විනීතා එම් ගමගේ
තහනම් පොලීතින් නිපදවූ අලෙවි කළ හා ළඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු මේ වසරේ මුල් මාස පහේ දී නීතියේ රැහැනට අසු කර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව ඇත.
එම මාස හයේ දී සිදුකළ වැටලීම් 2738 කින් මෙම පිරිස අල්ලා ගැනීමට හැකි වී යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
පොලීතින් නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයින් දෙදෙනෙකු ද මෙම වැටලීම් වල දී කොටු වූ බවත් ඔවුන්ගේ නිෂ්පාදනාගාර මුද්‍රා තැබීමට තීරණය වු බවත් හෙතෙම කියා සිටියේය.
එමෙන්ම තහනම් පොලීතින් නිෂ්පාදනයක් වන පරිසරයට හානිදායක ලන්ච්ෂීට් තොග වශයෙන් නිපදවන රාගම, තේවත්ත ප්‍රදේශයේ පිහිටි කම්හලක් ද මුද්‍රා තැබූ විමර්ශන නිලධාරිහු එම කම්හල් හිමිකරුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් තහනම් පොලීතින් බැහැර කරමින් පරිසර හිතකාමී පොලීතින් නිපදවීමට බොහෝ නිෂ්පාදකයින් මේ වන විට පෙළඹී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම තරාතිරකම පොලිතින්,ප්ලාස්ටික් සම්පුර්ණයෙන් තහනම් කල යුතුය. හැමතැනම පොලිතින් මිශ්‍ර කුණු ගොඩවල් ,විදේශිකයෙකුගෙන් ඇහුවොත් කියන්නෙම බැලූ බැලූ අත කුණු ගොඩවල්,ජපන්නු මේ රටට ඉතා අඩුවෙන් එන්න හේතුව අපිරිසිදු කම .රේල් පාර දෙපැත්ත කුනුම ගොඩවල් නිමාවක් නැත.නගර ගැන කියල වැඩක් නෑ.මේක රටක්ද ?අපායද? දැඩි නීති නැතුව මුන්ව හදන්න බෑ.සිංගප්පුරුව හදාගත්තේ එහෙමය .නැත්නම් එහෙත් මේ වගේමය
කෝච්චියේ යන අය කනවා බොනවා ජනේලෙන් එලියට දානවා. මේකට දඩය 1000 ක් කරලා ක්‍රියාවට නැගුවානම් අඩුවෙනවා. ලාංකිකයෝ ගෝත්‍රික මට්ටමට ආසන්නයි කියූ කතවා 99% හරි. ඉන්දියාවත් මේකමයි.
කඩේ යනවිට ගෙදරින් මල්ලක් ගෙනියන්න. බත් එකක් කඩෙන් ගන්න යනකොට ගෙදරින් භාජනයක් ගෙනියන්න. අපි කරනවා වගේ කරන්න. රටට පරිසරයට ආදරය කරන්න. ලෝකේ ඕනෑම පිරිසිදු රටක් ඉතා දියුණුය. උපදින්නේ බුද්දිමත් දරුවන්ය.
රට වටේම මුහුදු වෙරළේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගානක් එකතු කල හැකිය.