(අනීෂා මානගේ)
පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග කියයි.
රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි දැරියක පාසලේදී හදිසියේ අසනීප වී තිබේ.
පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට පාසල් නිලඇඳුමෙන්ම තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. දැරියගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඇයට ශල්‍යකර්මයක් සිදුකර බිළිදා බේරාගෙන තිබේ. මේ පිළිබදව රෝහල් බලධාරින් හුංගම පොලිසියද දැනුවත් කර ඇත.
අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද බිළිදා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු විසින් රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු බව පොලිසිය කියයි. මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මාමා කෙනෙක් ජීවිතේ ඉතුරු කාලය හිර ගෙදර ගත කලයුතුයි.
මස 8 ක් යනකම් ගෙදර මිනිස්සු දන්නේ නැහැ. ළමයා ගැන පුදුම සෙවිල්ලෙන් ඉඳල තියෙන්නේ
අපේ පාසල් වලට ගිය කලක්, මරු වැඩේ ඉපදෙන්න කලින් ළමය ඉස්කෝලේ ගිහිල්ලද කොහෙද? ගුරුවරු දන්නේ නැහැ මාස අටක ගැබිණියක් ඉස්කොලේ එනවා කියලා. මම හිතන්නෙ යහපාලනයේ තියෙන නිදහස් අධ්‍යාපනය වෙන්න ඕනි. අනේ ඉතින්, අපේ නිදහස් අධ්‍යාපනය ලබන ඉස්කොල වලට මෙහෙම වෙනවා කියන්නේ රටේ අධ්‍යාපනයට අඹ සරණයි !
මාස අටක දරූ ගැබක් සහිත අවුරුදු දහතුනක දැරියක් හඳුනා ගන්න බැරි තරමට ඔය පැත්තේ දෙමාපියෝ වැඩිහිටියෝ සහා ගුරුවරු ගුරුවරියෝ කන වෙලාද මන්දා ?
මාස අටක දරූ ගැබක් සහිත අවුරුදු දහතුනක දැරියක් හදූණාගන්න බැරි තරමට ඔය පැත්තේ දෙමාපියෝ වැඩිහිටියෝ සහ ගුරුවරු ගුරුවරියෝ කන වෙලාද මන්දා ?
අවුරුදු 13ක කුඩා දැරියකගේ උදර ප්‍රදේශයේ වෙනස් වීම කොහොමද මවකට හඳුනා ගැනීමට නොහැකි වුනේ.? තනිකරම නොසැලකිලිමත්කම... ගැබිනි අවස්ථාවේ පූර්ව ලක්ෂණ දැක්කත් නොදැක්කා වාගේ ඉන්න ඇති.... කුඩම්මනේ.
දැරියගේ අනාගතය ගැන සලකා ඇයට මානසිකව හිරිහැර නොකරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිමි. ඇයට ආරක්ෂාව හා සහයෝගය ලැබේවා! දෙමව්පියනට හෝ ඇයට වරද පැටවීමෙන් ප්‍රශ්න විසදිය හැකිද?
මෙතන අදහස් දක්වන බොහෝ දෙනෙක් දැරියගේ වරද හෝ දෙමාපියන්ගේ වරද හෝ පාසලේ වරද හෝ යහ පාලනයේ වරද දකිනවා මිස මේ අපරාධය කරපු මිනිහගේ වරද දකින්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
2006 මම සවුත් ඇෆ්රික ඉන්න කාලේ මේ වගේ දේවල් (පාසල් දැරියන් ගැබ් ගැනීම) හරි සුලභයි ඒ දවස්වල අපි හිතුව ඒ අතින් ලංකාව කොයිතරම් ශිෂ්ට ද අපේ සංස්කෘතිය කොයිතරම් හොදද කියල. එත් මේ පුංචි කාලෙට ඒ සිතුවිල්ල සම්පුර්ණයෙන්ම කණපිට නේ. මේවට ටෙලිවිසන් මාද්‍ය සම්පුර්ණයෙන් වග කියන්න ඕන පෙන්වන දේවල් ජනතාව අන්ද මන්ද කරවනවා. නෑදෑ කම් මිනිස් කම් අමතක කරවනවා. රටකරවන රජය මේ ගැන දැඩි අවධානය යොමු කල යුතුයි.
අපේ රට තරම් නෑදෑයන්ව දෙවියන්ගේ තත්වයට දමා විශ්වාස කරන තවත් රටක් නැතිව ඇති. විවාහක අක්කාගේ ගෙදර උදව්වට කියා යවන අවිවාහක නැගණියගේ පටන්, මාමලාගේ ගෙවල් වලට සෙල්ලම් කරන්න යන දැරිය දක්වාම අතවරයට පත්වෙනවා. හේතුව අපේ ජාතියේ අම්මලා දැන් අම්මලා නොව, තරුණ මදය ඉහටගහපු, අඩු වයසින් දරුවන් ඇති කරගත් තත්වයට පත් කාන්තාවන් වීමය. ඉතින් ලාබාල දැරියෝද ඔවුන්ගේ පාරේම යති. මම නම් මේවාට පිරිමින්ට පමණක් ඇඟිල්ල දික් කරන්නේ නැත. හේතුව මේ රටේ අම්මලා සමහරු තමන් අම්මාගේ භූමිකාව වත් නොදැන අම්මලා බවට පත්ව සිටින නිසාය. තමන්ගේ දියණිය ආරක්ෂා කරගන්න බැරි, ඇය ගැන වගේ වගක් නැති වූ අම්මා ගෙදර හිටියා විය නොහැක.
ලිංගික අධ්‍යාපනය පාසැල තුළදී ලබා දෙනවාට, විරුද්ධ වෙන, සංස්කෘතිය කරපින්නාගත් උම්මන්තකයින් කුඩා දරුවෙකු, ගැබ්බර කුසක් සහිතව දැකීමෙන් සංවේදී, වෙනවාට වඩා, මෙවැනි දේවල් වැළැක්වීමට ගන්න පියවර වලට සහයෝගය දැක්වීම වඩා වැදගත් වෙනවා. අවාසනාවට අපේ රටේ මාධ්‍ය, සමාජ පෙර ගමන් කරුවන් වෙනවා වෙනුවට, සමාජයට පසුපසින් සිට මෙවැනි සිද්ධි පල කිරීමෙන් කිසිවෙකුට හෝ පලක් නැත. සිදුවෙන එකම දෙය තමන් සුද්ධවන්තයින් යයි සිතා අනෙකාට බැන වදිමින් සමාජයම ප්‍රකොපකාරීත්වයට පත් කිරීම පමණයි.
" දියණිය මෙන් හිටිය මේ සුරතල් දරුවා " " නරුම කෙනෙකු මේ අපරාධය කෙරුවා " " අම්මා පල්ල දෙන්නට දඬුවම් නැතුවා " " සිපිරිගෙයට පන්නමු මේ මිසදිටුවා "
මම දකින්නේ මේ ප්‍රශ්නය වෙනස් විදියට... ලංකාවේ ලිංගික අධ්‍යාපනය හරිම පහත් මට්ටමක තියෙන්නේ. වෙනත් බොහෝ රටවල් වල පොඩි වයසේ (අවුරුදු 10) ඉඳන් ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් වීම කියලා දෙනවා. ඕවාගැන මීට වඩා සොයා බලා සුදුසු පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න කාලේ හොඳටම ඇවිල්ල තියෙන්නේ...
කියන්නට කණගාටුයි, නෑදෑයින් විශ්වාස කර, පොඩි ගැහැණු ළමයි ගෙවල්වල තනිකර, මැද පෙරදිග යන අම්මලාගේ දියණිවරුන් කොපමණ ප්‍රමාණයක්, සමීපතයන් අතින් මෙසේ වෙනවා ඇද්ද? බොහෝ සිද්ධීන් මාධ්‍යයට ආවරණය නොවනවාත් ඇති. මා දන්නා පවුලක මැදපෙරදිග ගිය අම්මා කෙනෙකුගේ ලාබාල දියණියට දරුවෙක් ලැබුනේත් එහෙමයි. ඉපදුන දරුවාට වෙච්ච දෙයක් නැහැ. අම්මලා ළඟ නැති, නිසි ආරක්ෂාවක්, හව්හරණයක් නැති ළමයි, මෙවැනි පිරිමින්ගේ ගොදුරක් වෙන එක අහන්නත් දෙයක්ද?
තංගල්ලෙනෙ. පුදුම වෙන්න දෙයක් නෑ. හිටපු ලොක්කගෙ ගෝලයෙක් සෙන්චරියක් ගහල පාටියක් දුන්නෙත් ඔය පැත්තෙනෙ.
මෙම සිදුවීමත් තව ටික දිනකින්,... වෙබ් අඩවිවලයි. පුවත්පත් වලයි... මෙය සිද්ධ වූ අාකාරය මුල සිට අග දක්වා රසවත් කර අතිශෝක්තියකින් පල කරාවි. එය සංකල්ප රූප මවමින් රසවිඳින අයද සිටියි. එවිට ඔවුන් හැදෙනවට වඩා තමන්ද මෙවැන්නක් කරීමට පොටක් සොයයි. මෙය තමා අැත්ත... සමහර මිනිසුන් ඉතාමත් විකෘතියි. මේවා සිදු කරන්නේද දඬුවම් ලැබෙන බව දැන දැනය. ලිංගික අධ්‍යාපනය පමණක් නොවේ... හැම අංශයක්ම මීට එරෙහිව වගකීමෙන් කටයුතු කළ යුතුයි. මත්උවදුර පිළිබඳ පාසල තුල අධ්‍යාපනය ලබා දුන්නට කෝ වැඩක් තියනවද? ඔය යසඅගේට 10 වසරේ කොල්ලොත් වෙන මොකුත්ම නැත්නම් දිව යට දුම්කොළ හරි තියන්නේ. කෙතරම් භයානකද?
ඉගෙනගන්න... ඉගෙනගන්නේ මොනවාද? ඉගෙනගන්නේ කෙසේද? අමරශක්ති නම් මහරජුට දාව උපන් මුග්ධ වූ බහුශක්ති, උග්‍රශක්ති, අනන්තශක්ති යන කුමරුන් තිදෙනාට ශාස්ත්‍ර ඉගැන්වීමට විෂ්ණු ෂර්මන් පඬිවරයා ලියු පංච තන්ත්‍රයෙන් අප පටන් ගත යුතුය. ලිංගික අධ්‍යාපනය ඉගැන්වීම සංකෘතික මුගුරෙන් තලා පෙලා යටපත් ඇති නිසාය. හෝමෝන, මොළය සහ චර්යාවන් පිරිමි සහ ගැහැණු මොලයේ ඇති කරන චලනයන් සත්‍ය සහ ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් අප දරුවන්ට ඉගැන්විය යුත්තේ එම ක්‍රියාකාරිත්වයේ ස්වභාවයයි. අවුරුදු 13 ක ළදැරියක් ගැබිනියක් බවට පත්වීමේ පාපය ඇය වෙත පැවරීම කිසිසේත් සුදුසු නොවේ. මිදුලට විවර වූ කුඩා ඍජුකෝණාශ්‍රකාර ජනේලයක වපසරිය තුලද අනාරක්ෂිත, හුදකලා වූ කුසගින්නෙන් පෙලෙන , ගොදුරු සොයන මහලු දඩයක්කාරයින් සිටින බිමක අහිංසකයකුගේ ඉරණම තීරණය කරන්නේ අයට අවාසනාව, අපවාදය, ත්‍යාගයක් ලෙස පිරිනමමිනි.