක්ෂිත ළමා වියක් තහවුරු කිරීම අරමුණු කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කරන්නේ යැයි එම අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
කුඩා දරුවන්ගේ රැකවරණය සහතික කරගැනීමට ඇති අපහසුව රාජ්‍ය හා පෞද්ගලික සේවා අංශ දෙකටම දැඩි බලපෑමක් ඇතිකර ඇතැයි කී හෙතෙම පවුල් සංස්ථාව තුළ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය කිරීමට එය ප්‍රධාන කරුණක් වී ඇතැයි ද පැවැසීය.
හතු පිපෙන්නාක් මෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන තැන තැන ස්ථාපිත කළ ද ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ද අවධාරණය කළේය.
ඒ අනුව රජයට මෙම නිර්දේශය ඉදිරිපත් කිරීමේදී ඉහත සියලු කරුණු සැළකිල්ලට ගනු ලැබී යැයි ද ඒ සඳහා වූ සැලසුම් මේ වනවිටත් සකස් කරමින් පවතින්නේ යැයි ද අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කාලෝචිත යෝජනාවක් සාර්ථක වේවායි සුභ පතමු.
ආයතනය තුළ ඕක දාල රජයේ සේවකයන්ගෙන් කරන වැඩෙත් කොරගන්න බැරිවෙනවා අස්සටම රිංගයි ළමයි බලන්න වැඩේ දාල. කරුණාකර ළමා සුරැකුම් මධ්‍යස්ථාවල ප්‍රමිතිය සඳහා වැඩපිළිවෙලක් හදන්න. කෙටි ක්‍රම හොයන්නේ නැතුව.
පඩි ගෙවන්නේ කව්ද
ඉතා කාලෝචිත වැඩක්. රජයේ සේවකයෝ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නේ නිසා පීඩා විඳිනවා. රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. මෙහෙම දෙයක් නැති හින්දයි හොරෙන් හොරෙන් ලමයි බලන්න යන්නේ.
ඉතා හොඳ යෝජනාවක්
සියළුම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලයි. රජයේ ආයතනයක සේවය කිරීමට සේවකයන් පැමිණෙන්නේ ඉතා දුර බැහැරවය. ඉතා සීමිත කොටසක් සේවා ස්ථානය අවට පදිංචි වී සිටි. සේවා ස්ථානවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පෙර බොහෝ කරුණු කාරණා ගැඹුරින් සොයා බැලිය යුතුය. බොහෝ රජයේ සේවකයන් තම සේවා ස්ථානයට පැමිණෙන්නේ බස් වලිනි. සමහර අවස්ථාවල සේවා ස්ථානය තිබෙන්නේ බස් නැවතුමෙ සිට බොහෝ දුරය නැත්නම් සේව ස්ථානයට යාමට පාරේ කන්දක් යාමට සිදුවේ. තනියම යාමට පවා අපහසු බව තිබෙද්දී කුඩා ළමයින් සමග සේවා ස්ථානයට යාම ගැන මොන කතාද. කාර්ය බහුල ලෝකයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කාලෝචිතය. නමුත් පළමුව තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා වඩාත් කාර්යක්ෂම ප්‍රමිතියක් සකස් කර එම සුරැකුම් මධ්‍යස්ථාන නිරතුරුව රජයේ පරික්ෂාවට ලක්කල යුතුය ඒ සදහා නීති සම්පාදනය සහ ක්‍රම වේදයක් සකස් කළ යුතුව තිබියදී රජයේ සේවකයන් වෙනුවෙන් එම ආයතනවල සුරැකුම් මධ්‍යස්ථාන පිටුවිම ප්‍රශ්නයට පිළිතුර නොවේ. නිවැරදි විසදුමනම් සෑම රැකියා කරන මවකටම දරු ප්‍රසුතියෙන් පසු පළමු වසරේ නිවසේ නැවතී දරුවා බලාගැනීමට පඩිසහිත නිවාඩු දිය යුතුය.
ගොඩක්ම හොඳ යෝජනාවක්. ඒත් මේක රජයේ ආයතන වලට විතරක් සීමා නොකර පුද්ගලික ආයතන වලත් පටන් ගන්නවනම් හොඳයි. ඒ විතරක් නෙමේ පිට පළාත් වලත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන අරඹනවා නම් කාලෝචිත දෙයක්. හොඳ නීති මාලාවක් යටතේ පටන් ගන්නවානම් රටේ අනාගතය වෙනුවෙන් ඉතාම හොඳය.